(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වීමට නියමිතය .
විවාදය එම දින දෙකේදීම දවස පුරා පැවැත්වේ.
පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම අනිද්දා(20)පස්වරු 4:30 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වරයා පාර්ලිමේන්තුවට අද (18)දැනුම් දුන්නේය.
මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය දෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ (17) ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි නම් ආයේ මොනවද විවාද කරන්නේ? පටහැනි ඒවා ඉවත් කරලා ඉතිරි ඒවා සම්මත කරන්නද දන්නේ නැහැ. මේ අවුරුද්දෙත් වෙසක් පිංකම ගෙදරටම වෙලා සමරන්න සිද්ද වෙලා තියෙන එකේ ලබන සතියේ සඳුදා සහ අඟහරුවාදා නිවාඩු දින ලෙසට ගැසට් කරලා තියෙන්නේ මේවා ගැන ප්‍රශ්න කරන්න කවුරුහරි උසාවි යන එක නවත්වන්න වත්ද?
කාගෙවත් සහාය මොකටද? අන්තිමට හැමදේම සිද්ද වෙන්නේ පවුල් පාලනේ උදවියට ඕනෑ විදියටනේ....?