කොළඹ මැරතන් තරගය (පිරිමි) ජය ගැනීමට කෙන්යානු ක‍්‍රීඩක ටොම් බර්ඩන් ජෙෆ්රි සමත්විය. එහිදී ශ්‍රී ලංකාවේ ප‍්‍රකට මැරතන් ශූරයකු වන අජිත් බණ්ඩාරට දෙවැනි ස්ථානයෙන් සෑහිමට පත්වීමට සිදුවිය.
ලංකා ස්පෝර්ට් රයිසන් (එල්.එස්.ආර්) ආයතනය 12 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගය කොළඹ නිදහස් චතුරස‍්‍රය ඉදිරිපිටින් ඊයේ (7) පෙරවරුවේ ආරම්භ වු අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 3400 ක් පමණ විවෘත, අර්ධ, ප‍්‍රවීන හා විනෝද යන කාණ්ඩ හතරක් යටතේ තරග කළහ.
කිලෝමීටර 42.195 ක දුරකින් සමන්විත සමස්ත තරගය මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් විය.
දුර ධාවන ඉසව්වලට උපන් හපන්කම් ඇති කෙන්යානු කී‍්‍රඩකයන් පිරිසක් මෙවරත් තරගයට සහභාගි වුහ. එහිදී ජෙෆ්රි, පැය 2යි. විනාඩි 26.40. ක කාලයකින් තරගය නිමකර සමස්ත ශූරතාව දිනාගත්තේය. ජෙෆ්රි, පසුගිය වසරේදීත් පිරිමි තරගය ජයගත් ක‍්‍රීඩකයාවේ.
සිවු වරක් කොළඹ මැරතන් තරගය ජයගත් යුද හමුදාවේ අජිත් බණ්ඩාර මෙවර තරගය පැය 2යි. විනාඩි 28.00. ක කාලයකින් නිම කළේය. කෙන්යානු ක‍්‍රීඩක කිප්රොප් ජෝන් සැමොයි පැය 2 යි. විනාඩි 36. 45 කින් තරගය නිමකර තෙවැනි ස්ථානය ලැබීය.
ජාතික මැරතන් ශූරියක වන රුවිනි දීපානී, කාන්තා ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට සමත් වූවාය. විවෘත කාන්තා ශූරිය වූ ගුවන් හමුදාවේ රුවිනි දීපානි පැය 2 යි විනාඩි 55.47 ක කාලයකින් තරගය නිම කළාය. නාවික හමුදාවේ බී.වී.ත‍්‍රිෂාන්තිනී පැය 3 යි. විනාඩි 04.52 කින් තරගය නිම කරමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර නාවික හමුදාවේම ක‍්‍රීඩිකා එච්.එම්.හර්ෂමාලි ගුණරත්න (පැය 3 යි. විනාඩි 11.15) තුන්වැනි ස්ථානය ද දිනා ගත්තාය.
විවෘත මැරතන් තරගය ජය ගත් කෙන්යානු ක‍්‍රීඩක ජෙෆ්රිට හා ශූරිය වු දීපානිට ඩොලර් 2500 ක් (රුපියල් 275,000) සමග ගුවන් ප‍්‍රවේශපත් දෙකක් පිරිනැමිණ.
මෙවර තරගයට කෙන්යාව, ඉතියෝපියාව, ජපානය, ප‍්‍රංශය, ඉතාලිය, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, ඇමරිකාව, පින්ලන්තය, ජර්මනිය, එංගලන්තය සහ තායිලන්තය ආදී රටවල්වලින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 75 කට වැඩි පිරිසක් සහභාගිවුහ.
ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලිය ඇතුළු අන්තර්ජාතික තරගාවලි ඉලක්ක කරමින් මැරතන් ජාතික සංචිතයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීම තේරීම් තරගාවලියක් ලෙස මෙවර කොළඹ මැරතන් තරගය සංවිධානය කෙරිණ.
තරගය ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ අධීක්‍ෂණයෙන් පැවැත්විණ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදක්කම් ගෙදර හදපුවා (ස)
පළමු ස්ථානය දිනපු එක්කෙනගේත් ඡායරුපයක් දැම්මනම් නරකද ??(ස)
අපිට ඉතිං කොහොමත් දෙවැනි තැනනේ හිමිවෙන්නේ. (නි)
පදක්කම් තුනේම පාට ලෝකඩ වගේ (ස)
අජිත් සිංදු කියන්නකෝ (ස)
මොනවා කරන්නද? ලද දෙයින් සතුටු වෙමු. (නි)
සුබ පැතුම් අජිත් .(ස)