ගාලු මුවදොර මුහුදේ අක්කර 575ක් ගොඩකර කොළඹ වරාය සමීපයේ නව නගරයක් ඉදිකරන බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඇමෙරිකා ඩොලර් කෝටි 90 (රුපියල් කෝටි 11890කි) චීන ජාතික ආයෝජකයකු එහ මුදල ආයෝජනය කරන බව ඇමැති කියයි. ඔක්තෝබර්යේ ඉදිකිරීම් අරඹා මාස 39කින් වැඩ නිම කිරීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ අලුතින් නගරයක් හදනවට වැඩිය තියෙන කොළඹ නගරය තව දියුණු කළොත් නරකද? (නි)
මෙයා කොණ්ඩෙ කපල ඉන්න කෙනෙක්ද?(නු)
මෙහෙම යනකොට ලංකාවත් පුංචි චීනයක් වෙයි. (නි)
ම්... ගාලුමුවදොර එහෙනම් විකුණල ඉවර ඇති.. නියමයි ලෝක සිතියමේ රටේ හැඩයත් වෙනස් කරන්න වෙයි නියමයි..!! (නු)
මෙන්න නියම සල්ලිකාරයෝ කවුරු වුණත් කමක් නෑ ලංකාව දියුණු කරනවානම් (අ)
තට්ටු ගනන් උස ගොඩනැගිලි හැදුවටවත්, රට පුරා පාරවල් හැදුවටවත් රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. රටක් දියුණු වෙන්න නම් හැම මිනිහෙක්ම මහන්සි වෙලා වැඩකරන්න ඕනේ. ලංකාවේ මිනිසුන් මහන්සි වෙලා වැඩ කළොත් ලෝකේ පුරාම ඉන්න ආයෝජකයන් ලංකාවට එයි. එතකොට ඉබේටම ලංකාව දියුණු වෙයි.හැම රටක්ම දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. ගොඩනැගිලි හදලා දියුණු වුණු රටවල් කොහෙවත් නැහැ. දියුණු වුණහම ඉබේම ගොඩනැගිලි හැදේවි. (නි)
ලංකාවත් තව වැඩි දවසක් යන්න කලින් චීනේ ප්‍රාන්තයක් වෙයි වගේ. (නි)
කොහොම හරි වියදම් හොයා ගන්නත් එපායැ?? (නි)
මේ ලිපියට පළ කරල තියෙන ප්‍රතිචාර වලින් පෙනෙන්නෙ ලංකාවේ මිනිස්සු ඉන්නේ කොහෙද කියල. රටේ ලෝකේ දියුණු වෙලා තියෙන්නේ නව හඳුන්වා දීම් සහ අදහස්වලින්. ඩුබායි රටේ ඉඩ මදිනිසාද මුහුද ගොඩකරල හෝටල හැදුවේ. සහෝදරවරුනි අලුත් අදහස් එක්කල රට දියුණු විය යුතුයි. (අ)
කැලණි ගංගාව දෙපසත් හංවැල්ල දක්වා සංචාරක කලාපයක් හදන්න (අ)
මංජුල අබු -ඩාබි (දී)
මම නම් කැමති වැඩේට . හම්බන්තොටින් අඩු උන ප්‍රමාණය කොහොම හරි අල්ලන්න ඕන (දී)
හොද අදහසක් විදේශ විනිමය ලංකාවට ගෙන ඒමට මගක් (දී)
මේකේ අදායම ලංකාවටද චීනෙටද (දී)
ඒක ලංකාවට අයිති ඉඩමක් නොවේද. චීනෙට විකුනලද (දී)
ඒ පාර වීන්නුන් බෝ කරන්නද හදන්නේ? (නි)
මාස 39කින්? කතාවෙන්ම හිතා ගන්න පුලුවන් අනෙක් හරිය. (නි)
ටවන රටකට ගිහින් බැලුවොත් තේරෙයි ලංකාව අද ඉන්නේ කොතනද කියලා. මම නම් මේ වැඩේට කැමතියි. (නි)
එක දෙයක් කියන්න ඕනේ. මේ වැඩ කෙසේ වෙතත් මිනිස්සු කන්නේ බොන්නේ නම් හරිම අමාරුවෙන්. (නි)
පුදුම වැඩක්නේ මේක .චීනේ පුදුමේ විදියටනේ ලංකාව දියුණු කරන්න හදන්නේ.......(ස)
මේක පුදුම වැඩකනේ. චීනේ පුදුම විදියටනේ ලංකාව දියුණු කරන්න උත්සාහ කරන්නේ. (නි)
ඔයා හරි ගයාන්, අපි චීනෙට ණය වෙන්න වෙන්න මේ රටේ ජීවන වියදම ඉහළ යන එක ගැන කවුරුවත් හිතන්නේ නැහැ. (නි)
අනාගතේ අපේ දරුවෙක් මල්ලෙක් ගේ කෑල්ලක් හදාගන්න කලු ගලුත් පිටරටින් ගෙන්න ගන්නෙ නැතෑ. අපේ මොකෝ. නේද? (නි)
ඩොලර් කෝටි 90 ම මේකේ වියදමද ?? නැත්නම්............(ස)
එච්චරයි අඩු....(ස)
කවුද දන්නේ නැහැ මේ චීන ජාතිකයා. චීන මිනිස්සු නිකම් ඕව කරන්නේ නැති බව කියන්න ඕන නැහැ නේ. (ස)
නියමෙට තියෙයි...... ගෙඩිය පිටින්ම වික්කනම් හරි...(ස)
මේක ඉතාම අගය කරන්න ඕන වැඩක්.. අමාරු උනත් කළ හැකි හොද වැඩක්..කීයක් ගියත්.. පිටකොටුව, කොටුව තදබදයටත් හොද විසදුමක්..(නු)
මේක ඉන්දියන් කාරයෙක් භාර නොගත්ත එක නම් රටේ වාසනාව. (නි)
එච්චරයි අඩු...(ස)
අමාරු උනත් කළ හැකි හොද වැඩක්.මේක ඉතාම අගය කරන්න ඕන(වි)
ඉතාම හොද සංකල්පයක්..!(නු)
දෙයියින්ගේ පිහිටෙන් තව හෝටලයක් දා ගන්න පුලුවන්. (නි)
වරායෙ ගලක් නැහැ කියලා පාඩු ලබනවා වගේ වැඩක් වෙයිද දන්නෙ නැහැ..?
කාටත් නොතේරන කතාව රට කොටියාගෙන් බේරාගෙන.. මකරාට කන්ඩ දෙන එක. කොටස කොටස වික්කම මිනිසුන්ට ඉඳ හිටින්ඩ තැනක් නැති වේවි. දැනටමත් අක්කරගණන් ඉඩම් සුද්දෝ අරගෙන. නිදහස් සටනකට කාලයයි මේ.(වි)
ලංකාවේ ඒතරම් ඉඩම් අඩු ප්‍රශ්ණයක් තියෙනවාද මුහුද ගොඩකරන්න?(නු)
අය්යෝ සල්ලි ....(නු)
මේක කියවල 10%. 20%. කෑලි මතක් උනා.. මට කලන්තෙ වගේ...(නු)
නියම වැඩක් කරගෙන යන්න..(නු)
නියමයි.. මෙතන ලොකු පාර්ලිමේන්තුවක් හදලා ඇමති මණ්ඩලය වැඩි කරලා මුළු ලංකාවටම හොදට සේවය කරන්න වාසනාව ලැබේවා....!! (නු)
මෙම ව්‍යාපෘතියට අපගේ සුභ පැතුම්.. නමුත් සල්ලි ගෙවලා ඇතුල් වෙන්න වෙයිද දන්නෙ නැහැ.. දකුණු අධිවේගී මාර්ගය වගේ...(නු)
ඉතාම හොදයි..!! (නු)
යෝජනාව ගේන්නත් කළින් විකුණල ඉවරයි.. අනේ මගෙ රටට යන කළ....(නු)
තියෙන කොළඹ නගරය හදා ගන්න බැිව මොකටද මේ අලුත් නගරය.... (නු)
ආශ්චර්යමත් රටක් වෙන්න නම් මෙවන් දේ ඉදිකළ යුතුයි.. රට මේ තුලින් දියුණු වෙයි.. සිංගප්පූරැව වගේ ලස්සන නගරයක් උනොත් ඇත්තටම සතුටුයි..!!(නු)
ආනේ මට දැන්නෙ තේරුණේ වැඩේ.. මෙතුවක් කල් ලංකාව දියුණුකරන්න බැරි උනේ ලංකාවෙ ඉඩ මදි, ප්‍රේමනීය මදි නිසයි.. ඇත්තටම මේකෙන් මොකද්ද රටට වෙන යහපත..?(නු)
මේක සෑදීමෙන් රටට වෙන සෙත පොඩ්ඩක් පැහැදිළි කරන්න පුළුවංද?(නු)