(ඉන්දිකා රාමනායක)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා මැඩලීමට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මේ අනුව කොළඹ රිමාන්ඩ් මැගසීන්, වැලිකඩ කාන්තා අංශය, බන්ධනාගාර රෝහල් පරීශ්‍රය ඇතුළු අංශ ආවරණය වන පරීදි මෙම කැමරා සවිකිරීම සිදුකරන බව ද ඒ මහතා කියා සිටියේය.
අගෝස්තු මසයට ප්‍රථම මෙම කටයුතු අවසන් කිරීමට නියමිත බව ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් බන්ධනාගාරවල අපරාධ වෙන්නේ නැද්ද? සමහරුන්ට ලැබෙන චීන ආපනශාලාවල රස මසවුළු සහ රට බීම හිරගෙදර ලොකු ලොක්කොත් එක්ක බෙදාහදාගෙන අනුභව කරනවා කියල කතාවක් ඇහෙනවා. ඒවා ඇත්තද බොරුද කියල හොයල බලන්න කාටවත් අවශ්‍යතාවයක් නැද්ද?
බොරු වැඩ හයිය තියන දේශපාලකයෝ දැක්කාම ඔය ඇස් ඉබේම වැහෙනවා කොල්ලෝ