(අකිල බද්දෙවිතාන)
කොළඹ නගරයේ දිනපතා පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ජන ජීවිතයට එල්ලවන බලපෑම් නැවැත්වීම සඳහා වෙනම නීති ගෙන ඒමට රජය තීරණය කර ඇත.
එම නීති සකස් කරන තුරු මහජනතාවට හිරිහැර වන ලෙස කොළඹ නගරයේ පැවැත්විය හැකි විරෝධතා සතියකට එකක් පමණක් පැවැත්වීමට හැකි ක්‍රමවේදයක් සැකසීමට ද අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි පවසයි.
එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමුවී මේ සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස කළ ඉල්ලීමට අනුව මෙසේ නව නීති ගෙන ඒමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් බෑනත් ජේආර් මාමගේ අඩිපාරෙම යන්න හදනවා වගේ
බොහොම හොද තීරණයක් .
ඒකනම් බොහොම හොඳ වැඩක්
වැඩක් කරගන්න කොටුව පිටකොටුව මරදාන ටවුන්හෝල් පළාතේ යන්න බැහැ. විරෝධතා. මේ යන විදියට අපකීර්තියට පත්වන්නේ රට. රජය පමණක් නොමේ. විදේශවල මෙතරම් නිවාඩු නැත. වැඩකරන දින ටිකත් විරෝධතා . අනාගත පරපුරට වන්නේ විරෝධතා එක්ක ජිවත්වන්න. වැඩ කරන්න කන්න බොන්න අදින්න විවාහ වෙන්න දරුමල්ලෝ හදන්න කොටින්ම කියතොත් මැරෙන්නත් විරෝධතා තියෙයි.
ලෝකයේ කොහේවත් නෑ මේ වගේ පාරවල් අවහිර කරලා කරන උද්ඝෝෂණ කීප දෙනෙක් ගේ ප්‍රශ්නවලට මුළු සමාජයම පව් ගෙවන්න වෙනවා
ඉතාම හොඳ ක්‍රියාවලියක් කිසිම අයෙකුට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට හෝ වට රවුම් වල උද්ඝෝෂණ කිරීමට නොහැකි ලෙස නීතිය තද කරන්න. එසේ කරන අයට තද දඩුවම් දෙන්න. අනවශ්‍ය පාද චාරිකා පෙළපාලි යාමද තහනම් කරන්න. සාමාන්‍ය ජනයාට තමන්ගේ එදිනෙදා කටයුතු කර ගන්න ඉඩ දෙන්න
මෙතරම් උද්ඝෝෂණ මතුවී ඇත්තේ රජයේ වැරදි නිසා බව මේ මෝඩ පාලකයන්ට තේරෙන්නෙ නැති බව පෙනේ .මෙසේ නීති පැණවීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය
කැකිල්ලේ ක්‍රම ..... උද්ගෝෂණ වලට හේතුවන ප්‍රශ්න උද්ගෝෂණ වලට කලින් විසදුවානම් වැඩේ ඉවරයි.
ඕකට තමයි කියන්නේ " අතීසාරයට අමුඩ ගන්න වගේ " කියලා
නියපොත්තෙන් කඩන්න තිබෙන දේඒ වෙලාවේ නොකලොත් පොරොවෙන් කපන්න වෙනවා කියන්නේ ඕකට තමයි.
මෙය ඉතාමත් කරදරයක් පාරවල් බ්ලොක් කරන්නේ නෙතිව ඕනෑම දෙයක් ආණ්ඩුව ප්‍රශ්න විසදුවනම් හොදයි එහම නැහැ කියල මිනිසුන්ට වද දෙන්න හොද නැහැ