ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 97 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලියේදී (2012) නෙත්මි වඩුගේ ත‍්‍රිත්ව ශූරතා දිනා ගත්තාය. එහිදී නෙත්මි, කනිෂ්ඨ අංශයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ද වුවාය. තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනේෂ්කාන්තන් තන්ගරාජ් ද, කාන්තා ශූරතාව සංකරි ත්‍යයකරන් ද දිනා ගැනීමට සමත්වුහ.
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පසුගියදා නිමා වු මෙම තරගාවලිය ‘ඒ’ ශ්‍රේණියේ ශ්‍රේණිගත තරගාවලියකි.
නෙත්මි වඩුගේ, 16 න් පහළ, 14 න් පහළ සහ 14 න් පහළ යුගල (බාලිකා) ඉසව්වලදී ශූරතා දිනා ගත්තාය. කනිෂ්ඨ ඉසව්වලට අමතරව කාන්තා යුගල ඉසව්වේ අනුශූරතාව හිමිකර ගත් නෙත්මි, කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටය දක්වා එමින් දස්කම් දැක්වුවාය.
පිරිමි කේවළ ඉසව්වේ ශූරයා දිනේෂ්කාන්තන් තන්ගරාජ් මෙන්ම ප‍්‍රවීණ ක‍්‍රීඩක රජිව් රාජපක්‍ෂ ද ද්විත්ව ශූරතා ලැබුහ.


1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විශිෂ්ඨයි. ඉදිරියටම කරගෙන යන්න. (නි)