ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 97 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලියේදී (2012) නෙත්මි වඩුගේ ත‍්‍රිත්ව ශූරතා දිනා ගත්තාය. එහිදී නෙත්මි, කනිෂ්ඨ අංශයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ද වුවාය. තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනේෂ්කාන්තන් තන්ගරාජ් ද, කාන්තා ශූරතාව සංකරි ත්‍යයකරන් ද දිනා ගැනීමට සමත්වුහ.
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පසුගියදා නිමා වු මෙම තරගාවලිය ‘ඒ’ ශ්‍රේණියේ ශ්‍රේණිගත තරගාවලියකි.
නෙත්මි වඩුගේ, 16 න් පහළ, 14 න් පහළ සහ 14 න් පහළ යුගල (බාලිකා) ඉසව්වලදී ශූරතා දිනා ගත්තාය. කනිෂ්ඨ ඉසව්වලට අමතරව කාන්තා යුගල ඉසව්වේ අනුශූරතාව හිමිකර ගත් නෙත්මි, කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටය දක්වා එමින් දස්කම් දැක්වුවාය.
පිරිමි කේවළ ඉසව්වේ ශූරයා දිනේෂ්කාන්තන් තන්ගරාජ් මෙන්ම ප‍්‍රවීණ ක‍්‍රීඩක රජිව් රාජපක්‍ෂ ද ද්විත්ව ශූරතා ලැබුහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොළඹ ටෙනිස් ශූරතාවලියේදී නෙත්මි වඩුගේ ත‍්‍රිත්ව ශූරතා දිනයි
කමල් Thursday, 02 August 2012 09:18 AM
මේක විශිෂ්ඨයි. ඉදිරියටම කරගෙන යන්න. (නි)