රුපියල් කෝටි 40කට ආසන්න ගිනි නිවන රථ 11ක් හා ගිනි නිවන උපකරණ තොගයක් ජපාන රජය කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට අද (27) බාරදුන්නේය.
නාගරික කොමසාරිස් වී.කේ.අනුර මහතා එම ගිනි රථ බාරගත්තේය.
ජපාන - ශ්‍රී ලංකා ආර්ථික හුවමාරු සංගමය මෙම කාර්යයට මුල් විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජපන් පින්වතුනේ. ඔබලාට හොඳ ට සැළකු පරාජිත වීරයාගේ ගෙවල් පැත්තටත් ගිනි නිවන වාහන දෙක තුනක් යවන්න. හිරභාරය ගන්න යනවා කියන භිතියෙන්ම පවුලේ සියල්ලන්ගේම සියොලඟම ගිනි අරන්. (නදී)
ඔව් ජපන් රටෙන් ඉතා හොද ආදර්ශ ලබා ගන්න පුළුවන්. හැබැයි ලොව මරන්න තහනම් කර තිබෙන ඩොල්පින් කියන මත්සයා නීතියට පයින් ගසා පිස්සුවෙන් වගේ කරන සංහාරය දකින විට ලොකු කලකිරීමක් එනවා (නදී)
දැන් රටේ තැන තැන හටගන්නා ගිනි නිවීම සඳහා ලැබුන මේ ගිනි රථ මදි වෙන්නත් පුළුවන්. (ත)
මේ වාහන නිසි විදියට නඩත්තු කරන්න.නැත්නම් ඉතින් අවුරුදු පහකින් විතර ගර්භිත තත්වයට පත් වෙවී.(ම)
අපේ පාරවල්වල හැටියට ඔය තඩි වාහන එනකොට තදබදයක් නොවී තිබුනොත් තමා ඕවයේ උපරිමය ගන්න පුළුවන් වෙන්නේ. (කේ)
කවදද අපි අපිටම කියල දේවල් තමන්ගේම රටේ සල්ලි වලින් මිලදී ගන්නේ. කට අැරගෙන ආධාර එනකල් මුහුද දිහා බලාගෙන ඉන්නේ නැතිව. (ස)
මෙවැනි වටිනා වාහන අපිට ලැබුන එක සතුටක් ..(අ)
අනේ දුප්පත් අපිට පිහිට වෙන ජපානයට පිං සිදුවේවා, ස්වභාවික විපත්වලින් මිදේවා.(හේ)
ජපානය කියන්නේ එළකිරි රටක් නේ ...කලොත් කරන්නෙම උදවුවක් තමයි ..වෙන රටවල් වගේ අපේ රටේ සාරය උරාගන්න වැඩ කරන්නේ නැහැ .(කේ)
ජපානේ කියන්නේ අපේ දකුණු අත කොහොමත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් රටේ තියෙනකොට ජපානේ උදවු කරනවා ජේ ආර් තියන සැලකිල්ල අඩුවක් නැහැ (නදී)