කොළඹ නගරයේ ප්‍රධාන ස්ථානයක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව එහි දෙපැයකට ආසන්න කාලයක් සෝදිසි කළ නමුත් නීති විරෝධී කිසිවක් සොයා ගත නොහැකි වූ බව පොලිසිය කියයි.
ජනපතිවරණයට සම්බන්ධ බව කියන ලියවිලි තොගයක් එහි ඇතැයි දුරකතන ඇමතුමකින් දුන් තොරතුරක් අනුව මේ සෝදිසිය සිදු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, දොස්තර රාජිත සේනාරත්න, රවී කරුණානායක, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න මහත්වරු ඇතුළු පිරිසක් ද සෝදිසියට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි. එහෙම තමයි මේ වෙලාවේ කරන්න ඕනෑ (නි)
ජගත්ගේ අදහසට මගේ ආචාරය! (නි)
දැන්මම පොලිසයේ වැඩ මෙයාලා පටන්ගෙන වගේ. (නි)
ඇයි මෙයාලා මෙච්චරටම බයවෙලා.... (නි)
මේ පාර නියම ජනතා ජය පැහැදිලියි (නි)
අනිද්දා වෙද්දී ප්‍රවේශමෙන් ඉන්න (නි)
දැන් සමහරුන්ට නම් පිස්සුව හැදීගෙන එනවා වගෙයි හැසිරෙන්නේ (නි)
මේ හදන්නේ කුමක් කරන්නද? (නි)
නවීන් කියන්නේ මෙයාලව මෙතනට ගෙන්වාගන්නේ නැතුව මේක පරික්ෂා කරන්න කවුරු ගෙන්වන්න කියලද? (නි)
මේ ගොල්ලෝ කොහොමත් මෙහෙමනේ වැඩක් කරන්නේ.වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. තමන් කරන්නෙත් නැහැ. (නි)
බලය තිබුණ කාලෙත් ඔය වගේ උනන්දු වුනනානම් කොච්චර හොදද.? (ර)
ඔය කට්ටිය දැන්වත් ඇත්ත තේරුම්ගනීද? (නි)
මන්ත්‍රීවරුන් දැන්මම පොලිසියේ වැඩ බාරගෙන වගේ. දිනුවොත් එහෙම කොහොම තියෙයිද? (නි)
තමන් හරි දෙයක් කරනනා නම් බයවෙන්නේ මොකටද? (නි)
මදෑ කරගත්ත දේ? (නි)
අපි නොදන්නා ලයිව්! එක මහත්තයෙක් නම් එක එක ගළවපු දත් පාර පුරා වැටිලා වගේ හොයන්නේ.අනිද්දාට කියන බයිලා වල තනු දැන්මම සකසනවා වගෙයි (නි)
නියමයි. ඔන්න ඔහොමයි සංවේදීව ඉන්න ඕනෑ (නි)
මහජනතාවට රටට වැඩ කළා නම් ජනතාවගේ පැහැදීම තියනවා නම් ඇයි ඕනෑවට වඩා මහන්සි වෙන්නේ කවුරු වුණත්? (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
බොරුවට කලබල වෙන්න එපා. (නි)
මිනිසුන් වෙනුවෙන් කියලා ගිරිය කැඩෙනකන් කෑගහන සමහරු ළඟ මනුස්සකම ගෑවිලාවත් නැහැ.තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් විතරමයි දඟලන්නේ. (නි)
දැනටම බයවෙලාද? අද නින්ද යන්නෙත් නැතිවෙයි. ඇත්තටම මෙච්චර මහන්සි වෙන්නේ අපි වෙනුවෙන්ද? (නි)
මොකටද මේ බොරු ඔත්තු දෙන්නේ? (නි)
වැඩක් වුණාද ඉතින්? (නි)
පෙනෙන විදියට නම් අලුතින් ආණ්ඩුවක් ආවත් වෙනසක් නැහැ වගේ. පොලිසියේ වැඩ සාමාන්‍ය අය අතට ගන්න පුලුවන්ද? (නි)
දැන් කවුද මේකෙන් ලැජ්ජාවට පත්වුණේ? (නි)
අන්තිමට ඒ චෝදනාවත් පුස්සක් වුණා නේද? (නි)
මේ පාර නම් කොහොමටවත් හොර කරන්න බැහැ (නි)
අපරාදේ මේ අයගේ කාලය. (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
අලුත් යහපාලනයේදී මෙයාලා වෙන්න ඇති සමහරවිට පොලිසියේ රාජකාරිය බාරගන්නේ. කටකතා පතුරුවලා දිනන්න අමාරුයි (නි)
සමහරුන්ට දැන් පිස්සු හැදිලා වගේ ඇති තමන් කියපු කරපු බොරු ගැන? (නි)
ඇයි මේවා මැතිවරණ නීති කඩකිරීම් නෙමෙයිද? (නි)
හිරි වට්ටන්නේවත් නැතුව දත් ගළවන කට්ටියත් ඉන්නවා. එයාලා ගැන ප්‍රවේශමෙන් ඉන්න ඕනෑ (නි)
පටළවන්න තැනක් නැහැ වගේ දැන්නම් (නි)
මෙයාලද රට හදන්න එන්නේ? (නි)
සමහරු කළ කී දෑ අනුව නම් පිස්සු හැදෙනවා තමයි. (නි)
මේ සැරසෙන්නේ බොරු භීෂණයක් මැවීමටයද? ඉන් පසුව ඡන්දය දුෂිතයි කියයි. මේවා බොරු සෝබන වැඩ (නි)
වැඩේ වැරදුනා නේද? (නි)
හරියට නිකන් ස්කොට්ලන්ඩ්යාර්ඩ් එකේ කට්ටිය වගේනේ. අනේ මෙහෙමත් දේවල්! (නි)
ඇයි නවීන්, ඔත්තුවක් පිරික්සන එක රට හදන්න ප්‍රශ්නයක්ද? (නි)
ඔබට මතකද? අලිමංකඩ කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා ඒ කාලේ කිව්වා මතකද? (නි)
මෝඩ වැඩනේ. බලන්න ඉතින්, ඒකෙනුත් පරාදයි. (නි)
මේ අනෙක් අයත් පොලිසියේද? මේකත් නීතියට පටහැනියි නේද? සුමාන ගානක් ලංකාවේ ඉඳලා දැන් ආවේ ජීවත්වෙන රටට. අපි මෙහෙ කොටින්ට විරුද්ධ වුණත් ලංකාවේ සමහරු නම් එයාලට මහත්තයා කියලයි කිව්වේ. අපි මොන මෝඩයෝද කියලා හිතෙනවා (නි)
ඇයි දැන් කට්ටිය වියරුවෙන් කෑගහන්නේ? සෝදිසි කළාට ප්‍රශ්නයක් නැහැනේ. (නි)
මම නම් පිළිගන්න විදියට කුණු ළඟ ඇති අය තමා අනුන්ගේ කුණු හොයන්නේ (නි)
මෝඩ මිනිසුනේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාදයක් මේක. ඡන්දයට අදාළව සැකකටයුතු දෙයක් පොලිසියට දැන්වූවිට පොලිසියට පුළුවන් එයාලවත් එක්කගෙන යන්න. (නි)
පේනවා නේද මේ අයගේ තරම. බලයට ආවට පස්සේ කොයිතරම් බොරු කියයිද? (නි)