එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප පොරය වඩාත්ම උණුසුම් ලෙස දැනුණු දිස්ත්‍රික්කය වූයේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහි ඡන්දයට නාමයෝජනා ලබා ගැනීම පවා ඇතැම් පිරිසට දැඩි අසීරුවක් විය.
ඒ අනුව කොළඹ මනාප පොරයෙන් ප්‍රබල දේශපාලනඥයන්ටද පාර්ලිමේන්තු අසුන් අහිමි විය. දැවැන්ත බලකණු පවා සෙලවෙන දැඩි තරගයක් පැවැති කොළඹ දිස්ත්‍රික් ප්‍රතිඵල සටහනේ තේරී පත්වුණු අපේක්ෂකයෝ විශාල මනාප ප්‍රමාණයක් ලබාගත් අතර පරාජයට පත්වූවන්ගෙන්ද ඇතැම්හු වැඩි මනාප ප්‍රමාණයක් ලබා සිටියහ. නමුත් ඔවුන්ට පාර්ලිමේන්තු අසුනක් හිමි වූයේ නැත.
පාර්ලිමේන්තුව නියෝජනය කළ එමෙන්ම ඇමැති පදවි පවා දැරූ රෝසි සේනානායක, තිලංග සුමතිපාල, ගීතාංජන ගුණවර්ධන, චන්දන කත්‍රිආරච්චි, රෝහිත බෝගොල්ලාගම, ජයන්ත කැටගොඩ වැන්නවුන්ට මෙවර මනාප සටන ජයගැනීමට නොහැකි විය.
එජාපයෙන් විශාල බලාපොරොත්තු තබා සිටි ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු, මාධ්‍යවේදියකු හා ග්‍රන්ථ කතුවරයකුවූ උපුල් ශාන්ත සන්නස්ගලටද අසුනක් හිමිවූයේ නැත.
මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්වුණු අපේක්ෂකයෝ
එක්සත් ජාතික පක්ෂය - කොළඹ දිස්ත්‍රික්කය
රෝසි සේනානායක - 65320
මංජු ශ්‍රි අරංගල - 56359
ලෙනාඩ් කරුණාරත්න - 48273
උපුල් ශාන්ත සන්නස්ගල - 40194
ඒ.එස්.කුහවර්ධන් - 39293
නිරෝෂන් පාදුක්ක - 34175
ෆෙරෝසා ෆාතිමා මුසම්මිල් - 27033
ජයන්ත ද සිල්වා - 22892
සුනේත්‍රා රණසිංහ - 18860
උදාර රත්නායක - 13788
ශ්‍රීනාත් පෙරේරා - 12839
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ධනසිරි අමරතුංග - 33784
ජගත් කුමාර - 29702
කාන්ති කොඩිකාර - 27976
මහේෂ් අල්මේදා - 27888
ජනක වැලිවත්ත - 25118
තිලංග සුමතිපාල - 21810
ප්‍රසන්න සෝලංගආරච්චි - 17631
ගීතාංජන ගුණවර්ධන - 16490
මල්ෂා කුමාරතුංග - 16375
චන්දන කත්‍රිආරච්චි - 15399
රෝහිත බෝගොල්ලාගම - 8070
නල්ලයියා කුමාර කුරුපන් - 5158
ජයන්ත කැටගොඩ - 5120
වජිරා මාපලගම - 4689
සාවුල් හමීඩ් මොහොමඩ් - 3618
ජනතා විමුක්ති පෙරමුණ
කේ.ඩී.ලාල්කාන්ත - 54466
ලක්ෂ්මන් නිපුණආරච්චි - 12349
සුනිල් වටගල - 12332

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිප්, ඔබේ කතාව හරි. (නි)
ඇත්තෙන්ම ලාල් කාන්ත සහෝදරයා පරාද වීම ගැන කනගාටුයි. අනිත් අය දියවන්නාවට අවශ්‍ය නැත. සන්නස්ගලගේ බාල කතා වලට ජනතාව නිසි පිළිතුරු දී ඇත. (නදී)
රෝසි නේද කිව්වේ මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඔය හම්බුනේ අනිත් ජාතීන්ගෙන්. (බ)
කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනන හැටි ගොඩක් අය දන්නේ නැහැ (නදී)
අර එක් කෙනෙකුට නම් කවුද දන්නෙ නැහැ මේතරම්වත් ඡන්දෙ දුන්නේ? (නි)
නිවැරදි ජනතා තීන්දුවක් (නි)
සමහරු වහගෙන හිටපු කොටි පුල්ලි ජනතාව එහෙනම් දැකලා? (නි)
රෝසි නෝනාට තියෙන්නේ තමන් දන්නා දෙයක් හොඳින් කරගෙන යන එක. (නි)
රටට යහපතක් කිරීමේ අරමුණක් නැති අය දේශපාලනයට අවශය නැහැ (නි)
සුදුස්සන්ව පමණක් තේරූ ජනතාවට අපේ උපහාරය! (නි)
බොරැල්ල ජනතාවට මාගේ උපහාරය! (නි)
බොහොම හොඳ කට්ටියක් තේරිලා තියෙන්නේ (නි)
මේගොල්ලන්ගෙන් සමහරු අධිතක්සේරුවෙන් ඔලුව උදුම්මවාගෙන හිටියා. (නි)
ඇත්තටම මේ සියලු දෙනාම පරාජය කිරීම ගැන සතුටුවන අතර, ලාල් කාන්ත සහෝදරයා ගැන කනගාටුවෙමි, (ම)
ලාල්කාන්ත මහතා සහ හඳුන්නෙත්ති මහතා නැති එක නම් හරිම දුකයි. අවශ්‍යම නායකයන් (නි)
පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුම කෙනෙකුත් මෙතන ඉන්නවා. ඒ මංජු ශ්‍රී අරංගල. (ම)
දැන් ජනතාව මෝඩ නැහැ (නදී)
කොළඹින් සහ සන්ධානයෙන් නුසුදුස්සන් ගෙදර යැවීම ගැන මම කැස්බෑවේ ජනතාවට හා දෙහිවල ගල්කිස්ස ජනතාවට අපගේ ප්‍රණාමය පුදකරනවා. (නි)
අර පැරදුනු එක් කෙනෙකුට නම් හොඳම හොඳ වැඩේ (නි)
ජයගත් අයට උණුසුම් සුබ පැතුම්! (නි)
සමහර කට්ටිය පේන්න සීනුව හොළවලා වෙන පැත්තකට කතිරය ගැහුවා (නි)
දිනපු අයගෙනුත් පරදින්න ඕනෑ අය ඉන්නවා. ඒ අය කට තිබෙනවට නිකන් කෑ ගහනවා විතරයි. (නි)
හොඳ තේරීමක් (ම)
කොළඹ උණුසුම් කළ මනාප සටනේ පරාජිතයෝ (ම)
පුදුමයි. ඒත් ඇත්තයි. හැළියයුතු තව කීපදෙනෙක් ඇතුළුවෙලා. එම අයට මනාප දුන් අය දැන් පසුතැවෙනවා ඇති. එම අයට මින් ඉදිරියටවත් තම කතිරයේ වටිනාකම දැනේවා! (නි)