IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ උණුසුම් කළ මනාප සටනේ පරාජිතයෝ

එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප පොරය වඩාත්ම උණුසුම් ලෙස දැනුණු දිස්ත්‍රික්කය වූයේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහි ඡන්දයට නාමයෝජනා ලබා ගැනීම පවා ඇතැම් පිරිසට දැඩි අසීරුවක් විය.

ඒ අනුව කොළඹ මනාප පොරයෙන් ප්‍රබල දේශපාලනඥයන්ටද පාර්ලිමේන්තු අසුන් අහිමි විය. දැවැන්ත බලකණු පවා සෙලවෙන දැඩි තරගයක් පැවැති කොළඹ දිස්ත්‍රික් ප්‍රතිඵල සටහනේ තේරී පත්වුණු අපේක්ෂකයෝ විශාල මනාප ප්‍රමාණයක් ලබාගත් අතර පරාජයට පත්වූවන්ගෙන්ද ඇතැම්හු වැඩි මනාප ප්‍රමාණයක් ලබා සිටියහ. නමුත් ඔවුන්ට පාර්ලිමේන්තු අසුනක් හිමි වූයේ නැත.

පාර්ලිමේන්තුව නියෝජනය කළ එමෙන්ම ඇමැති පදවි පවා දැරූ රෝසි සේනානායක, තිලංග සුමතිපාල, ගීතාංජන ගුණවර්ධන, චන්දන කත්‍රිආරච්චි, රෝහිත බෝගොල්ලාගම, ජයන්ත කැටගොඩ වැන්නවුන්ට මෙවර මනාප සටන ජයගැනීමට නොහැකි විය.

එජාපයෙන් විශාල බලාපොරොත්තු තබා සිටි ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු, මාධ්‍යවේදියකු හා ග්‍රන්ථ කතුවරයකුවූ උපුල් ශාන්ත සන්නස්ගලටද අසුනක් හිමිවූයේ නැත.

මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්වුණු අපේක්ෂකයෝ

එක්සත් ජාතික පක්ෂය - කොළඹ දිස්ත්‍රික්කය

රෝසි සේනානායක - 65320

මංජු ශ්‍රි අරංගල - 56359

ලෙනාඩ් කරුණාරත්න - 48273

උපුල් ශාන්ත සන්නස්ගල - 40194

ඒ.එස්.කුහවර්ධන් - 39293

නිරෝෂන් පාදුක්ක - 34175

ෆෙරෝසා ෆාතිමා මුසම්මිල් - 27033

ජයන්ත ද සිල්වා - 22892

සුනේත්‍රා රණසිංහ - 18860

උදාර රත්නායක - 13788

ශ්‍රීනාත් පෙරේරා - 12839

එක්සත් ජනතා නිදහස් සන්ධානය

ධනසිරි අමරතුංග - 33784

ජගත් කුමාර - 29702

කාන්ති කොඩිකාර - 27976

මහේෂ් අල්මේදා - 27888

ජනක වැලිවත්ත - 25118

තිලංග සුමතිපාල - 21810

ප්‍රසන්න සෝලංගආරච්චි - 17631

ගීතාංජන ගුණවර්ධන - 16490

මල්ෂා කුමාරතුංග - 16375

චන්දන කත්‍රිආරච්චි - 15399

රෝහිත බෝගොල්ලාගම - 8070

නල්ලයියා කුමාර කුරුපන් - 5158

ජයන්ත කැටගොඩ - 5120

වජිරා මාපලගම - 4689

සාවුල් හමීඩ් මොහොමඩ් - 3618

ජනතා විමුක්ති පෙරමුණ

කේ.ඩී.ලාල්කාන්ත - 54466

ලක්ෂ්මන් නිපුණආරච්චි - 12349

සුනිල් වටගල - 12332

 



අදහස් (0)

කොළඹ උණුසුම් කළ මනාප සටනේ පරාජිතයෝ

නිමල් ලාලිත Wednesday, 19 August 2015 01:53 PM

දිලිප්, ඔබේ කතාව හරි. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 19 August 2015 02:04 PM

ඇත්තෙන්ම ලාල් කාන්ත සහෝදරයා පරාද වීම ගැන කනගාටුයි. අනිත් අය දියවන්නාවට අවශ්‍ය නැත. සන්නස්ගලගේ බාල කතා වලට ජනතාව නිසි පිළිතුරු දී ඇත. (නදී)

:       0       0

තිලකසිරි Thursday, 20 August 2015 03:25 PM

රෝසි නේද කිව්වේ මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඔය හම්බුනේ අනිත් ජාතීන්ගෙන්. (බ)

:       0       0

මනෝ Wednesday, 19 August 2015 02:10 PM

කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනන හැටි ගොඩක් අය දන්නේ නැහැ (නදී)

:       0       0

මුතූ Wednesday, 19 August 2015 09:56 AM

අර එක් කෙනෙකුට නම් කවුද දන්නෙ නැහැ මේතරම්වත් ඡන්දෙ දුන්නේ? (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 19 August 2015 02:24 PM

නිවැරදි ජනතා තීන්දුවක් (නි)

:       0       0

අසෝක හෙට්ටිආරච්චි Wednesday, 19 August 2015 10:07 AM

සමහරු වහගෙන හිටපු කොටි පුල්ලි ජනතාව එහෙනම් දැකලා? (නි)

:       0       0

අසංක Wednesday, 19 August 2015 10:11 AM

රෝසි නෝනාට තියෙන්නේ තමන් දන්නා දෙයක් හොඳින් කරගෙන යන එක. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 19 August 2015 10:12 AM

රටට යහපතක් කිරීමේ අරමුණක් නැති අය දේශපාලනයට අවශය නැහැ (නි)

:       0       0

ගීතිකා Wednesday, 19 August 2015 10:17 AM

සුදුස්සන්ව පමණක් ‍තේරූ ජනතාවට අපේ උපහාරය! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 19 August 2015 10:19 AM

බොරැල්ල ජනතාවට මාගේ උපහාරය! (නි)

:       0       0

ඉන්දසිරි Wednesday, 19 August 2015 10:26 AM

බොහොම හොඳ කට්ටියක් තේරිලා තියෙන්නේ (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 05:07 PM

මේගොල්ලන්ගෙන් සමහරු අධිතක්සේරුවෙන් ඔලුව උදුම්මවාගෙන හිටියා. (නි)

:       0       0

දිලිප් Wednesday, 19 August 2015 11:19 AM

ඇත්තටම මේ සියලු දෙනාම පරාජය කිරීම ගැන සතුටුවන අතර, ලාල් කාන්ත සහෝදරයා ගැන කනගාටුවෙමි, (ම)

:       0       0

බණ්ඩාර Wednesday, 19 August 2015 11:34 AM

ලාල්කාන්ත මහතා සහ හඳුන්නෙත්ති මහතා නැති එක නම් හරිම දුකයි. අවශ්‍යම නායකයන් (නි)

:       0       0

ශ්‍යාමලී ප්‍රේමචන්ද්‍ර Thursday, 20 August 2015 08:02 AM

පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුම කෙනෙකුත් මෙතන ඉන්නවා. ඒ මංජු ශ්‍රී අරංගල. (ම)

:       0       0

මොහොමඩ් Thursday, 20 August 2015 12:53 PM

දැන් ජනතාව මෝඩ නැහැ (නදී)

:       0       0

සත්‍යයා Thursday, 20 August 2015 01:23 AM

කොළඹින් සහ සන්ධානයෙන් නුසුදුස්සන් ගෙදර යැවීම ගැන මම කැස්බෑවේ ජනතාවට හා දෙහිවල ගල්කිස්ස ජනතාවට අපගේ ප්‍රණාමය පුදකරනවා. (නි)

:       0       0

මධූ Wednesday, 19 August 2015 12:18 PM

අර පැරදුනු එක් කෙනෙකුට නම් හොඳම හොඳ වැඩේ (නි)

:       0       0

ගජේන්ද්‍ර Wednesday, 19 August 2015 12:30 PM

ජයගත් අයට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

රජීව් Wednesday, 19 August 2015 12:43 PM

සමහර කට්ටිය පේන්න සීනුව හොළවලා වෙන පැත්තකට කතිරය ගැහුවා (නි)

:       0       0

ජයසූරිය Wednesday, 19 August 2015 12:48 PM

දිනපු අයගෙනුත් පරදින්න ඕනෑ අය ඉන්නවා. ඒ අය කට තිබෙනවට නිකන් කෑ ගහනවා විතරයි. (නි)

:       0       1

දඩල්ලගේ සංජය රුවන් Thursday, 20 August 2015 03:41 AM

හොඳ තේරීමක් (ම)

:       0       0

සේනානායක Wednesday, 19 August 2015 09:32 AM

කොළඹ උණුසුම් කළ මනාප සටනේ පරාජිතයෝ (ම)

:       0       0

චන්ද්‍රා Wednesday, 19 August 2015 01:48 PM

පුදුමයි. ඒත් ඇත්තයි. හැළියයුතු තව කීපදෙනෙක් ඇතුළුවෙලා. එම අයට මනාප දුන් අය දැන් පසුතැවෙනවා ඇති. එම අයට මින් ඉදිරියටවත් තම කතිරයේ වටිනාකම දැනේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site