1991 වසරේ දී ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිව සිටියදී 16 හැවිරිදි සිසුවකු ඝාතනය කළ පොලිස් අධිකාරී රොෂාන් ද සිල්වා හා කොස්තාපල්වරු දෙදෙනකුට පානදුර මහාධිකරණ විනිසුරු එම්.ඉසෙඩ්.රසීම් මහතා අවුරුදු අටක බරපතල වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් 25,000 බැගින්වූ දඩ නියම කළේය.
රොෂාන් ද සිල්වා සමග එකල ඉංගිරිය පොලිසියේ කොස්තාපල්වරුන් ලෙස සේවය කළ මුදියන්සේලාගේ ජයසේන හා සිංහල විරුදලාගේ දීප්ති ශාන්ත යන දෙදෙනාටද එසේ දඬුවම් නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කියෙව්වාම මට තේරෙන්නේ ලංකාවේ පොලිසියේ උසස්වීම් ලබන්න නම් අඩුම තරමේ එක මිනී මැරුම් චෝදනාවක් වත් තිබිය යුතුයි කියලයි . (නදී)
තව ටිකක් ඉවසන්න තිබුණේ තීන්දුව දෙන්න . (ම)
සමහර ඒවාට මරණිය දණ්ඩනය. මේවට සිර දඩුවම් (නදී)
"මේ නිලධාරියා කෙළින් වැඩකරන දක්ෂයෙක්" නම් එතකොට මේක මිනීමරන්න දෙන ලයිසන් එකක්ද? නිකන් මෝඩ කතා කියන්න එපා. ලෝකයේ ශිෂ්ට ඕනෑම රටක බලහත්කාරකම් කරන නිලධාරින්ව ගෙදර යවනවා. මිනීමරන්නම අවශ්‍ය නැහැ. නමුත් අපේ රටේ මිනීමරුවන්ට උසස්වීම් දෙනවා. මොකද මේගොල්ල අහිංසකයෝ මරන්නේ දේශපාලන හරි මුල්‍යමය අවශ්‍යතාවයට. පොලිස් මැරයන්ව දේශපාලුවෝ ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි උසස්වීමුත් දෙනවා. වහාම අපරාධ කරන කිසිම නිලධාරියෙකුට සේවයේ ඉන්න දෙන්න නරකයි. මේ අපරාධකාරයන්ට විරුද්ධව සිවිල් සමාජය පාරට බහින්න ඕනෑ (නි)
ඇත්තටම අවුරුදු අටනම් මදි. අඩුම තරමේ ජිවිත කාලයටවත් යෙවුව නම්. (ර)
මේ මිනිසුන්ට දරුවෝ නැද්ද. මරණ දඩුවම දෙන්න තිබ්බේ. (ර)
මගේ දරුවා මට වටිනවා උනාට ඔබට වටින්නේ නැහැ. මෙකයි වෙනස. (ර)
මේ ඔප්පුවෙලා තියෙන්නේ මේගොල්ලෝ කරපු එක දෙයක් විතරයි. මේ වගේ දෙවල් මේගොල්ලෝ සෑහෙන්න කරලා තියෙනවා. මෙතන දෙන්නෙක් ගැන මම පුද්ගලිකවම දන්නවා. එක පුද්ගලයෙක් විනෝදෙට මිනී මරපු කෙනෙක්. මේවගේ ගොඩක් දෙනෙක් අද තරු, පටි, රාජ්‍ය ලාංඡන ගහගෙන ඉන්නවා.(නදී)
සුමුදු, බාල උදාහරණයක් මතක තිබුණා නේද.? එ්ක මෙතනට ගැලපෙන්නේ නැහැ. පිගන් කැඩීමයි හිරිමල් ජිවිතයක් නැති කිරීමයි එකක්ද.? (නදී)
ගමගේ, ඔබගේ කතාව හරියට හරි. අපට අවශ්‍ය නීතියට වැඩ කරන අය. වැරදි කරමින් ඒවා වහගන්න සමහර අය බොරු සද්ද දාල ඉන්නවා. අහිංසක මිනිස්සුන්ට සත්තමක් දාලා, අන්ඩක් කඩලා පෙන්නුවම අපේ අය හිතන්නේ "ඔන්න මිනිහා" කියලා.(නදී)
වැඩ කරන අය අතින් තමයි පිගන් බිදෙන්නෙත් .ඒ කොමෙන්ට් එක දැකල උතුර දකුණ මාරු වුනා. අවුරුදු 16 ක සිසුවෙක් මරන එක මෙච්චර සරල කරලා. ඒ සිසුවට අයිතිවාසිකම් නැද්ද. අවුරුදු 16 කියන්නෙ බාලවයස්කාරයෙක්. අධිකරනයෙන් පවා සහන හිමිවන වයසක්. සුමුදු ඔබේ පවුලෙ කෙනෙක් මෙහෙම පොලීසියෙන් මැරුවොත් ඒත් ඔබ ඔහොම කියනවද ? ඔබේ දරුවන් වගේ තමයි අනෙක් දරුවනුත්. කැත කතා කියන්න එපා (නදී)
මේ නිලධාරිය කරල තියන එකම මිනීමැරුම මේක වෙන්න බෑ. ඔය නිළධාරියගෙ පවුලෙ කෙනෙකුට ඔහොම උනොත් දැනෙන වේදනාවම තමයි අනෙක් අයටත්. මේ රජය ගැන මට පැහැදීමක් ඇතිවුනා. එජාප රජය කාලෙත් වැරදි කළ අයගේ ෆයිල් තියාගෙන උන් හුරතල් කරපු එකයි පහුගිය ආණ්ඩුව කළේ. දැන් හරියට නීතිය ක්‍රියාත්මක වන බව පේනවා. මරණ දඩුවම ලැබුන නම් සතුටුයි. කමක් නෑ මේත් ඇති. (නදී)
මම ගියා කවුද මේ සුමුදු කියන්නෙ බලන්න. ඔහුටත් දරුවො දෙන්නෙක් ඉන්නවා. මා ඔහුට ඉතා කරුණාවෙන් මෙසේ කිව්වා "ආ ඔබටත් දරුවො ඉන්නවා නේද. මා ආවේ අර වගෙ අදහසක් දැමූ ඔබ කවුද බලන්නයි. අනේ මිතුර මේ ඔබේ දරුවන් වගේම තමයි අනෙක් දෙමවුපියන්ගෙ දරුවනුත්. මේ දරුවන් දෙදෙනා පොලිස් නිළධාරියෙක් විසින් මැරුවොත් (එහෙම වෙන්න එපා ) ඒත් ඔබ කියනවද මේ නිළධාරියා දක්ෂයෙක් වැඩ කරන අය අතින්ම තමයි පිඟන් බිදෙන්නෙත් කියා. ඔය තරම් ම්ලේච්ඡ වෙන්න එපා යාළුවා කරුණු දැක්වීමට සිත රිදුනා නම් සමාවන්න. මට පුදුම හිතුනා මෙහෙම අදහස් දාන අය මේ ඉර හඳ යට ඉන්නවානේ කියා දැක්කාම. (ස)
සුදුස්සාට නිසි තැන (බ)
වයස 16 ක දරුවා අද හිටියා නම් අවුරුදු 40 ක කෙනෙක්. ඒ වගේම මේ විත්තිකරුවන් තිදෙනාම එවැනි තරුණ දරුවන් සිටින අය විය යුතුයි. ඒ දරුවන් සියලු දෙනාම මේ තාත්තලා තුන්දෙනාට කිසිම සමාවක් දියයුතු නැහැ කියලයි මට හිතෙන්නේ. (නි)
අම්මෝ! ඔය ආසන්න කාලේ ඔය වයසේ ළමයි මොනතරම් ගංගාවල යන්න ඇද්ද? ටයර් උඩ පිචෙන්න ඇද්ද? හිතෙනකොටත් ඇඟ හිරිවටෙනවා. (නි)
මෙහිදී මා ඉදිරියේ වැදගත්ම ප්‍රශ්නයක් ඇත. නීතිය සම්බන්ධ පොලිසියේ නිලධාරියෙකුට මිනීමැරුම් චෝදනා තිබියදී ඔහුට උසස්වීම් දෙනවාද? පොලිස් අධිකාරිකමක්? අවුරුදු 24ක්ම නිදහසේ ඉඳලා. (නි)
තිදෙනාගෙන් එක්කෙනෙක් පමණක් ලොකු පුටුවකට පත් කරලා ඉඳලා තියෙන්නේ. ඒ මදිවට අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකලු. අනිත් දෙන්නා එදා ඉඳලා තවමත් නිකම්ම රාළහාමිලා. මෙහෙම අපරාධ ප්‍රොමෝෂන් තව කොච්චර ඇද්ද.? (ර)
අර කිව්වා වාගේ තව ටිකක් ඉවසලා පෙන්ශන් ගියාට පස්සේ නොවැ දඬුවම දෙන්න තිබුනේ. (බ)
යහපාලනයෙන් නීතිය හරියටම ක්‍රියාත්මකයි (නි)
අපරාධකාරයෙක් අපරාධ මර්දන අධ්‍යක්ෂ! මේ විදියට පොලීසියේ කොයිතරම් තවත් අය ඇද්ද? (නි)
නියම කතාවක් සත්‍යජිත්, තමන්ට හැර වෙනත් අයෙකුට අසාධාරනයක් වෙනකොට ඒක එතරම් දැනෙන්නේ නෑ. බොහෝ දියුණු රටවල මෙවැනි දෙයක් උනාම වැඩි දෙනෙක් මාධ්‍යට ඇවිල්ලා විරෝධය ප්‍රකාශ කරනවා. පරීක්ෂණ කරන්න ආයතනවලට බල කරනවා. අපෙත් ඉස්සර එහෙමයි. පසු කාලීනව මේවා සුලභ උනාම දැන් ගණන් ගන්නේ නෑ.(නදී)
අවුරුදු 8 යි එක මිනීමැරුමකට, දඩය 25,000/=ක්? මිනීමැරුමකට ඒ කාලේ නම් එල්ලුම් ගහ. නමුත් දැන්? අවුරුදු 16ක් කියන්නේ තව කාලයක් ජීවිතේ වැජඹෙන්න තිබුන සුන්දර වටිනා වයසක් (නි)
මේ ගැන දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරීක්ෂණයක් තිබිය යුතුයි. මෙවැනි නඩු තියෙන කෙනෙකුට උසස්වීම් දුන්නේ කවුද කුමන පදනමක්ද කියා සොයා බැලිය යුතුය. යහපාලනය යනු එයයි. මියගිය දරුවා වෙන්ය්වෙන් ශෝකයට පත් පවුලට සාධාරණයක් වෙන්නේ එවිටයි. ජනපතිතුමනි. මේ ගැන විමසා බලන්න. (බ)
මේ දරුවා මැරුවේ ඇයි? දැනගන්න කැමැතියි.(ර)
මම දන්න විදියට මේ නිලධාරියා කෙළින් වැඩකරන දක්ෂයෙක්. පිඟන් හෝදන අය අතින්ම තමයි පිඟන් බිඳෙන්නේත් (නි)
අනේ ඇත්තට අද රටේ සිද්ධවෙන දේවල්! (නි)