කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පරිසර ආරක්ෂණ කොට්ඨාසය සිදු කළ සමීක්ෂණයකදී කොළඹ නගරයේ අනවසර වෙළඳුන් 1158 දෙනෙකු සිටින බවට අනාවරණය වී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.
එම වෙළඳුන් වහාම ඉවත් කරන ලෙස පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පොලිසියට සහ කොළඹ මහ නගර සභාවේ නිළධාරින්ට නියෝග කර ඇතැයි කියති.
ඒ අනුව කොළඹ නගර සීමාවේ පදික වේදිකාවේ පුද්ගලයින් 720 දෙනෙකු අනවසරෙන් වෙළඳාමේ නිරත වන අතර ඉන් 699 දෙනෙකුම වෙළඳාම්වල නිරත වන්නේ පිටකොටුව ප්‍රදේශයේ බව ද අනාවරණය වී ඇත.
COMMENTS
රවීන්, තමන්ට අයිති නැති ඉඩ ප්‍රමාණයක් බලහත්කාරයෙන් තමාගේ ව්‍යාපාර වලට යොදවන්නේ කොහොමද? පදික වේදිකාව තියෙන්නේ මගීන්ට ආරක්ෂාකාරීව ගමන් කරන්න මිස වෙළඳාම් කරන්න නොවෙයි. ඔබේ තර්කයේ හැටියට රටේ ඉන්න සේරම පදික වේදිකාවල වෙළඳාම් කරන්න පටන් ගනීවි. මෙය රටේ සෑම නගරයකම ක්‍රියාත්මක කළයුතුයි. (නි)
අගය කල යුතු නියෝගයක්. ඡන්ද බලාගෙන කටයුතු කළොත් මහජනතාවට සේවයක් වෙන්නේ නැහැ . මෙම අනවසර වෙලදාම් පදිකවේදිකාව භාවිතා කරන ජනතාවට හිරිහැරයක් . වෙළදාමේ යෙදෙන අය අකමැති උනත් එය නීති විරෝධියි නේ . ඒ වගේම මජනතාව දැනුම්වත් කල යුතුයි පදික වෙළඳුන්ගෙන් කිසිවක් මිලදීගැනීම නොකළයුතු බව . ඒ වගේම නොයෙකුත් අක්‍රමිතා මෙම වෙළඳුන්ගෙන් සිදු වෙන නිසා වහාම මේ පිලිබදව කටයුතු කළ යුතුයි. පිටකොටුවේ 2 වැනි හරස්විදිය හොඳ උදහරණයක්. මෙම පදික වෙළඳුන්ගෙන් නියමිත පරිදි බදු හෝ නගර සභාවට කිසිම ආදායමක් නොලැබේ.(අ)
ඉතාම හොඳ වැඩක්..මේ වෙළන්ඳු නිසා හරිම හිරිහැරයක් තමා පදිකයන්ට (රේ)
පසුගිය මහා මෙතිවරණයට පෙර නගරාධිපති නේද අවසර දුන්නේ.එත් නෝනා පැරදුනානේ (රේ)
මේ ඉනේ වෙළෙන්දෝ නෙමෙයි ඉන්නේ, ඒ නිසා වහාම සුද්ද කරන්න ඕන. විශේෂයෙන් පිටකොටුවේ බෝ ගහ වටා. (ර)
අපොයි සමහරුන්ගේ ඡන්ද ටික (බ)
ගෝඨාභය මහත්තයා ලස්සනට හදාගෙන අා නගරේ වැඩටික ආපස්සට හරවලා මුළු නගරෙම දැන් ජරා ගොඩක් කරලා