කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබූ මාර්ග කිහිපයක් අද (22) සිට වාහන සඳහා විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ජනාධිපති මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, වැතම් වීදිය සහ මුදලිගේ මාවත සැහැල්ලු වාහන සඳහා පමණක් විවෘත වන බව ද ඔහු පවසයි.
මීට පෙර සැහැල්ලු වාහන සඳහා පමණක් විවෘත වූ බෞද්ධාලෝක මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ සිට තුන් මුල්ල හංදිය දක්වා කොටස සියලු වාහන සඳහා විවෘත කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නෙ. කොළඹ වගේම යාපනේ අධි ආරක්ෂිත කළාපත් ඉවත් කරන්න කියලා. දමිල ජනතාවට අවස්ථාව දෙන්න ඕන අධි ආරක්ෂක කලාප වලට ඇතුල් වෙන්න.(දිල්)
ආනන්ද, එවිට වාහන දුමින් හානි නොවේද මාළිගාවට? (නි)
ආසිරි, සුගන්ධි , 1980 දශකය දක්වා ලේවැල්ල, කුණ්ඩසාලේ, හඟුරන්කෙත , මහියංගනය සිට මහනුවර නගරයට සියලුම වාහන ආවේ ගියේ දළඳා මාලිගාව අසලින් තමා. ඒ ගැන ඔබලා නොදන්නවාද ? දැන් වාහන වැඩි නිසා සැහැල්ලු වාහන පමණක්වත් යන්න මේ ස්ථානය අරින එක වරදක්ද ? රෝගී ජීවිත බේරගන්න ඉක්මනින් රෝහලට යන්නත් ඒක ලොකු උදව්වක් වැව රවුමේ තද බදයට හසුවෙනවට වඩා. (අ)
බොහොම ස්තුතියි. මහ පාරේ නිදහසත් තියනවා දැන් (නදී)
නිවාඩුවක් ගත කරන්න ආවම ඔය පැත්තේ යන්න අමාරුයි. ඒක ඉවර කළ ජනපතිට ස්තුතියි (නදී)
විනාඩියෙන් විනාඩියට හොඳ ඡන්ද ප්‍රතිඵල. (නි)
ඔබලාට වැටහෙන්නේ නැහැ කොළඹ අදි අාරක්ෂිත කලාප ඉවත් කොලොත් පමණයි උතුරේ ඉවත් කල හැකි වන්නේ. අපිව අන්දලා දෙන්න හදන්නේ (නදී)
අරලිය ගහ මන්දිරය පිටුපස ඩුප්ලිකේෂන් පාරත් අරිනවද? (නි)
ඩුප්ලිකේෂන් පාර වහල නැහැ. එ්ත් තනි පැත්තට යන්න විතරයි තියෙන්නේ. වැල්ලවත්ත පැත්තට වෙනකම් යන්න පුළුවන්. අායේ ගාලු පාරට හැරෙන්න ඕනි (නදී)
නුවර දළදා මාළිගාව ඉදිරිපස මාර්ගයත් වහලා නේද තියෙන්නේ? (නි)
මදුෂ,කුමාර,සංජයට ජයවේවා !(දිල්)
මරදාන වන් වේ කරපු පාර නැවත ඇරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් (නදී)
හොඳ තීරණයක් මේ දේවල් පිටින් නොදැකපු මිනුසුන් තමයි වැඩි හරියක්ම ඉන්නේ. දැන් ඉතින් එහෙම හරි බලාගන්න පුළුවන් එක ලොකු දෙයක් (නදී)
මේ පාරවල් හිටපු සමහර අයගේ පුද්ගලික පාරවල් වෙලා තිබුනේ (නදී)
එතකොට ජනාදිපති මන්දිරය පිටුපස ඇති ඩුබ්ලිකේසන් පාර පාර අරින්නේ නැත්ද? (නදී)
දැන් රට තුළ ත්‍රස්ත්‍රවාදී තර්ජනයක් නැති නිසා රටේ සියලුම පාරවල් පොදු මහජනතාව සඳහා විවෘත කරන්න පියවර ගන්නා ලෙස වර්තමාන රජයෙන් ඉල්ලා සිටින අතර එමඟින් කොළඹ නගරය තුළ පවතින අධික වාහන තදබදය මඳක් හෝ අඩුකර ගැනීමට හැකිවනු ඇත (නි)
ඊළගට උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කර හමුදා කදවුරු වල සිටින අය ගාල් කරන්න. දින 100 ගියාට පස්සේ වහල දාල කොලඹට ගේන්න. ප්‍රශ්ණය ඉවරයි (නදී)
දළදා මාලිගාව අසල පාර නම් විවෘත නොකරන එක හොඳයි කියලයි මගේ අදහස. මොකද මාළිගාව දුහුවිල්ලෙන් පවා අපි අාරක්ෂා කර ගත යුතු නිසා. (නදී)
දැන් ලංකාවේ කොටි සහ මහා රජවරු කවුරුවත් නෑ. සියලුම පාරවල් අරින්න පුළුවන්. (නදී)
අධි ආරෂිත කලාප තීරණය කිරීම ආරක්ෂක තත්වය හා ආරක්ෂක අංශ වල ඇගයීම් වාර්තා අනුව සිදුකරනවා නම් නිවැරදියි. දේශපාලනික අරමුණු සහ ජනප්‍රියවීම අපේක්ෂාවෙන් මෙවැනි තීරණ නොගතයුතු බවයි මගේ හැඟීම. (නි)
ඉතාම හොඳ වැඩක්. මහනුවර රැජින හෝටලය ළඟ සිට දළඳා මාලිගාව අසලින් ධර්මරාජ විද්‍යාලය දෙසට ඉතා ඈත අතීතයේ සිට 80 ව දශකය දක්වා තිබු යුද්දයක් නැතත් තවමත් වසා ඇති මාර්ගයත් කරුණාකර සැහැල්ලු වාහන සඳහා අරින්න. (නදී)
නිපුන, එ්ක ජනාදිපති මන්දිරය නොව අරලිය ගහ මන්දිරය. එ්ක අගමැති නිල නිවාසය . ජනාදිපති නිල නිවාසය තිබෙන්නේ කොටුවේ ජනාධිපති මාවතේ. (නදී)
අරගොල්ල හැදුව පාරවල් දැන් මෙයාලා විවෘත කරනවා .අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා (දිල්)
කුමාර මෝඩ කමට කට මැත දොඩවන්න එපා. කොළඹට මොනවටද අධි ආරක්ෂිත කලාප. අනික උතුරටත් දැන් අධි ආරක්ෂිත කලාප ඕනා වෙන්නේ නැහැ. උතුරේත් දකුණේත් අධි ආරක්ෂිත කලාප ඉවත් කරලා මේ රට තුල සාමකාමී නිදහස් වාතාවරණයක් ඇති කිරීම තමයි අද දවසේ වැදගත්ම කාර්ය වෙන්නේ. (නදී)
කුමාර, මදුෂ ඔබලාට තේරෙනදේ බොහොම දෙනෙකුට තේරෙන්නේ නැති එක තමා ප්‍රශ්ණේ. ජනප්‍රිය වෙන්න කරන මෙවන් දේ නිසා ඉදිරිය ඉතා අවිනිශ්චිත වෙනවා. (නදී)
මේ ගොල්ලෝ යුද්ධය ඉවරකරන්න කරපු දෙයක් නැහැ. ඒ නිසා කගෙන්වත් තර්ජන නැහැ. දැන් ඉතින් ආරක්ෂක අංශ වලට කියන්න ගෙවල් වලට ගිහින් නිදා ගන්න කියා (නදී)