IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොළඹ අධි ආරක්ෂිත කලාප යයි

කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබූ මාර්ග කිහිපයක් අද (22) සිට වාහන සඳහා විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ජනාධිපති මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, වැතම් වීදිය සහ මුදලිගේ මාවත සැහැල්ලු වාහන සඳහා පමණක් විවෘත වන බව ද ඔහු පවසයි.

මීට පෙර සැහැල්ලු වාහන සඳහා පමණක් විවෘත වූ බෞද්ධාලෝක මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ සිට තුන් මුල්ල හංදිය දක්වා කොටස සියලු වාහන සඳහා විවෘත කෙරේ.



අදහස් (0)

කොළඹ අධි ආරක්ෂිත කලාප යයි

සිරිල් මාලදිවයින Friday, 23 January 2015 05:52 AM

මම නම් කියන්නෙ. කොළඹ වගේම යාපනේ අධි ආරක්ෂිත කළාපත් ඉවත් කරන්න කියලා. දමිල ජනතාවට අවස්ථාව දෙන්න ඕන අධි ආරක්‍ෂක කලාප වලට ඇතුල් වෙන්න.(දිල්)

:       0       0

ආසිරි Thursday, 22 January 2015 04:43 PM

ආනන්ද, එවිට වාහන දුමින් හානි නොවේද මාළිගාවට? (නි)

:       0       0

ආනන්ද Friday, 23 January 2015 06:28 AM

ආසිරි, සුගන්ධි , 1980 දශකය දක්වා ලේවැල්ල, කුණ්ඩසාලේ, හඟුරන්කෙත , මහියංගනය සිට මහනුවර නගරයට සියලුම වාහන ආවේ ගියේ දළඳා මාලිගාව අසලින් තමා. ඒ ගැන ඔබලා නොදන්නවාද ? දැන් වාහන වැඩි නිසා සැහැල්ලු වාහන පමණක්වත් යන්න මේ ස්ථානය අරින එක වරදක්ද ? රෝගී ජීවිත බේරගන්න ඉක්මනින් රෝහලට යන්නත් ඒක ලොකු උදව්වක් වැව රවුමේ තද බදයට හසුවෙනවට වඩා. (අ)

:       0       0

බංඩාර Thursday, 22 January 2015 11:31 AM

බොහොම ස්තුතියි. මහ පාරේ නිදහසත් තියනවා දැන් (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Thursday, 22 January 2015 06:08 PM

නිවාඩුවක් ගත කරන්න ආවම ඔය පැත්තේ යන්න අමාරුයි. ඒක ඉවර කළ ජනපතිට ස්තුතියි (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් Thursday, 22 January 2015 11:46 AM

විනාඩියෙන් විනාඩියට හොඳ ඡන්ද ප්‍රතිඵල. (නි)

:       0       0

කුමාර Thursday, 22 January 2015 06:28 PM

ඔබලාට වැටහෙන්නේ නැහැ කොළඹ අදි අාරක්ෂිත කලාප ඉවත් කොලොත් පමණයි උතුරේ ඉවත් කල හැකි වන්නේ. අපිව අන්දලා දෙන්න හදන්නේ (නදී)

:       0       0

චානක Thursday, 22 January 2015 11:55 AM

අරලිය ගහ මන්දිරය පිටුපස ඩුප්ලිකේෂන් පාරත් අරිනවද? (නි)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Thursday, 22 January 2015 08:41 PM

ඩුප්ලිකේෂන් පාර වහල නැහැ. එ්ත් තනි පැත්තට යන්න විතරයි තියෙන්නේ. වැල්ලවත්ත පැත්තට වෙනකම් යන්න පුළුවන්. අායේ ගාලු පාරට හැරෙන්න ඕනි (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 22 January 2015 11:42 PM

නුවර දළදා මාළිගාව ඉදිරිපස මාර්ගයත් වහලා නේද තියෙන්නේ? (නි)

:       0       0

පි එස් කැටවල Friday, 23 January 2015 09:27 AM

මදුෂ,කුමාර,සංජයට ජයවේවා !(දිල්)

:       0       0

සරත් Saturday, 24 January 2015 04:33 AM

මරදාන වන් වේ කරපු පාර නැවත ඇරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් (නදී)

:       0       0

රවී - ඕමාන් Thursday, 22 January 2015 01:41 PM

හොඳ තීරණයක් මේ දේවල් පිටින් නොදැකපු මිනුසුන් තමයි වැඩි හරියක්ම ඉන්නේ. දැන් ඉතින් එහෙම හරි බලාගන්න පුළුවන් එක ලොකු දෙයක් (නදී)

:       0       0

ඇන්ටන් Thursday, 22 January 2015 01:43 PM

මේ පාරවල් හිටපු සමහර අයගේ පුද්ගලික පාරවල් වෙලා තිබුනේ (නදී)

:       0       0

නිපුණ Thursday, 22 January 2015 01:48 PM

එතකොට ජනාදිපති මන්දිරය පිටුපස ඇති ඩුබ්ලිකේසන් පාර පාර අරින්නේ නැත්ද? (නදී)

:       0       0

සත්‍යපාල Thursday, 22 January 2015 01:55 PM

දැන් රට තුළ ත්‍රස්ත්‍රවාදී තර්ජනයක් නැති නිසා රටේ සියලුම පාරවල් පොදු මහජනතාව සඳහා විවෘත කරන්න පියවර ගන්නා ලෙස වර්තමාන රජයෙන් ඉල්ලා සිටින අතර එමඟින් කොළඹ නගරය තුළ පවතින අධික වාහන තදබදය මඳක් හෝ අඩුකර ගැනීමට හැකිවනු ඇත (නි)

:       0       0

ඇසළ Friday, 23 January 2015 02:52 AM

ඊළගට උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කර හමුදා කදවුරු වල සිටින අය ගාල් කරන්න. දින 100 ගියාට පස්සේ වහල දාල කොලඹට ගේන්න. ප්‍රශ්ණය ඉවරයි (නදී)

:       0       0

සුගන්දි Friday, 23 January 2015 03:00 AM

දළදා මාලිගාව අසල පාර නම් විවෘත නොකරන එක හොඳයි කියලයි මගේ අදහස. මොකද මාළිගාව දුහුවිල්ලෙන් පවා අපි අාරක්ෂා කර ගත යුතු නිසා. (නදී)

:       0       0

බණ්ඩා Thursday, 22 January 2015 02:22 PM

දැන් ලංකාවේ කොටි සහ මහා රජවරු කවුරුවත් නෑ. සියලුම පාරවල් අරින්න පුළුවන්. (නදී)

:       0       0

මධූෂ Friday, 23 January 2015 04:07 AM

අධි ආරෂිත කලාප තීරණය කිරීම ආරක්ෂක තත්වය හා ආරක්ෂක අංශ වල ඇගයීම් වාර්තා අනුව සිදුකරනවා නම් නිවැරදියි. දේශපාලනික අරමුණු සහ ජනප්‍රියවීම අපේක්ෂාවෙන් මෙවැනි තීරණ නොගතයුතු බවයි මගේ හැඟීම. (නි)

:       0       0

ආනන්ද Thursday, 22 January 2015 03:01 PM

ඉතාම හොඳ වැඩක්. මහනුවර රැජින හෝටලය ළඟ සිට දළඳා මාලිගාව අසලින් ධර්මරාජ විද්‍යාලය දෙසට ඉතා ඈත අතීතයේ සිට 80 ව දශකය දක්වා තිබු යුද්දයක් නැතත් තවමත් වසා ඇති මාර්ගයත් කරුණාකර සැහැල්ලු වාහන සඳහා අරින්න. (නදී)

:       0       0

පුන්‍යා ලියනගේ Thursday, 22 January 2015 03:07 PM

නිපුන, එ්ක ජනාදිපති මන්දිරය නොව අරලිය ගහ මන්දිරය. එ්ක අගමැති නිල නිවාසය . ජනාදිපති නිල නිවාසය තිබෙන්නේ කොටුවේ ජනාධිපති මාවතේ. (නදී)

:       0       0

දිනුෂ Sunday, 25 January 2015 06:18 AM

අරගොල්ල හැදුව පාරවල් දැන් මෙයාලා විවෘත කරනවා .අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා (දිල්)

:       0       0

සත්‍යපාල Friday, 23 January 2015 04:44 AM

කුමාර මෝඩ කමට කට මැත දොඩවන්න එපා. කොළඹට මොනවටද අධි ආරක්‍ෂිත කලාප. අනික උතුරටත් දැන් අධි ආරක්‍ෂිත කලාප ඕනා වෙන්නේ නැහැ. උතුරේත් දකුණේත් අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරලා මේ රට තුල සාමකාමී නිදහස් වාතාවරණයක් ඇති කිරීම තමයි අද දවසේ වැදගත්ම කාර්ය වෙන්නේ. (නදී)

:       0       0

සංජය Friday, 23 January 2015 04:47 AM

කුමාර, මදුෂ ඔබලාට තේරෙනදේ බොහොම දෙනෙකුට තේරෙන්නේ නැති එක තමා ප්‍රශ්ණේ. ජනප්‍රිය වෙන්න කරන මෙවන් දේ නිසා ඉදිරිය ඉතා අවිනිශ්චිත වෙනවා. (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 23 January 2015 04:56 AM

මේ ගොල්ලෝ යුද්ධය ඉවරකරන්න කරපු දෙයක් නැහැ. ඒ නිසා කගෙන්වත් තර්ජන නැහැ. දැන් ඉතින් ආරක්ෂක අංශ වලට කියන්න ගෙවල් වලට ගිහින් නිදා ගන්න කියා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site