IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


කළමනාකාර මණ්ඩලය අහෝසි කළේ දෙපාර්ශ්වයේ එකඟතාවයෙන්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කළමනාකාර මණ්ඩලය අහෝසි කළේ කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග සාකච්ඡ කිරීමෙන් පසුව දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් බව පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරි  කි‍්‍රෂාන්ත පෙරේරා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඇතැම් අය දක්වන අදහස් නිවැරදි නොවන බවත් කී‍්‍රඩා ඇමැතිවරයා සමග  පැවැති සාකච්ඡ වලදී කළමනාකාර මණ්ඩලයේ සභාපතිධුරය දැරූ මනිලාල් ප‍්‍රනාන්දු මහතා ඉතා පැහැදිලි ලෙස එය විසුරුවා හැරීමට එකඟතාවය පළ කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

”පාපන්දු කී‍්‍රඩාවේ සංවර්ධනය උදෙසා කී‍්‍රඩා ඇමැතිවරයා හා පාපන්දු  සම්මේලනය එක්ව සුහදතාවයෙන් කටයුතු කරන්න අප තීරණය කළා.  දිවයිනට කැඳවන බ‍්‍රසීල පාපන්දු පුහුණුකරුගේ වියදම් සඳහා ඩොලර් 5000ක් දෙන්නත් කී‍්‍රඩා ඇමැතිවරයා අපත් සමග එකඟවී තිබෙනවා” යයිද කි‍්‍රෂාන්ත පෙරේරා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු  මන්තී‍්‍ර රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාත් කී‍්‍රඩා ඇමැතිවරයා සමග සාකච්ඡ කළා. ඇතිවූ එකඟතාවය මත  පසුගියදා රැස්වූ විධායක සභා රැුස්වීමේදී කළමනාකාර මණ්ඩලය අහෝසි කරන්නත්  එහි සභාපති ධුරයේ කටයුතු කළ මනිලාල් ප‍්‍රනාන්දු මහතා කැමැති වුණා.
”ඒ එකඟතාවයට අනුවයි ඔහු එම ධුරයෙන් ඉවත් වෙන්නත් තීරණය කළේ” යයි පෙරේරා මහතා ”ලංකාදීප”යට පැවසීය.

පාපන්දු සම්මේලනයේ විධායක සභා රැස්වීමේදී කළමනාකාර මණ්ඩලය අහෝසි කිරීමට ගෙන තිබූ යෝජනාව සම්බන්ධයෙන් විධායක සභිකයන්ගෙන් යම් යම් මත පළවුවත් අවසානයේදී විධායක සභාව  එකඟවූයේ කී‍්‍රඩා ඇමැතිවරයාගේ  යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට බවත් පාපන්දු  සම්මේලන  විධායක නිලධාරිවරයා පවසයි.



අදහස් (0)

කළමනාකාර මණ්ඩලය අහෝසි කළේ දෙපාර්ශ්වයේ එකඟතාවයෙන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ ‘
2024 මැයි මස 16 27 0

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය


අනධ්‍යයන සේවක දීමනාවේ තීරණය මේ සතියේ
2024 මැයි මස 16 72 0

අනධ්‍යයන සේවකයන්ගේ දීමනා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පැවසීය.


ධාවනය වු ලංගම බසයේ රියදුරු අසුනේම මිය ගිහින්
2024 මැයි මස 16 251 0

නුවරඑළියේ සිට තලවකැලේ හරහා නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරෙකු බස් රථය ධාවනය වෙමින් තිබියදීම හදිසියේ ඇති වු අසනීපයකින් රියදුරු අසුනේදී


දැඩිගම සමාගම සුද්දන්ගේ තවත් හෝටලයක් මිලට ගනී
2024 මැයි මස 16 751 0

මෙරට දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ ඩර්බි නගරයේ ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය මිලදී ගෙන ඇතැයි බ්‍රිතාන්


ආණ්ඩුවේ ලොක්කෙක් ගුවන්තොටේ යකා නටයි
2024 මැයි මස 16 1331 6

කටුනායක ගුවන්තොටුපළට පැමිණි ආණ්ඩුවේ ඉහළ තනකුරක් දරන ෙද්ශපාලකයකු ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහ


නිදන කාමරයේ ලක්ෂ 20ක මත්පෙති
2024 මැයි මස 16 149 0

කල්පිටියේ නිවසක සඟවා තිබූ ලක්ෂ විස්සකට වැඩි වටිනාකමකින් යුතු මත් පෙති 7000 ක් සමඟ එක් සැක කරුවෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 724 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2252 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1932 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site