(සුමිත් පොතුපිටිය)
අපොස උසස් පෙල හැදෑරීමට කළුතර ප්‍රධාන පිරිමි පාසලකට ඇතුල්වූ සිසුවකු අමානුෂික අන්දමින් නවක වදයට ලක්කර පහරදුන් බවට සැකපිට සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රධාන පිරිමි විදුහලක අපොස උසස් පෙළ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු බව පොලිසිය කීය.
එම විදුහලේ අපොස උසස් පෙල නව පංතියට ඇතුල්වූ සිසුවකු මෙසේ නවකවදය ලබාදී පහරදී ඇති බවට පහරකෑමට ලක්වූ සිසුවා ප්‍රකාශ ලබාදී ඇති බවත්, ඔහු ප්‍රතිකාර ලබාගැනීම සදහා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් සදහන් වේ.
පහරකෑ සිසුවා ගේ නලල ප්‍රදේශය පුපුරා යාමෙන් මැහුම් කිහීපයක් යොදා ඇති බවත්, ඔහු පැය 24 කට වැඩි කාලයක් නිසි පරිදි සිහි කල්පනාවෙන් නොසිටී බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි
සැකකාර සිසුන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙම වෙන්නෙ පාසැලේ අරක්ගෙන සිටින භූතයෝ නැත්නම් කුම්භාණ්ඩයෝ වගේ පිරිසක් නිසා කියලා අත්දැකීම් අනුව කියන්න පුළුවන් .සෑම ප්‍රධාන පාසැලකම මෙන් සිදුවන මෙයට විදුහල්පතිලා සම්බන්ධ නැහැ කියන්න අමාරුයි .දරුවන්ගේ මානව හිමිකම් අහිමිවුනත් පාසැලේ ගරුත්වය රකින්න කියලා තමයි මේවා කරන්නෙ .සොයා බලන්න මේ දරුවා සුදුසුකම් ඇතුව පාසැලට ආවත් ඔහු ඇතුළත් වූ අංශයේ අංශය භාර උත්තමයාට හා තවත් පිරිසක් සදහා ලැබුණු සංතෝසම මදි වෙන්න ඇති. විදුහල්පති හෝ අංශය භාරකාර සංතෝශයට පත්කර ආවනම් මෙහෙම වෙන්නෙ නැහැ සත්‍ය තත්වය එයම තමයි. මේවාට විදුහල්පති හෝ දරුවා ඇතුළත් වූ අංශය භාරකාර ස්ථාන මාරුකිරීම කරන්න ඕන
පාසල් වලත් මෙවැනි දේවල් සිදුවෙනවා නම් කාගේ කාගේත් දැඩි අවධානයට ගත යුතු කාරණාවක් .පහර දීපු දරුවන් පාතාල පවුල්වල සාමාජිකයින් වත්ද .එහෙම නැතිනම් පරණ කොන්ත්‍රාත් පිරිමහ ගැනීමක්ද ?
පහර කෑ ළමයාගේ දෙමව්පියෝ අරුන්ට අනුකම්පා කරලා කේස් එක අතරමග නතර කරන්න එපා . එසේ කිරීමෙන් සමාජයට පාතාලයෝ එකතු වෙනවා. අරුන් කූඩුවට යනකම්ම වැඩේ ගෙනියන්න. මේ සිදුවීම් වලට ජෙප්පෝ වගකිව යුතුයි. මොවුන් තමයි බස් ගිනිතියන්නේ ,මංකොල්ල කන්නේ. මුන්ගේ අනාගතය මෙතැනින්ම ඉවර කරන්න පුළුවන්
අර විශ්ව විද්‍යාල ගෑනු ලමය මරපු එකාට සමාන වුන් රෑනක්. පාසලින් නෙරපා මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන්න. අනාගත මිනීමරුවන් බිහිවීම වලකමු.
බමුණා මොනවා කිව්වත් පහර කාපු දරුවගෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශයි.ඔහුට නැවතත් ඔය පාසැලේ ඉගෙනීමට එහි කිසිම ගුරුවරයෙක් මෙන්ම සිසුන් ඉඩක්නම් දෙන්නෙම නැහැ ඒක තමයි සත්‍යම තත්වය පාසැලේ පංතියේ වුනත් ඔහුට හිමිකම් නැතුව කොන්වෙලා තමයි ඉන්න වෙන්නෙ මේවා නැවැත්වීමට කෙනෙක් ඉන්නවා නම් මැර සිසුන්ගේ පංති තහනම් කර විදුහල්පති හා සිසුවා සිටි අංශයේ ප්‍රධානියා ස්ථාන මාරුකරන්නම ඕන