කට්ටි කඩා විකිණීමට යන අක්කර 7ක පමණ ඉඩමක මාර්ග සැලැස්ම අනුමත කිරීමට ඉඩම් හිමිකරුගෙන් රුපියල් තිස් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට කළුතර ප‍්‍රාදේශීය සභාපති. ඩබ්ලිව්.ජී ලක්ෂ්මන් හා සහායක ඉන්දික ප‍්‍රියංකර ලබන 7 වෙනිදා තෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. අල්ලස් කොමිසම ඔවුන් අත් අඩංගුවට ගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේ සභාපති කෙනෙක් ගැන නරකක් ඇහුණමයි. (ත)
සන්තෝසයි. ඔහොම තමයි ඉන්න ඕනේ (දී)
ඉහළ ඉදන් පහළට එනකම්ම ඔක්කොම හොරු. (නි)
මමත් ලක්ෂ 80 ක ව්‍යාපාරයක් කරන්න ගොඩනැගිලි සැලැස්ම ඉදිරිපත් කළහම ප්‍රාදේශීය සභාවක අදාළ නිලධාරියා කිවුවා අපේ සභාපතිතුමාට පොඩි සැළකිල්ලක් කළේ නැත්නම් අනුමැතිය ගන්න බැහැ කියලා. මං ඇහුවා පොඩි ගාණක් කියන්නේ දාහක් දෙදාහක් වගේ ඇද්ද කියලා. මිනිහා හිනාවෙලා කිව්වා ලක්ෂ විස්සක් වත් දෙන්න වෙයි කියලා. මම වැඩේ අතහැරලා දැම්මා. නමගිය නිදහස් වෙළඳ කලාපයකට පෙනෙන දුරින් ප්‍රධාන පාරක් අයිනේ තියෙන මගේ අක්කර තුන්කාලක ඉඩම අදත් නිකන් තියෙනවා. දැන් සභාපතිගේ චණ්ඩියෙක් දාලා මට කියනවා ඉඩම එයාලට විකුණන්නලු. නැත්නම් බලෙන් පදිංචි වෙනවලු. මෙහෙම අයව තමයි අපි ඡන්දෙ දීලා පත් කරගෙන තියෙන්න. (නි)
හොඳ හොඳ දේවල් එළිවෙනජාමෙට .....(ස)
ඉස්සර හැංගි හැංගි නටපුව දැන් එලිපිටම නටනවා...(ස)
සේරම හොරුයි, වංචාකාරයොයි ඉන්නේ පොලිසියෙයි, දේශපාලනයෙයි, පන්සල් වලයි තමයි. (නි)
දේශපාලන බලපෑමකින් තොරව නීතිය අකුරටම ක්‍රියාත්මක වුවහොත් අනෙක් අයටත් මෙය හොද පාඩමක් වෙයි. (නි)
රටේ සංවර්ධනයක් වෙයිද ඉතිං? (නි)
බැලුවම ආණ්ඩුවේ හොදයි කියන්න පුලුවන් එකම නායකයෙක්වත් නෑනේ. අහිංසක මිනිස්සු රවටලා ඡන්දය අරන් කරන්නේ මොනවාද? ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේකද? (නි)
මියක් කඩන්නේ අත ලෙව කන්නද (දී)
යන්තම් ඒක ගාල්ලේ නෙමෙයි....(ස)
විශේෂ නිවේදනයයි. "වැටුප පමණක් ගන්නා දේශපාලකයින් අවශ්‍ය කර තිබේ" (නි)
බලන් යද්දී වැඩි හරියක් ඉන්නේ හොරුනේ.... (නි)
ඔක්කොම ඇමතිලා මන්ත්‍රීලා මොනවා හරි වරදක් කරලා තියෙනවා (දී)