ඩයනා උදයංගනී
වියළි කාලගුණ තත්ත්වය සමඟ කළු ගඟට ලවණ මුසු මුහුදු ජලය එක්වන බැවින් එයින් සැපයෙන ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර උතුර, කළුතර දකුණ, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම, දර්ගා නගරය සහ ඛෙන්තර යන ප්‍රදේශයන් සඳහා ජල සම්පාදන මණ්ඩලයෙන් සැපයෙන ජලයෙහි මෙම ගැටළුව පවතින අතර එම ජලය පානයට හැර සෙසු සියලූ දෛනික කටයුතු සඳහා යොදාගත හැකි බව ද එම මණ්ඩලය සඳන් කරයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව වෙත පොදු ස්ථානවල ජල ටැංකි තබා බවුසර් මගින් ජලය ඛෙදාහැරීමට ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන ඇත.
ජලයට ලවණ මුසුව ඇති අවස්ථාවලදී පානයට නුසුදුසු බවට හා ජලය යථා තත්ත්වයට පත්වූ විට එයද මාධ්‍ය මගින් ජනතාවට දැනුම් දෙන බව මණ්ඩලය සඳහන් කරයි. මෙම තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම ගැටලූවට ස්ථීර විසඳුමක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව කළු ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ගේ සපෝට් එක ලබාගෙන පලාතොට ප්‍රදේශයේ සිට මෝය ආසන්නය දක්වා එක දිගටම ගඟේ පතුල හාරමින් වැලි ගොඩ දමන අමනයන් මේ අපරාධයට වගකිව යුතුයි.
ඊට කලින් කළුතර නගරයට හා ගගට මුහුදෙන් ආරක්ෂාව සපයූ දැනට කිලෝමීටර දෙකක් පමණ විනාශ වී ඇති කැලිඩෝ වෙරළ තීරය යථා තත්වයට පත්කළ යතුය දැන් මෝය කටෙහි පළල කිලෝමීටර දෙකකට වැඩිය මේ නිසා වැඩි වැඩියෙන් මුහුදු ජලය ගගට පැමිණේ මේ මගින් කළුතර දුම්රිය ස්ථානය කළුතර බෝධිය දුම්රිය හා මගී පාලම් දෙක එසේම කළුතර විද්‍යාලය එදිරිපස ගාලු පාර ගග අවට පදිංචි නිවාස ගගෙහි මසුන් කලුගන් කලපුව සියල්ල විනාශ වෙමින් පවතී ජලය පානයට නොහැකි වීම එක ගැටළුවක් පමණි කරුණාකර බලදාරීන් කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් විශාල හානියක් ඉක්මනින්ම සිදුවේ