පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් සොයා සිදුකළ වැටලීම්වල දී මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ රුපියල් මිලියන 56 කට වැඩි මුදලක් දඩ වශයෙන් අය කර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම කාලය තුළ වැටලීම් 12,000කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එම වෙළඳුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමෙන් අනතුරුව මෙම දඩ මුදල් අයකරගැනීමට කටයුතු කර ඇති බවත් වැටලීම්වල දී වැඩිම දඩ මුදලක් අයකරගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳුන්ගෙන් බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටලියයුතු තවත් කඩ බොහෝය. පැමිණිලි කළයුතු ආයතන හා දුරකථන අංක සඳහන් කරන්නේ නම් මැනවි!(නි)
බොහොම හොඳයි
අන්න කරනවා නම් වැඩ වැට් වැඩි කලාම එන අදායම වගේද මේවා (හේ)