හිටපු ජනාමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූපසිංහ හා හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන තිදෙනාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද රුපියල් පනස් දහස බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් ශරිර ඇප නිමය කළේය.
පසුගිය මැතිවරණ සමියේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් නව ලක්ෂයක ගැල්වනයිස් බට මිලදී ගෙන මහජන මුදල් අයථාලෙස පරිහරණය කැර ඇතැයි ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනුකැර ඇත. නඩුව සැප්තැම්බර් 02 දිනට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජුට වැඩ කරලා හිරේ යන්න වෙයිද? (ස)
ඇමතියො ඔක්කොම හිරේ තමයි දැන් (බ)
රජා අගමැති කරමු, අපි සප්පොර්ට් එක දෙමු. රජත් ගොඩ අපිත් ගොඩ යමු. (බ)
ලංකාවේ ලොකුම හොරකම දින 100 ඇතුළත කළාට නඩුත් නැහැ පාර්ලිමේන්තුවේ විවාදෙටත් විරුද්ධයි. ඔන්න යහපාලනේ. (බ)
ලක්ෂ නවයක අලාභයකට මෙහෙම නඩු දාන කොට බිලියන ගණනක මහා බැංකු වංචාවට නඩු දාන්නේ නැත්තේ ලොකු හොරු ආරක්ෂා කරන්න ආණ්‌ඩුව බැදිලා ඉන්න නිසා වෙන්න ඇති. මම දන්නා විදියට මේක රුපවාහිනී ප්‍රචාරක වැඩ සටහනකට මිලදී ගත්ත එකක්. ප්‍රචාරක වැඩ වලට මෙහෙම මිලදී ගන්නේ නැතුව කම්පැනි වලින් බද්දට කොඩි කණු ගත්තොත් ආණ්ඩුවටමයි පාඩු. මෙතන ඒ නිසා නඩුවක් නෑ . බොරු පැමිණිල්ලකට මහජන අවදානය ගන්න කරන මාධ්‍ය සංදර්ශනයක් විතරයි. මේ වගේ බොරු වැඩ වලින් යහපාලන ආණ්ඩුව තවත් අපකීර්තිමත් වෙනවා. (බ)
මගේ හිතේ මේවා ගන්න ඇත්තේ අර ගරා යකා නටවන්න පලංචි බදින්න වෙන්න ඇති (බ)
අරගත්ත බඩු තියෙනව නම්. ප්‍රශ්නයක් නැහැනේ. කාලීනව ඇතිවුන අවශ්‍යතාවකටනෙ අරගෙන තියෙන්නෙ. එතකොට මේටික කොන්ත්‍රාත් කාරයකුගෙන් ගිනිගානක් ගෙවල ගත්තනම් ද හරි. මෙහෙම ගියොත් ඕනම තැනක අතීතයෙ මිල දී ගැනීම් වර්තමානෙ කෙනකුට කියන්න පුඵවන් නාස්තිකාර වැඩ කියලා. මේවා නිසා අනාගතේ කිසිම නිලධාරියෙක් වගකිමක් අරගෙන වැඩ කරන ඵකක් නෑ (බ)
මේ විදියට සියල්ලම හෙළිකරන්න අපිට (නි)