IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


කෙහෙළිය රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝගය නිකුත් කෙරුණි.

ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ නියොගයකට අනුව ඔහු ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීවමෙන් රජයට කෝටි ගණනක අලාභයක් කිරීම  එරෙහිව ඔහු චෝදනා ලබා ඇත.  

ඡායා ගයාන් අමරසේකර



අදහස් (25)

කෙහෙළිය රිමාන්ඩ්

Muthu Saturday, 03 February 2024 03:52 PM

නාට්ටි බලලම දැන් එපා වෙලා... මොකද නාට්ටිය පටන් ගන්න කොටම අන්තිම එපිසෝඩ් එකත් අපේ ඔලුවේ මැවිලා ඉවරයි..

:       22       53

Sanath KandySunday, 04 February 2024 09:16 AM

මොවුන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න නම් මාලිමාවේ ආණ්ඩුවක්ම එන්න ඕනෑ​..

:       1       1

මහසෙන් Saturday, 03 February 2024 03:56 PM

ගුටිකන්න වෙයිද දන් නෑ මේ මහත්තයාට. ඉස්පිරිතාලේ ඇඳකුත් ලෑස්ති කළා නම් හරි. ඊළඟ කොටස එනකන්...!

:       19       47

Dharmatileke Saturday, 03 February 2024 03:57 PM

ඊළඟට රට බංකොළොත් කරපු අය ගැන සොයා බලන්න.

:       21       45

Lalla Saturday, 03 February 2024 04:40 PM

දැන්වත් මේකව ඇමතිකමෙන් පන්නල දාන්න බැරිද?

:       0       0

pradeep Saturday, 03 February 2024 04:44 PM

දැන් මොන ඉස්පිරිතාලේද නවතින්නේ ඇමැතිතුමා...?

:       0       0

Rocky Saturday, 03 February 2024 05:09 PM

මළ කෙහෙළියයි...!

:       0       0

achini Saturday, 03 February 2024 05:18 PM

කන්න බොන්න නොදී බඩගින්නේ තියන්න ඕනෙ කෙනෙක්...

:       0       0

hesa Saturday, 03 February 2024 06:11 PM

හොඳම වැඩේ, ලොකු දෙයක් තවත් ඉන්න එවැනි හොරුන් අත්අඩංගුවට ගන්න එයාලගේ දේපලත් රාජ සන්තක කරනවා නම් ටොප්...

:       19       30

Buddika Saturday, 03 February 2024 06:42 PM

කතාව බොහෝම සරලයි. ගල්ටික් වගේ කිසිම ලෙඩක් නැතිව ඉන්න දේශපාලකයෝ හිරේ ගිය ගමන් ලෙඩ වෙනවා. මේ රෝගී තත්ත්වය තියෙන්නේ ලංකාවේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයින්ට විතරමයි. කාට කියන්නද මේ අවනඩු. මේවාට පිළිතුරු දෙන්න ඡන්දයක් එනතුරු මිනිස්සු බලා ඉන්නවා...!

:       15       44

AsankaSunday, 04 February 2024 06:54 AM

අනේ යන්න බුද්ධික ඡන්දය එනකල් බලාගෙන ඉඳලා දෙන්න කවුරුවත් නැහැ කියලා දන්න කෙනාටම කියලා හොරුන්ට කතිරය ගසා ආපසු ඇවිල්ලා පසුදා පාරවල් අයිනේ කිරිබත් කන මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ... ඒක දන්න හොරු හැමදාම බලය ගන්නවා. උපරිමයෙන් ජනතා මුදල් ගසාගෙන කනවා... මෙහෙම දේවල් අනාගතයේ නොවීමට නම් නීතියට වැඩකරන ඇමැති අදහස වැරැදි නම් පෙන්වාදීම කරන්න ශක්තිමත් කොන්දක් තියෙන ලේකම්වරුන් පත්කිරීම කරන්න ඕන මෙහෙම වැරැදි වෙන්න එහෙයි ඇමැතිතුමා කියන දේශපාලන හිතවත්කමට පරිපාලන සේවයට පත්වූ නිළධාරින්ද වගකිව යුතුමයි.

:       0       0

පිටිගල මිලානෝ Saturday, 03 February 2024 06:47 PM

ගරු අධිකරණයට මගේ ප්‍රණාමය...!

:       31       32

සෙනෙවිරත්න Saturday, 03 February 2024 06:50 PM

බෙහෙත් වර්ග අටක් බොනවාලු, හෘදයාබාධයක් තියෙනවාලු, ජනතාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේදි කොටු පනින්නට ගිහින් කකුලේ ආබාධයක්ලු ඇප ඉල්ලලා ඕවා කියලා, මේ වගේ දහිරවාට්ටුද අපි වෙනුවෙන් ඇමැති වගකීම් අරගෙන හදන්න එන්නේ? හෙන ඉල්ලමු මේ වගේ නාකි ලෙඩ්ඩු මකබෑවෙන්න කියලා.

:       6       48

Buddika Saturday, 03 February 2024 07:45 PM

දැන් මේ නාට්‍යයේ අවසානය බොහෝම පැහැදිලියි. තව දවසක් දෙකක් යද්දිී කෙහෙලියට අසනීප තත්වය වැඩිවෙනවා සහ ඒ රෝගී තත්ත්වය මත පහසුකම් සහිත රෝහලකට මාරු කරනවා...!

:       17       45

නිහාල් Sunday, 04 February 2024 09:16 AM

දැනටම බන්ධනාගාර රෝහලේ ඉන්නේ...!

:       0       0

Lalla Saturday, 03 February 2024 09:30 PM

රජයට කළ අලාභය නොවේ ප්‍රශ්නය. බෙහෙත් වෙනුවට වස දීලා මැරුණු ලෙඩ්ඩු... සංවිධානාත්මක මිනී මැරීමට විරුද්ධව චෝදනාව එල්ල කළ යුතුයි.

:       0       0

මහීලාල් Saturday, 03 February 2024 09:47 PM

බන්ධනාගාර කොමසාරිස්ට පඩි ගෙවන්නේ මහජන බදුමුදල් වලින් කියලා මතක් කරන්න ඕනෑ. ඔය කෙනත් ඇඳකට දාලා කොන්ද කෙලින් කරන්න ඕනෑ...

:       0       0

සමන් Saturday, 03 February 2024 11:12 PM

නීතියෙන් බේරෙයි කපටි සහ මුදල් නිසා, ඒත් හෘද සාක්ෂියෙන් මෙයාට ගැලවෙන්න බෑ...!

:       0       0

නුවන් Saturday, 03 February 2024 11:59 PM

යකඩෝ, දැන් බලාගෙන ගියාම, පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කෝම ලෙඩ්ඩුනේ. අනික කේස් දාගන්නෙත් ඔවුන්. කේස් එක පත්තු වුණු ගමන් ලෙඩ වෙන්නෙත් ඒ අය. මොවුන් කොහොමද රටක් පාලනය කරන්නේ?

:       0       0

අප්පුහාමි Sunday, 04 February 2024 02:23 AM

සදොස් කොට නිදහස් කරන ලදී. මේවා ඡන්ද කතා...!

:       0       0

සුරංග Sunday, 04 February 2024 07:20 AM

මට 2015 යහපාලනය ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේ කෙහෙලියත් රනිල්ට සහායට එන්න උත්සාහ කළා... ඒත් රනිල් ඔහුට එන්න දුන්නේම නැහැ. එහෙම වෙන්න ඇත්තේ ඔහු ගැන වත්මන් ජනාධිපති කුමක් හෝ දන්නා නිසා වෙන්න ඇති... දැනට රනිල් ජනාධිපති වුණත් ආණ්ඩුව පොහොට්ටුවේ නිසා පොහොට්ටුවේ අයට අවශ්‍ය ආකාරයට ඇමැති පත්කර තියෙනවා. ඒ අනුව මොහුට ඇමැති තනතුරු ලැබෙන්න ඇති... සමාජ ක්‍රියාකාරීත්වය මත හෝ මෙතෙක් ලංකාවේ කිසිදාක නොවුණු ආකාරයට පවතින රජයේ ඇමැතියෙක් බන්ධනාගාර ගතවීම ඉතිහාසගත සිදුවීමක් කිව්වොත් නිවැරදියි. ඒ අනුව රටේ අනාගතය ගැන රිදී රේඛාවක් පේනවා...

:       0       0

Kazi Shajahan Sunday, 04 February 2024 11:41 AM

ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා තියෙන්නේ මහ ලෙඩෙක්නේ... මෙයා කොහොමද රටේ මිනිස්සුන්ගේ සුව සම්පත බලන්නේ... අපරාදෙ අපේ බදුසල්ලි... කොච්චර කාලයක් මේ වගේ කෙනෙක් තියාගත්තු එක...

:       0       0

විදුර Sunday, 04 February 2024 02:54 PM

මේ කහලගොඩ අයින් කරන්නකෝ... මීට වඩා වැදගත් පුවත් නැතිද?

:       0       1

nanda Sunday, 04 February 2024 03:44 PM

රජකම් කළත් කළකම් ඵලදෙයි...!

:       0       2

නාට්‍ය අධ්‍යක්ෂක Sunday, 04 February 2024 04:07 PM

නාට්‍ය නැගලාම යනවා බොලව්. අඩුමගානේ ලංගම බස් එකක මාංචු නැතිව බන්ධනාගාර රෝහලට යන එක ගැනවත් හිතලා සතුටුවෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා...!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැයි රැලිවලට වියදම කෝටි දෙසීයයි
2024 මැයි මස 03 94 0

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවිය.


ලාල් කාන්ත සමාජවාදය අත්හැරීම සතුටක්
2024 මැයි මස 03 1045 3

ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි
2024 මැයි මස 03 712 1

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස්


සැමියාගේ පිහි පහරින් බරපතල තුවාල ලැබූ බිරියත් මරුට
2024 මැයි මස 03 901 1

මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බිරිය


එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක්
2024 මැයි මස 03 835 0

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.


කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්
2024 මැයි මස 03 1630 0

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 465 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1890 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site