අතමිට ඇති අය පොලිසියට ගෙනවුත් බොරු නඩු පටලවා ඔවුන්ගෙන් මුදල් ගත් බව කියන කොහුවල පොලිසියේ තිදෙනෙකුගෙන් සම්බන්ධ පරික්ෂණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අරඹා ඇත.
සිද්ධිය ගැන පරික්ෂණ පැවැත්වු කොහුවල පොලිස් ස්ථානාධිපතිගෙන් ද හා ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරින්ගෙන් ද කරුණූ විමසා ඇත.
මහරගම ව්‍යාපාරිකයකු පොලිස්පතිට කළ පැමිණිල්ලක් අනුව විශේෂ විමර්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් ද සිල්වා මහතා පරික්ෂණ පවත්වයි.
සාදයකට ගොස් එද්දී නිදිමත නිසා පාර අයිනේ තම රිය නවත්වා නිදා ගනිද්දී තමා බීමත් සිටි බව පවසමින් පොලිසියට රැගෙන ගොස් පොලිසියේ තිබු වාහනයක් ගෙන්වා ඔහුගේ රිය එම වාහනයේ හැපුණු බවට නඩු නොපවරා සිටිමට නම් රුපියල් 15000ක් ඉල්ලා මහරගම ව්‍යාපාරිකයකු පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැනටම පොලිස් කොස්තාපල්වරයෙක් නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ගහන ගැහිලි දන්නෙ උඩ ඉන්න දෙවියොම තමයි (නි)
ඇත්ත මටත් ඔය විදියටම නඩු දාන්නත් හැදුව සල්ලිත් ඉල්ලුව සාප කලාම යන්න ගියා. (අ)
සමහර පොලිස් නිලධාරීන් හරිම කරදරයක්. ගොඩක් තැන් වලින් නොමිලේ නොයෙකුත් දේවල් ඉල්ලනවා, කන බොන දෑ පවා හෝටල් වලින් ඉල්ලනවා. (නි)
මටත් ගිය අවුරුද්දේ ඔවැනි සිදුවීමක් වුණා. එනම් A9 පාරේ තිරප්පනේ පසුකොට ගල්කුලමට කිට්ටුව පාරේ අලුත්වැඩියාවකට වාහන පෙළට නවතාගෙන සිටියා. ඒ වෙලාවේ මා ළඟට පැමිණි පොලිස් රථවාහන කොස්තාපල්වරයෙක්, මා වරදක් කර ඇති බව කියා බලපත්‍රය ඉල්ලා සිටියා. මා කළ වරද කුමක්දැයි ඇසූවිට, මා නගර සීමාව තුළ අධික වේගයෙන් වාහන ධාවනය කළබවත්, පොලිස් අණ නොතකා ධාවනය කළ බවත් ඔහු පවසා සිටියා. මගේ වාහනය නැවැත්වීමට වේග මාපකයක් අතැති පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් කිසිම පොලිස් නිලධාරියෙකු අණ නොකළ බව මා පවසා සිටියා. ඉන්පසු ඔහු ජංගම දුරකතනයකින් රථවාහන පොලිස් ස්ථානාධිපතිට කතාකරන ලෙස රඟපා නැවතත් බලපත්‍රය ඉල්ලා සිටියා. පිට පළාත් වලින් පැමිණෙන වාහන වලින් මේ ආකාරයට මුදල් ගසාකන බව මා දන්නා බැවින්, "ඉන්න මම පොලිස්පතිතුමාට කතාකරනවා" කියමින් මගේ ජංගම දුරකථනය අතට ගත්තා. එවිට "ආ.. යන්න සර්, යන්න සර්" කියා මාව නිදහස් කළා. (නි)
මටත් පොලීසියෙන් ඔය විදියටම නඩුවක් පටළවන්න හදලා පස්සේ මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් පොලීසියේ වැඩකරන කෙනෙක්ව අල්ලාගෙන දඩයක් ගෙවලා ෂේප් වෙන්න හදාගත්තා. (නි)
පොලිස්පතිතුමනි, ඔබ ආයතනය පිරිසිදු කරන්න (නි)
මටත් ඔය වගේම දෙයක් වුණා. මට යමක් කමක් කරන්න පුළුවන් හින්දා මම බේරුනා. මොවුන්ට දෙන්න තියන හොඳම දඬුවම දෙන්න ඕනෑ (නි)
මේවා අහනකොට ලංකාවට යන්නත් බයයි. පොලිස්පතිතුමනි, ඔබ ආයතනය පිරිසිදු කරන්න. නිල ඇඳුමේ ධර්ම චක්‍රයත් තියාගෙන කොහොමද මේවා කරන්නේ? (නි)
සල්ලි තියනවා නම් පොලිසියෙන් ඕනෑම දෙයක් කරගන්න පුළුවන්. අන්තිම දුෂිත තැනක්. (නි)