කහවත්ත ප්‍රාදේශිය සභාවේ විශේෂ මහා සභා රැස්වීමට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් කඩා වැදීම නිසා රැස්වීම මිනිත්තු 10කට සීමා විය.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වන ශාන්ත දොඩම්ගොඩ මහතා ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ඉදි කරද්දී වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා රිමාන්ඩ් කරනු ලැබ සිටියි.
එජාප මන්ත්‍රීවරු තිදෙනා පැවසූයේ තමන් රැස්වීමට පැමිණීමට පෙර උප සභාපති එස්.කේ.ටී.ගමගේ මහතා වැඩබලන සභාපති ලෙස පත් කරගෙන රැස්වීමේ කටයුතු අවසන් කර ඇති බවයි.
ඒ සමගම එජාප ආධාරකරුවෝද විරෝධය පාමින් එහි ඇතුළු වූහ. සභාපති රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම නිසා ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට මන්ත්‍රීවරුන් හතර දෙනා බැගින් සිටින බව එජාප මන්ත්‍රීවරුන් කියයි. ඔවුන්ගේ යෝජනාව වූයේ ගැටුම් ඇති නොවීමට නම් විපක්ෂ නායක ශාන්ත ගුරුගේ සභාපති පදවියටද උප සභාපති ලෙස වත්මන් උප සභාපතිවරයාම පත් කර ගත යුතු බවයි.
මේ ගැන ලබන 22 වැනිදා තීරණයක් ගන්නා බව උප සභාපති ගමගේ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කහවත්ත ප්‍රා සභාවට අලි කඩා වදිති