කහවත්තේ කොටකෙතන පේ‍්‍රමාවතී (65) මව ද, දියණිය පුෂ්පකුමාරි ද (32) ගෙදර මැද සාලයේදී මරා ඇදගෙන ගොස් කෙළවර කාමරයට දමා ගිනි තබා ඇතැයි ද, කැපී වෙන්වී ගිය ඇඟිල්ලෙන් ඒ බව පෙනෙතියි ද පොලිසිය අනුමාන කරයි. පුෂ්පකුමාරි මෙනවිය දිවි බේරා ගැනීම සඳහා මිනීමරුවන් හා සටන් කළ බව පෙනේ යැයි ද ඇගේ හිසට තියුණු අවියකින් 12 වරක් ගසා ඇගේ සායෙන් හිස බැඳ ඇතැයි ද පොලිසිය කියයි. මිනීමරුවන් මෙතෙක් අල්ලාගෙන නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් ඇදපු පින්තූරයක් දාවිද දන්නේ නෑ.....(ස.වි)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ........... (නි)
පොලිසියේ සේරම ගහලා පන්නලා දාන්න ඕනේ. (නි)
මිණි පුරය මිණී පුරය කියලා වෙනස් විය යුතුයි......(ස.වි)
මේ අපරාධකාරයින්වත් අල්ලලා පෙති පෙති ගහන්න ඕනේ. (නි)
මේ ප්‍රදේශයේ සුවිශේෂී මත් ද්‍රව්‍යක් භාවිතයේ තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ මගින් ඇති වන මනස් විකාරය ගැහැනුන් කෙරෙහි විශාල වෛරයක් ඇතිකරනවා.(වි)
මගේ මතය නම්, මේ වගේ අපරාධ සිදු වෙන්නේ මිනිස්සු නීතියට බය නැති නිසයි. මොකද මොන දේ කළත් ටික කාලයක් සිර ගෙයක ඉදලා නිදහස් වෙලා එන්න පුළුවන් කියලා මිනිස්සු දන්නවා. මම නම් කියන්නේ අපේ රටේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුමයි... (නි)
මෙවැනි අවාසනාවන්ත සිදුවීම් මින් මතු නොවෙතැයි සිතූවද නැවත නැවත එවැනි දේ සිදුවන විට හෙට හෝ අනිද්දා තවත් අපරාධයක් විය හැති යන සිතුවිල්ල සිතට වදදෙයි. එබැවින් කහවත්ත ගම්වාසින් පහත කාරණා ගැන ඔබගේ අවධානය යොදු කරන ලෙස මම යෝජනා කරමි. * ඔබ නිවසේ ආරක්ෂාව අඩු ජනෙල් හා දොරවල් ඇත්නම් ඒවා අළුත්වැඩියා කරගන්න. * සවස 6.00 වන විට වැසිකිලි යැම ආදිය අවසන් කොට නිවසේ පිටවන දොර යතුරු දමන්න. කුමන හේතුවක් නිසාවත් දොර අරින්න යන්න එපා. අසල්වැසියෙකු නම් ජනේලයෙන් බලා සැක හැරගන්න. නිවසට එන යන හා නාදුනන අයගේ පැමිණිම හා පිටවීම හා විශේෂ සිදුවීම් ගැන කෙටි විස්තරයක රහසේ තබාගන්න. * නිවසේ පිටත විදුලි බුබුලු පිලිස්සී ඇත්නම් ඒවා හරිගස්සන්න. හැකි තරම් ඉහලින් හා පහසුවෙන් ගැලවිය නොහැකි සේ කම්බි යොදන්න. * ඇතුලතින් පමණක් දොරගුලු දැමිය හැකි කාමරයක්, නිදන කාමරය ලෙස තෝරා ගන්න. අනාරක්ෂිත සියළුම ජනේල හා දොර ආදිය අළුත් වැඩියා කරගන්න. * රාත්‍රී 10.00 න් පසු වැඩි වේලාවක් රූපවාහිනය නැරඹීමෙන් වලකින්න. ඇසට වෙහෙස වැඩි වුවහොත් නින්ද යෑම වැඩියි. * රීචාජ් කල හැකි විදුලි පන්දමක් ඇද අසලමට තබා ගන්න. * අසල් වැසියන්ගේ දුරකථන අංක ඔබගේ ජංගම දුරකතනයේ A අක්ෂරය මුලට එනලෙස ගබඩා කර එයද ඇද අසලමට තබාගන්න. * විශේෂයෙන් මෙහි දැක්විය නොහැකි කිසියම් ආරක්ෂිත වැඩ පිලිවෙලක් වැඩිහිටි අසල්වැසියන් එක්ක පමණක් ඉතා රහසිගතව කතා කරගන්න. දරුවන්ට දැනගන්න තියන්න එපා. (නි)
මෙයාලගේ ඉඩම්වල මැණික් තියෙනවා....?මේක පිටිපස්සේ ලොකු සල්ලිකාරයෝ ඉන්නවා .එල්ලුම් ගහ ගේනකම් මේවා මිනිස්සුන්ට විහිළු වැඩ වේවි.....(ස.වි)
මේ අයට දෙන්න ඕනේ රජකාලේ දඩුවම් ... (දී)
මෙවැනි දෙයක් නැවත අසන්නට නොලැබේවා......(ස.වි)
මේවා අහලා ඇත්තටම කළකිරෙනවා.මොනවා වෙලාද මේ රටට? (නි)
එල්ලුමි ගහ තමයි මේවාට උත්තර- කොන්ද පණ නැති පාලකයෝ තවත් මේවා බලාගෙන ඉන්නේ ඇයි (දී)
පුවත් පතක පලකරලා තිබුනා කහවත්තේ මිනිමැරැම් 14න් 13කම මිනිමැරැ සැක කරැවන් අල්ලා ගෙන ඉවරයි කියලා. (මිනිමරැවන්ට මානවහිමිකම් තියෙන නිසා මේ නඩු වලින් මුන් නිදහස් වෙන්නත් බැරි නෑ). අපට අවශ්‍ය මේ මිනිමැරැම් නවත්වන එක. දැන් රටේ යුද්ධයක් නෑ සිවිල් අරක්ෂ නිලධාරී යොදවලා මේ අහින්සක ජීවිත බෙර ගන්න. මේ ප්‍රදේෂයේ ඉන්න පොලිස් නිලධාරී මැති/ඇමති මන්ත්‍රි වරැන් ලැජ්ජා වෙන්න ඔනේ. මිට වඩා හොදයි මෙ පුද්ගලයෝ ගිහින් හිගා කැවනම්. (දැන් වෙන්නේ රජය බදු පනවලා අපෙන් මුදල් අරන් මොහුන්ට වැටුප් ගෙවන එක නේද) (දී)
පොලිසියේ මහත්වරුන්ගේ උවමනාව හා උනන්දුව නිසා කාලයක් ගිහින් හරි මිනිමරුවන්ව නම් අල්ලයි. ඒත් උසාවි වල නඩු අවුරුදු ගනන් ඇදෙන නිසා මිනිමරුවන්ව වාසි වැඩියි. උසාවි වලින් කාලෙ කකා නාස්ති කරන්නේ අපි ගෙවන බදු මුදල් නේද? ඒ නිසා....මිනිමරුවන්ට නඩු අවශ්‍ය නෑ. උල තියලා මරා දාන්න. (නි)
හේමන්ත ඒක කරන්නෙත් ගානක් කපා ගන්න බලාගෙන නේද ? (දී)
මේ පාපතරයො අල්ලා ගන්න බෑ කියන්නෙ....ලොවෙත් නැති ලැජ්ජාවක්....වග කිව යුත්තො වගකීම බාර ගන්න ඕන.... (නි)
ආශ්වර්යයේ අපාය... (නි)
ධම්මික කොකහාමද ඒක කරන්නේ. එතකොට කවුද දේශපාලඥයින්ගේ වැඩ කරන්නේ. එයාලා තමයි මේ මැරයන්ව ආරක්ෂා කරන්නේ. හොද දේශපාලකයෝ ඉන්නවා. ඔවුන් මේවාට විරුද්දයි. (නි)
සම්පූර්ණ වගකීම පවතින රජය විසින් භාරගත යුතුයි. (නි)
කලින් අම්මයි දුවයි ඝාතනය කළ අවස්ථාවෙ ඝෘජුවම දේශපාලන ඇගිලි ගැසීම් සිදුවුණා කියලා කහවත්තෙ කවුරුත් දන්නවා.. හැබැයි මේකට එහෙම නැතිව ඇති... මොකද ඡන්දෙ ළග නිසා කවුරුවත් මඩ ගාගන්න කැමති නැහැ..නෙ...(නු)
පාලකයිනි, මේවා ගැන මීය වඩා සොයාබැලිය යුතුයි..... මේ පළාතෙත් ඇමතිවරු, මන්ත්‍රීවරු ඉන්නවනේ නේද ????.(ස.වි)
කාතාව කෙසේ වෙතත් මේ මිනීමරුවො තවමත් නිදැල්ලේ (අ)
මෙවැනි ප්‍රදේශවල මැණික් පතල්වල වැඩ කරන අය කාලයකදී වෙන්ව යන්නේ බද්ධ වෛරයකිනි.පසුව මේ වෛරය පිහිමහා ගන්නේ මිනීමැරීමෙනි.නැතිනම් ඒ පවුල්වල ගැහණු අය දූෂණයට ලක් කිරීමෙනි. මෙය නූගත්කම හා සැලසුම් සහගත ජීවන ඉලක්කවලට අනුව ජීවත් නොවීමේ පුරුද්ද සමඟ බැඳී පවතී.සමාජ විද්‍යාඥයින් විසින් මේ ප්‍රදේශවල සිදුවන මෙවැනි සාහසික මනුෂ්‍ය ඝාතන පිලිබඳව සිදුකළ සමාජවිද්‍යා විමර්ශනවලින් පසුව නිකුත්කළ වාර්තාවක එසේ සඳහන්ව තිබූ අතර ඒ සඳහා ඒ ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීම මුලිකව සිදුකළ යුතු ප්‍රධානතම කාර්යයක් බව පෙන්වාදිය යුතුමය. (අ)
නූගත් මිනිස්සු ඉන්න ගමක්, තන්හාවට මිනීමරණ අමනුස්සයෝ (අ)
මෙතන පොලිසියට බැනලා වැඩක් නැහැ.. කලින් මිනීමැරැම් වල සැකකරුවන් අල්ලාගත්තා වගේ මේකත් වැඩි දවසක් යන්න කලින් අල්ලයි.. මේවා එකකට එකක් සම්බන්ධ නැහැ.. හරි දේ තේරුම් අරගෙන අදහස් දැම්මොත් හොදයි..!(නු)
දේශපාලන ඇගිලි ගැසීමක් නැතිවුණොත් මේ මිනීමැරුම සිදුකළ පුද්ගලයා ඉතාම ඉක්මනට අල්ලා ගනීවි..!! (ස)
මිනිමරුවාට හොඳක් නොවේවා .....(ස.වි)
මිනීමරුවන්ට හොදක් නම් නොවේවා! (නි)
මිණීමරුවන්ට මේක අමතක වෙන්න කලින් අත්අඩංගුවට ගන්න.....!! (ස)
දේශපාලනය නීතියට සහ අපක්ෂපාති පොලිස් පරීක්ෂණ වලට බලපෑම් කරන තාක්කල් මෙවැනි දේවල් තව තවත් ඉදිරියට සිදුවේවි. (නි)
ආයෙත් සැරයක් 2600 සමරමුද ? පොඩ්ඩ බැරිවෙනකොට කපා කොටා ගන්න ගෝත්‍රිකයෝ.......(ස.වි)
බොලවු, දොළොස් පාරක් ඔළුවට ගැහුවා නම් ඒ ගහපු එක පාරකින් හරි මොනවා වත් හොයා ගන්න බැරි වුණාද? (නි)
ඝාතන 14 ම එකකට එකක් සම්බන්ධ ඇති කියලයි මටනම් හිතෙන්නේ ......විශේෂයෙන් ද්විත්ව ඝාතන 3 ම.... අනේ අපේ පොලීසියට මොනවා වෙලාද හැබෑටම......(ස.වි)
පොලිසිය හොරු අල්ලන් එනකම් ඉන්නවනේ (දී)
එම සමාජයේ ජිවත් වන මිනිසුන් මානසික වශයෙන් දැනුවත් කළ යුතුයි .(ස.වි)
හරිම ලැජ්ජයි අපේ පොලීසිය ගැන ....මොකද අපරාධ නවත්වන්න බැරි.....(ස.වි)
පොලීසියට බනින්න එපා . එයාලට පාරේ ඉරි කපන ඒවා බලන්න, සීට් බෙල්ට් දාගෙන යනවද බලන්න වගේ ගොඩක් වැඩ තියෙනවානේ ....(ස.වි)