මරමන්නාරම උසාවියේ මහේස්ත්‍රාත්ට තර්ජනය කිරීම උසාවි දේපොළට හානි කිරීම දේශපාලන උසි ගැන්වීම් වලට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු මුල්කැරගෙන ශ්‍රී ලංකාවේ සියලු අධිකරණවල විනිසුරුවරු ද නීතිඥවරු ද අද වැඩ වැරීම නිසා උසාවි සියල්ලම වැසී ඇත. ගාල්ලේ නීතිඥවරු ද උසාවිය අසල විරෝධය දක්වන්නට වූහ. කිහිලිකරුවෙන් ආ පුද්ගලයකුට ටික වේලාවක් වාඩි වී ආපසු යෑමට සිදු විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ නවත්තුවම ඉතින් ඔය මහත්තුරුන්ටමනේ පාඩු
නීති වේදීන් කියන්නේ මිනිසුන්ගෙන් මුදල් අරන් හිරේ යවන කට්ටියටයි (දී)
වැඩ නැවැත්තුවට ඒ ගොල්ලන්ගේ ගාන එයාලා ගානට කපනවා. (සවි)
ඇරල තිබුණත් එකයි....වහල තිබ්බත් එකයි...වෙනසක් නෑ.... (ස.වි)
විනිසුරුවරුන්ට වැඩවර්ජන නවත්තන්න කියලා නියෝග දෙන්න වෙන්නෙ කාටද? දිගටම ඔහොම යමු.. ජය වේවා!!(නු)
ආණ්ඩුවේ පහල මටිටෙමි නායකයන් පුංචි කෙළි පොඩ්ඩෝ කෙළි බඩු කරෙගන දුෂණය කරණවා ඉහල අය අධිකරණය තම පාලනයට ගන්න හදනවා ඔය කෙල ගහගන්නේ උඩ බලාගෙන තමන්ගේ මූණටයි දේශපාලන බලය හැමදාම මිනිස්සුන්ට රදා ගන්න බෑ ඒත් අධිකරන බලය හැමදාම තියනවා ඔය ඔක්කටම වන්දි ගෙවන්න වෙනව හැව ගැලවුනාම (සවි)
උසාවිය හැමදාටම වහළ දානවනම් හොඳයි. නීතියක් නැති රටක උසාවිය බම්බුගහන්න ද ? (සවි)
නීතියේ ආශ්වර්යයට ජය වේවා! (නි)
නීතියේ ආශ්චර්යය. ජයවේවා.............!!!!!!!!! දිගටම ඔහොම කරගෙන යන්න. (සවි)
වැඩ නැවැත්තුවම ඉතින් ඔය මහත්තුරුන්ගේ ආදායමමනේ අඩු වෙන්නේ... (නි)
මුස්ලිම්වරුන්ටම ගිය රට. (නි)
ලංකාවේ තොප්පිකාරයෝ වැඩිවෙලා වගේ (සවි)
කොහොම වුනත් සල්ලි වලට ලෝයස්ලා රිෂාඩ් වෙනුවෙන් ආතමය පාවලා දෙයි. මේක ලංකාවේ ආශ්චර්ය. නීතීඥයෝ වැරදි කාරයෝ වෙනුවෙන් පෙනී ඉන්න හින්දා ඇමතිලා බය නැහැ. (සවි)
නීතීඥයෝ කොහොමත් පෙනී ඉන්නේ වැරදිකාරයෝ වෙනුවෙන්නේ.මේක තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
අනේ මන්දා, බලධාරියෝ නිදිද කියලා?. (නි)
මාර වැඩක්නෙ.. වෙන කවුරැහරි උද්ඝෝෂණය කළොත් මෙයාලා ඒකට දානවා වාරණ නියෝග.. එතකොට මෙයාලගෙ උද්ඝෝෂණයට වාරණ නියෝග දෙන්නෙ කවුද? මේවට තමයි කියන්නෙ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා.. (නු)
කිහිලිකරුවෙන් ආ කෙනන නම් පවු. ඒත් වැඩ වැරුවයි කියලා අපිට පාඩුවෙයි. (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)
දැන් ශ්‍රී ලංකාව කෝලම් මඩුවක් වගේ.... හැම දාටම මිනිස්සු පාරට බහිනවා. කෝ නීතිය. (සවි)
රට පෙරට.... (නි)