
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පීඩාකාරී අවි ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන දින 30 කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චි මහතාගේ මහතාගේ නිවස පිහිටි සුවිසල් වත්ත අද පුරා පැය 4 කට ආසන්න කාලයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් සමග විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි ඒකකයේ නිලධාරීන් වෙත ලද රහසිගත තොරතුරකට අදාළව ඒ සම්බන්ධයෙන් පුද්ගලික ඔත්තුකරුවන් හා අපරාධ බුද්ධි නිලධාරීන් යොදවා තොරතුරු සොයා බැලීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතා විසින් උප පොලිස් පරීක්ෂක මධුක භාෂිත රසාංජන නිලධාරියා නමින් කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කර සෝදිසි වරෙන්තුවක් ලබා ගැනිණි.
අනතුරුව ඉකුත් 16 වෙනිදින පිළියන්දල මාම්පෙ වවනවත්තපාරේ නිවස වෙත ගොස් සෝදිසියට ලක් කර එකී නිවස තුළ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සන්තකයේ තබාගෙන සිටි බෝර 16 වර්ගයේ ගිනි අවි 01 ක්, ටි 56 ගිනි අවිවලට යොදන මැගසින් 02 ක්, එකී උණ්ඩ 221 ක් මි. මි.0 22 වර්ගයේ ජිව උණ්ඩ 103 ක් මි. මි 7.62 වර්ගයේ උණ්ඩ 31 ක් හා විදේශීය රටක නිෂ්පාදිත ජීව බෝම්බ 01 ක් අත්අඩංගුවට ගෙන දේපළ සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද කියාදී එම ලිපිනයේ පදිංචි චන්දන පුෂ්ප කුමාර කති ආරච්චි මහතා අත්අඩංගුවට ගන්නා ලදී.
අද දින සිදු කළ මෙහෙයුමෙන් කිසිදු සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd