
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බෝතලේ පහලගම කොස්හේන් කන්ද මුදුනේ තිබූ දෑවැන්ත ගල් කුට්ටියක් අද උදේ ගස් ගල් පෙරලාගෙන පහළට ඇද වැටී නිවසක් ආසන්නයේ කොස් ගසක රැදීම නිසා ඊට පහලින්වූ නිවාස දහයක පමන ජනතාව අනුනවයෙන් බේරී ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මහ හඬ නංවමින් ගල් කුළ පෙරලුනු බව අසල්වැසියෝ කීහ.
දෑවැන්ත ගල කුට්ටිය පහලින්වූ නිවසට අඩි පනහක පමන ආසන්නයේ පිහිටි කොස්ගසක ගැටී රැදී තිබිනි. එම කොස් ගසද ටිකෙන් ටික ඇලවීගෙන යනු පෙනෙන්නට තිබිනි.
කදු මුදුනේ සිට අඩි දෙසීයක පමන දුර ප්‍රමාණයක ගස් ගල් ගැලවී යාම නිසා තවත් ගල් කුට්ටි ගනනාවක් පහලට ඇද වැටීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව දැකිය හැකිවිය. ගැලවී වැටුනු ගස් අතර විශාල ප්‍රමානයේ ඒවාද විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම ගල පුපුරවා නිවාස බේරාගන්න. විනාශය ස්වභාවධර්මයා විසින්ම වැලැක්වීම පුදුම සහගතයි.