IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුස්සි මාරයා ගනේමුල්ලෙන් අල්ලයි

කල් ඉකුත්වූ සෝස්, මොනෝ සෝඩියම් ග්ලූටනමේට්  (කුස්සියේ මාරයා)  සහ තවත් ටින් ආහාර විශාල ප්‍රමාණයක් අලෙවිය සදහා ගණේමුල්ලේ ගබඩා කර තිබියදී අද සවස සොයා ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයය කියයි. ලොරියක පමණ බඩු එහි තුබූ බවත් එම දුව්‍ය විනාශ කිරීමට අයිතිකරු එකඟවූ බවත් නිලධරයෝ කියති. ගනේමුල්ල පොලීසියට නුදුරු ස්ථානයක පිහිටි උත්සව ශාලාවක් පරීක්ෂා කිරීමට ගොස් සිටි බොල්ලත මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මේ ද්‍රව්‍ය සොයාගත්තේය. එම ආහාර ද්‍රව්‍ය ගබඩාකර තබා ගත් පුද්ගලයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවකයන්ගේ හිඟකම නිසා තවම සියලු ද්‍රව්‍ය ගබඩාවෙන් ඉවත් කර නැති බවත්, තවත් බොහෝමයක් ඉවත් කිරීමට ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධරයෙක් එසැණට කීය.



අදහස් (0)

කුස්සි මාරයා ගනේමුල්ලෙන් අල්ලයි

ජයා Saturday, 13 October 2012 11:49 AM

රසකාරක (කුස්සියේ මාරයා ) ...(ස)

:       0       0

මුතුකුඩ Friday, 12 October 2012 09:37 PM

මේ වගේ දේවල් තාමත් ගබඩවල ඇති. සොයා බැලීම කාගේත් වැඩක්. (ස)

:       0       0

දයා-සවුදි Saturday, 13 October 2012 12:30 PM

අර සිමෙන්ති වලට කළා වගේ මේවගේ ඒවායෙත් දින වෙනස් කරන්න පුලුවන්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 01:13 PM

මාර කරදරේ (ස)

:       0       0

හේරත් Saturday, 13 October 2012 01:22 PM

අයියෝ සල්ලි

:       0       0

රජිත Friday, 12 October 2012 11:39 PM

මේ ඔක්කොම බේරගන්න තිබුණා කීයක් හරි වියදම් කළානම්..!(නු)

:       0       0

පිටිගල මිලානෝ Friday, 12 October 2012 05:13 PM

මිලානෝ නගරයේ ලංකාවේ කඩවල කල් ඉකුත්වූ භාණ්ඩ දිනය මාරු කරලා විකුණනවා. මෙහි භයානක කම දැන් වත් තේරුම් ගන්න. බඩු හිලදී ගැනීමට පෙර හොදින් දිනය කියවන්න. (ස)

:       0       0

පනාගොඩ මිලානෝ Saturday, 13 October 2012 02:47 PM

සේපාලි, මිලානෝවල කඩයක් වහන්න වුණා. මල්ලි කඩේ පිටුපස්සේ ඉදන් හොර දින ඇලෙව්වා. අයියා කැෂියර් එකේ ඉඳන් ඒවා විකුණුවා (අ)

:       0       0

සම්පත් Saturday, 13 October 2012 11:23 PM

වැඩියෙන් ලාභ ලබාගන්න ඕනනම් දහජරා වැඩක් කරන්න පව්කාරයෝ...

:       0       0

සේනාරත්න Saturday, 13 October 2012 04:08 AM

කස්ටිය මැර ප්‍රහාරයකට මුහුණ දීමට සුදානම් වෙන්න. (නු)

:       0       0

සේපාලි Friday, 12 October 2012 06:36 PM

කඩේ නම දාන්න අපිටත් දැනගන්න. (ස)

:       0       0

අචලා Friday, 12 October 2012 06:36 PM

කුස්සි මාරයාට දඩයක් ගහන්න. ලංකාව පුරාවටම සෞඛ්‍ය පරීක්ෂකවරු 5000 බඳව ගන්න. සෑම ආපන ශාලාවක්ම වෙළෙඳ සැළැක්ම පරීක්ෂාවට ලක්කරන්න. (ස)

:       0       0

වසන්ත ගල්ලේ Saturday, 13 October 2012 11:14 AM

මොනව ගැනද මේ හංගල කියන්නේ "මොනෝ සෝඩියම් ග්ලූටනමේට් (කුස්සියේ මාරයා)" පාරිබෝගික සාමාන්‍ය ජනතාව දන්නවද මොනවා ගැනද මෙඅ කියන්නේ කියල......!!! හැමෝටම තේරෙන බෂාවෙන් කියන්න "රසකාරක " කියල (ස)

:       0       0

දුමින්ද Saturday, 13 October 2012 11:19 AM

මේ වගේ දේවල් කන්න බොන්න දීමෙන් රටක් ජාතියක් උනත් විනාශ කල හැකියි ත අපේ අයට මේවගේ බරපතලකම තේරෙන්නේ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site