කල් ඉකුත්වූ සෝස්, මොනෝ සෝඩියම් ග්ලූටනමේට් (කුස්සියේ මාරයා) සහ තවත් ටින් ආහාර විශාල ප්‍රමාණයක් අලෙවිය සදහා ගණේමුල්ලේ ගබඩා කර තිබියදී අද සවස සොයා ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයය කියයි. ලොරියක පමණ බඩු එහි තුබූ බවත් එම දුව්‍ය විනාශ කිරීමට අයිතිකරු එකඟවූ බවත් නිලධරයෝ කියති. ගනේමුල්ල පොලීසියට නුදුරු ස්ථානයක පිහිටි උත්සව ශාලාවක් පරීක්ෂා කිරීමට ගොස් සිටි බොල්ලත මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මේ ද්‍රව්‍ය සොයාගත්තේය. එම ආහාර ද්‍රව්‍ය ගබඩාකර තබා ගත් පුද්ගලයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවකයන්ගේ හිඟකම නිසා තවම සියලු ද්‍රව්‍ය ගබඩාවෙන් ඉවත් කර නැති බවත්, තවත් බොහෝමයක් ඉවත් කිරීමට ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධරයෙක් එසැණට කීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ නගරයේ ලංකාවේ කඩවල කල් ඉකුත්වූ භාණ්ඩ දිනය මාරු කරලා විකුණනවා. මෙහි භයානක කම දැන් වත් තේරුම් ගන්න. බඩු හිලදී ගැනීමට පෙර හොදින් දිනය කියවන්න. (ස)
කඩේ නම දාන්න අපිටත් දැනගන්න. (ස)
කුස්සි මාරයාට දඩයක් ගහන්න. ලංකාව පුරාවටම සෞඛ්‍ය පරීක්ෂකවරු 5000 බඳව ගන්න. සෑම ආපන ශාලාවක්ම වෙළෙඳ සැළැක්ම පරීක්ෂාවට ලක්කරන්න. (ස)
මේ වගේ දේවල් තාමත් ගබඩවල ඇති. සොයා බැලීම කාගේත් වැඩක්. (ස)
මේ ඔක්කොම බේරගන්න තිබුණා කීයක් හරි වියදම් කළානම්..!(නු)
කස්ටිය මැර ප්‍රහාරයකට මුහුණ දීමට සුදානම් වෙන්න. (නු)
මොනව ගැනද මේ හංගල කියන්නේ "මොනෝ සෝඩියම් ග්ලූටනමේට් (කුස්සියේ මාරයා)" පාරිබෝගික සාමාන්‍ය ජනතාව දන්නවද මොනවා ගැනද මෙඅ කියන්නේ කියල......!!! හැමෝටම තේරෙන බෂාවෙන් කියන්න "රසකාරක " කියල (ස)
මේ වගේ දේවල් කන්න බොන්න දීමෙන් රටක් ජාතියක් උනත් විනාශ කල හැකියි ත අපේ අයට මේවගේ බරපතලකම තේරෙන්නේ නෑ (ස)
රසකාරක (කුස්සියේ මාරයා ) ...(ස)
අර සිමෙන්ති වලට කළා වගේ මේවගේ ඒවායෙත් දින වෙනස් කරන්න පුලුවන්. (නි)
මාර කරදරේ (ස)
අයියෝ සල්ලි
සේපාලි, මිලානෝවල කඩයක් වහන්න වුණා. මල්ලි කඩේ පිටුපස්සේ ඉදන් හොර දින ඇලෙව්වා. අයියා කැෂියර් එකේ ඉඳන් ඒවා විකුණුවා (අ)
වැඩියෙන් ලාභ ලබාගන්න ඕනනම් දහජරා වැඩක් කරන්න පව්කාරයෝ...