කාසල්රී ජලාශ රක්ෂිතයේ අද (03) පස්වරු 7 ට පමණ හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 3ක පමණ භූමි ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී ඇතැයි පොලිසිය කියයි.
හැටන් මස්කෙළිය ප‍්‍රධාන මාර්ගයේ නිව්වැලිවත්ත ප‍්‍රදේශයෙන් ගින්න හටගෙන ඇති බවත් පවතින වියළි කාළගුණ තත්වය සහ තද සුළං හමුවේ ගින්න සීඝ‍්‍රයෙන් පැතිරගොස් ඇත.
නෝර්වුඩ් පොලිසිය මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිතය ගිනි තබන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි තිරිසන් මිනිසුන් ලෝකයටම බරක්.(බ)
සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිතයට ගිනි තැබූ දෙපා සතුන් දඩයම් කිරීමට අපේ පොලීසියට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
හෙටක් ගැන නිසිතැන කාලකන්නි මිනිසුන්. කවද හැදෙයි ද මන්ද (ම)