(හැටන් රංජිත් රාජපක්‍ෂ)
කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු කාන්තා මළසිරුරක් අද (30) උදැසන සොයා ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
කාසල්රි ජලාශයේ වේල්ලට ආසන්නයේ කාසල්රි වත්ත ප්‍රදේශයෙන් මෙම මල සිරුර සෙයාගනු ලැබ තිබිණ.
මල සිරුර කාසල්රි වත්තේ පදිංචි සුන්දර්ලිංගම් සිවකුමාරි (30) නම් දෙදරු මවකගේ බවට හදුනා ගෙන තිබේ. ඇය පැලඳ සිටි පාවහන් යුගළද ජලාශය අසල තිබි පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.
මෙම කාන්තාව ක්ෂය රෝගයෙන් පෙලෙන බවත් ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඇය පදිංචි හැටන් රුවන්පුර ප්‍රදේශයේ සිට තම මවගේ නිවසට ගොස් සිටි අවස්ථාවේ ජලාශයට පැන සිය දිවි හානි කර ගන්නට ඇති බවත් පොලිසිය අනුමාන කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ෂය රෝගය සුව කල හැකි රෝගයක්. මෙයින් තේරුම් යන්නේ බොහෝ අයගේ තියෙන නොදැනුවත්කමයි. වැලිසර ක්ෂය රෝග රෝහලට යොමු වීනම් ඇය මෙවැන්නක් නොකර ගන්නවා ඇත.
නොදැනුවත්කම සහ මෙම රෝගයට තිබෙන සමාජ භීතිකාව මෙම තීරණයට මුල් වෙන්න ඇති. අපරාදේ සුවකළ හැකි රෝගයක්... මාසයකට වඩා කැස්ස තිබේ නම් ළඟම රෝහලකට යන්න.