කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාල දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස විශාල පිරිසක් කොළඹ හත ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරයට පැමිණෙති.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරපක්ෂ මහතා ද අද සම්බෝධි විහාරස්ථානයට පැමිණ අවසන් ගෞරව දැක්වූහ.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසලධම්ම හිමියනි, ඔබ වහන්සේ අපට අහිමි වූයේ රටට ඔබ වහන්සේගේ සේවය අත්යාව්යය මොහොතකයි. ඔබ වහන්සේගේ අඩුව අදට වඩා හෙට අප මාතෘ භූමියට තදින්ම දැනේවි. රට, ජාතිය, ආගම ගැන සෘජු අදහස් නොබියව ප්‍රකාශ කළ ඔබ වහන්සේ ජාතික වීරවරයාණන් වහන්සේ නමකි. දෙව්ලොව සිට මනුසත් දෙරණට ඔබ වහන්සේ වැඩියේ බෞද්ධයා මාධ්‍ය ජාලය නැමති බීජය රෝපණය කිරීම සඳහාය. අද එම බීජය විශාල අතු පතර විහිදුණු දැවැන්ත වෘක්ෂයක් බවට පත්ව අවසන්ය. එම වෘක්ෂයේ අතු ඉති තව චිරාත් කාලයක් ගතවන තෙක් කිසිවෙකුටත් කඩා, කපා සිඳ බිඳ දැමිය නොහැකි අයුරින් වර්ධනය වී ඇති බව දන්නා නිසාවෙන්ම ඔබ වහන්සේ නැවත දෙව්ලොව වෙත වැඩම කර ඇත. කුසලධම්ම හිමියන්ට සිදුකරන සැබෑම පූජාව සැබෑම ගෞරවය නම් උන් වහන්සේ පැතූලොව ගොඩනැගීමයි. එනම් උන්වහන්සේ රෝපණය කළ ධර්ම වෘක්ෂයෙන් ධර්ම ඔසු පානයකර සසර දුක නැමති රෝගය සුවපත් කර ගැනීමයි. ලෝක සත්වයාගේ සසර දුක නැමති රෝගයට ඇවැසි ඖෂධය වන බෞද්ධයා මාධ්‍ය ජාලය නැමති දැවැත්ත වෘක්ෂය බිහි කළ පින ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහා හේතුවේවා!
සම්බුදු සසුනඹර බැබලවු සුපුන් සඳක් වූ අතිපූජණීය දරණාගම කුසලධම්ම මාහිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අනූපමේයයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට පිරිමැසිය නොහැකි පාඩුවක්... නිර්මල ත්‍රිපිටක ධර්මය ලොවපුරා ඉතාමත්ම ගෞරවාන්විතව බෙදාදුන්නා. ලංකාවේ නන්දෙසින් වැඩසිටි ත්‍රිපිඨකාචාර්ය, සිල්වත්, ගුණවත්, විචිත්‍ර ධර්මකථික දේශකයන් වහන්සේලා, අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහානාහිමිපාණන් වැනි මහා බෝධිසත්වයන් වහන්සේලා ලෝකයට හඳුන්වා දුන්නා. කුමක් හෝ සසරේ දෝෂයකින් මෙවන් ආකාරයෙන් හදිසියේ අපවත් වූවත් නිදා පිබිදියාක් මෙන් දිව්‍ය ලෝකයේ පහළවෙන්න ඇති. එසේ නොවනවා නම් මේ සම්බුද්ධ ශාසනය බබළවන්න නැවත පහළවනු ඇති. සම්බුද්ධ ශාසනයක් බබලවන්න උපරිම ශක්තිය යෙදවූ මහා පුණ්‍යවන්ත උතුමන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය ඉක්මන් භවයකදී පසක්වේවා..! සාදු ..! සාදු ..!! සාදු ..!!!
කොළඹ අගරදගුරුතුමා ආපු එක කොච්චර හොඳද. නිවන් සැප ලැබේවා!
කාදිනල් තුමාගේ ජායාරුපය මුලින්ම දාන්න තිබුනේ.
බෞද්ධ නාලිකාව සහ අදාළ විශාල ධන සම්භාරය පිළිබඳව ගැටළුකාරී තත්වයක් පැන නැගී ඇති බව මාධ්‍ය මගින් අප දැනුවත් වුණා. එහි අලුත්ම තත්ත්වය කෙසේද?
බෙල්ලන්විල හාමුදුරුවන්ට වගේ හාමුදුරුනමක් හිටියානම් නාලිකාව සහ ධනය පිළිබඳව ප්‍රශ්න ඇතිවන්නේ නැහැ.
පිටිගල ඇයි ඔහොම පව් පුරවාගන්නේ?
පිටිගල මොකෝ බාර අරන් කරන්න වත්ද?