විනීතා එම් ගමගේ
කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාල දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා (08) සවස සිදු කිරීමට තීරණය වී ඇත.
ආදාහන පූජෝත්සවය පැවැත්වෙන වේලාව සහ ස්ථානය පිළිබඳව අද (3) සවස පැවැත්වෙන දායක සභාවේ විශේෂ රැස්වීමකදී තීරණය කෙරෙනු ඇතැයි බෞද්ධයා නාලිකාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
උන්වහන්සේගේ දේහය අද රාත්‍රි 10ට පමණ විහාරස්ථානයට වැඩමවීමට නියමිත අතර රාත්‍රි 12 න් පසු ජනතාවට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබාදෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යහපාලනය ආවත් හරි අපේ රටේ උගත් ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා කීනමක් අපවත් වුණාද? රටේ අවාසනාව.!!!
හිතවත, කෙනෙකුගේ වයස ඔහුගේ හෝ ඇයගේ කර්මශක්තිය අනුව මිස දේශපාලකයන් විසින් නිගමනය කරන්නේ නැත. ඔබගේ නොදන්නාකම මිස තව බොහෝ දෙනා පරලොව ගොස් ඇත. ඒවත් ඔවුන්ගේ කර්ම ශක්තිය අනුව සිදුවී ඇත. මිනිසත් බව ලැබෙන සියලුම දෙනා නිවන් අවබෝධ පිණිස කර්ම ශක්තියෙන් ආපු දෙය නොකර පරලොව යති. බොහෝ කලකින් ලැබෙන මිනිසත් බැවින් ඵල ලබන්නේ ඉතාමත් සුළු පිරිසකි. ලක්බිම ඉපදී ඇති අපිට මේ වාසනාව ලැබී ඇත. සුවපත් වේවා!!!
කුසල ධම්ම හිමියනි, ඔබ වහන්සේ අපට අහිමි වූයේ රටට ඔබ වහන්සේගේ සේවය අත්‍යාවශ්‍ය මොහොතකය. ඔබ වහන්සේගේ අඩුව අදට වඩා හෙට අප මාතෘ භූමියට තදින්ම දැනේවි. රට, ජාතිය, ආගම ගැන සෘජු අදහස් නොබියව ප්‍රකාශ කළ ඔබ වහන්සේ ජාතික වීරවරයාණන් වහන්සේ නමකි. දෙවු ලොව සිට මනු සත් දෙරණට ඔබ වහන්සේ වැඩියේ බෞද්ධයා මාධ්‍ය ජාලය නැමති බීජය රෝපනය කිරීම සඳහාය. අද එම බීජය විශාල අතු පතර විහිදුනු දැවැන්ත වෘක්ෂයක් බවට පත්ව අවසන් ය. එම වෘක්ෂයේ අතු ඉති තව චිරාත් කාලයක් ගත වන තෙක් කිසිවෙකුටත් කඩා, කපා සිද බිද දැමිය නොහැකි අයුරින් වර්ධනය වී ඇති බව දන්නා නිසාවෙන්ම ඔබ වහන්සේ නැවත දෙව් ලොව වෙත වැඩම කර ඇත. කුසල ධම්ම හිමියන්ට සිදු කරන සැබෑම පූජාව සැබෑම ගෞරවය නම් උන් වහන්සේ පැතූ ලොව ගොඩ නැගීමයි. එනම් උන් වහන්සේ රෝපනය කළ ධම් වෘක්ෂයෙන් ධම් ඔසු පානය කර සසර දුක නැමති රෝගය සුවපත් කර ගැනීමයි. ලෝක සත්වයාගේ සසර දුක නැමති රෝගයට ඇවැසි ඖෂධය වන බෞද්ධයා මාධ්‍ය ජාලය නැමති දැවැත්ත වෘක්ෂය බිහි කළ පින ඔබ වහන්සේ ට පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහා ම හේතු වේවා !
සුමදුර හඩින් අප සැම සිත් පහන් කොට ධර්ම දානය දුන් ඔබවන්සේට අමාමහ නිවන් සුව.