(රංජිත් රාජපක්‍ෂ)
කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයට අද (22) තේ කර්මාන්ත ශාලාවක ඉවතලන දැවි තෙල් සහ කසල තේ දියකර මුදාහැරිම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්‍ෂණයක් ආරම්භ කර ඇත.
බගවන්තලාව මහඑළිය රක්‍ෂීතයේ සිට කාසල්රි ජලාශයට කිලෝ මීටර් 20ක් පමණ දුරට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය ආසන්නයේ පිහිටි බගවන්තලාව ප‍්‍රදේශයේ ඇති තේ කර්මාන්ත ශාලාවකින් මෙම තෙල් මුදා හැර තිබේ.
මේ හේතුවෙන් ජලය කළු පැහැයෙන් ගලා බැසීම නිසා එම ඔයේ ජලය පරිහරණය කරන අය දැඩි අසිරුතාවයට පත්වි ඇති බවත් කෙසෙල්ගමු ඔයේ මත්ස්‍යන්ටද මෙයින් හානි වී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර ඇමැතිතුමා මේ ප්රවෘත්තිය පත්තරෙන් දකීවි නේද?