දිලීප් ජයසේකර සහ චන්ද්‍රසේන ගමගේ
නියමිත පරිදි නියමිත වේලාවට අවුරුදු කෙසෙල් පොළ නොතැබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සූරියවැව කෙසෙල් ගොවීහු කියති.
සැම වසරකම අවුරුදු පොළ උදෑසන ආරම්භ වුවද අද එලෙස උදෑසන ආරම්භ නොවූ බව ගෝවීහු පවසති.
සූරියවැව කෙසෙල් කැන් තොග පොළ භූමියේදී තම අස්වැන්න කුණු කොල්ලයට මිලදී ගැනීමට අතරමැදි වෙළදුන් උත්සාහ ගත් බව ද ඔවුහු පවසති.
තොග පොළ භූමියේදී ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 25 ට මිල තීරණය වි තිබුණු අතර කෝලි කුට්ටු කිලෝග්‍රෑමයක මිල තීරණය වී තිබුණේ රුපියල් 50ත් 60 අතර මිලකටය. නිෂ්පාදන මිලවත් තමන්ට නොලැබෙන බව පවසමින් සූරියවැව කෙසෙල් වගා කරුවෝ අද දින වෙළඳුන්ට කෙසෙල් විකිණීම ප්‍රතික්ෂේප කළහ.
ගෝවීහු සිය ගණනක් මේ වන විටත් පොළ භූමිට වී සිටිති.
වසරක් තිස්සේ ගිණි අවුවේ වේලෙමින් වන අලින් සමග මාරාන්තික සටනක් කරමින් ජීවිතය ගැට ගසා ගන්නා තමන්ට එළඹෙන අලුත් අවුරුද්දේ දරු මල්ලන් සමග බඩ ගින්නේ ගත කරන්නට සිදුව ඇතැයි සූරියවැව ගොවි ජනතාව පවසති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රටේ වගාවන්ට ගිය කලක්. මම ඉන්න ගම්පහ ප්‍රදේශයේ ඇඹුල් කෙසෙල් කිලෝ එකක් රු. 180.00 විතර වෙනවා. කෝලිකුට්ටු නම් ගන්න හිතන්නත් බෑ. ඒත් මේ අසරණ ගොවියන්ට ලැබෙන මුදල. අපේ රටේ හැම තැනම තත්වය මේකයි. ගොවියා හැමදාම අසරණයි, අතරමැදි වෙළෙන්දෝ තමයි කවදත් හම්බ කර ගන්නේ. මේ දේවල් වලට රාජ්‍ය මැදිහත් වීමක් තියෙන්න ඕන. නමුත් බලධාරීන් මර නින්දේ. ඉතින් කොහොමද කෘෂිකර්මාන්තය නගා සිටුවන්නේ??
තවම ඇමති මණ්ඩලේ පත් කරල නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ තවම පොරේ. කට්ටියව පත්කරලා දිව්රුම්දීලා, මල්මාලා දාලා, කිරිබත් කාලා එනකම් බලාගෙන ඉමු. නිෂ්පාදන අතිරික්තයක් ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් සැකසීම ගොවිජන නිලධාරීන්ට කරන්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදියට කෙසෙල් යන්ත්‍රානුසාරයෙන් පෙති ගසා වියලා පැකට් කල හැකිය. මේවා අපනය තත්වයෙන් කල විට කෙසෙල් අපතේ යාම වලකා ගොවියට හොඳ මිලක් ලබා දීමට පුළුවන.
අපට වඩා නොදියුණු රටවල් වලින් යුරෝප රටවලට දැන් ඇඹුල් කෙසෙල් වැනි වර්ගේ එවනවා. අපේ රටේ කාලයකට විකුණා ගන්න බැරි තරමට තිබෙන දෙහි ජර්මනියේ විකිනෙන්නේ ගෙඩියක් රුපියල් 50-60 අතර. මේවා පිට රටවලට යවනවා වෙනුවට අසරණ මිනිසුන් පිටරට යවා ඔවුන් එවනා මුදලටත් බදු ගහනවා. තමන් කොහොමද බලය රැක ගෙන ඉන්නේ කොහොමද යන මතයේ පමණක් සිටින රජය සහ මැති ඇමතිවරු මේ රටේ සිටින තාක් අපට යහපතක් සිදු නොවේ.
අපි පාර්ලිමේන්තුවට අරින්නේ අපි වගේම තවත් මැට්ටෙක් නිසා ඔලුවේ වැඩ කරන්නේ ගෙයක් හදා ගන්නේ කොහොමද අලුත් වාහන පර්මිට් එකක් ගන්නේ කොහොමද කොමිස් ගහන්නේ කොහොමද ආදී වශයෙන් මිසක් රටේ ප්‍රශ්න ගැන නොවෙයි...
අපේ රටේ අපි නිතර දේශපාලුවන්ට බැන බැන ඉන්නවා. ඔවුන්ගෙන් වැඩක් නැති බව ඇත්ත. නමුත් මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය දෙපාර්තුමේන්තු සහ ආයතන රාශියක් තිබෙනවා. ඒ වගේම නොයෙකුත් සුදුසුකම් මත ඒ සදහා පත්වූ රාජ්‍ය නිලදාරීන් විශාල ප්‍රමාණයක් රජයන් මාරු වුවද විවිධ අත්දැකීම් ලබමින් තම ජිවිත කාලය පුරාවට සේවය කරනවා. ඇත්තටම ඔවුන් විසින් කරන සේවාව සම්බන්දයෙන් විශාල අවදානයක් සිදුවිය යුතු බවයි මගේ අදහස. රටේ මෙවන් වූ විනාශ සිදුවීමට හැර බලා සිටීමට, දේශපාලුවන්ට මෙන්ම මේ රටට ආදරේ වග කිව යුතු ස්ථාන වල සිටින කිසිවෙකුට අයිතියක් නැහැ.
දෙවියන්ගේ නමෙන් හැමෝම සාධාරණ වෙන්න. අපිට සිය ගණන් දීල ඇඹුල් කෙහෙල් ගන්න ඕන නෑ. මේවා බෙහෙත් නෙමේ, කෑම. ගොවි නිෂ්පාදන විනාශ වෙන්නේ මේ අතරමැදියන් නිසා බව ආණ්ඩුවත් දන්නවා, ගොවියොත් දන්නවා, මේ අපිත් දන්නවා. ගොවියෝ වන ඔබම සංවිධාන හදාගන්න, පෙරට එන්න, ඔබම බෙදා හරින්න, සාධාරණ මිලට තිබුනානම් අපි පරිබෝගිකයෝ හැටියට දැනට වඩා 20 ගුණයකින්වත් මිලට ගන්න පෙළඹෙනවා. 'හෙළ බොජුන්' මේකට හොඳ උදාහරණයක්. කෘෂිකර්ම අමාත්‍යංශයට ඒ ගැන ස්තුති වේවා.
හොඳම වැඩේ තමා රාජ්‍ය කෘෂිකර්ම අංශය සම්පුර්ණයෙන්ම කොළඹින් පිට අනුරාධපුරය පොලොන්නරුව අම්පාර ඇඹිලිපිටිය වවුනියාව කිලිනොච්චිය වැනි ප්‍රදේශයකට අරගෙන යන එක. එතකොට ඔය පුටු රත්කරන නිලධාරීන්ට ටිකක් හරි තේරේවි ජනතාවගේ දුක.
මේ කෙසෙල් විකුණන්න ආණ්ඩුවක් ඕනෙද? ප්‍රදීප් මහතා කියනවා වගේ මේ පැත්තේ ඇඹුල් කෙසෙල් කිලෝ 01 ක් රු.190/- ක් 200/- පමණ වෙනවා. ඒවත් පැසුණු ඒවා නොවෙයි. කාබයිට් ගහලා කහපාට කරපුවා. පින්වත් ගොවි මහත්වරුනි, ඔය කෙසෙල් කැන් ලොරියක පටවාගෙන කොළඹ පැත්තට නුවර පාර දිගේ ගේන්න. අතරමගදීම කෙසෙල් කැන් ටික නියම මිලකට අලෙවි කර ගන්න හැකි වේවි. එළවළු ගොවීන්ට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි. අපි ගිනි ගන්න දීලයි එළවලු පලතුරු මිලදී ගන්නේ.
මට නම් මේවට කමෙන්ට් කොටලා ඇති වෙලා. කවදාවත් මේ රට හැදෙන්නේ නෑ. ඒත් මේ අහිංසක මිනිස්සු විඳින දුක දැක්කම අදහසක් නොදා ඉන්න හිතෙන්නේ නෑ. මං තායිලන්තේ ගිය වෙලාවක දැක්ක ඒ රටේ පලතුරු විවිධාකාරයෙන් වෙළඳපලට නිකුත් කරලා තිබෙන හැටි. ඒ මිනිස්සු අඹ, කෙසෙල්, අන්නාසි, දොඩම් වගේ විවිධ පලතුරු කපලා වේලලා ලස්සනට පැකට් කරලා හරිම රසයි. අනික නිමි භාණ්ඩයක් විදියට අඹ ගෙඩියක මිලට වඩා හොඳ මිලකට විකුණන්නත් පුළුවන්. හාල්මැස්සො, සමහර කරවල හා මස් ජාති වලට පැණි දාලා සහ මිරිස් කුඩු දාලා පැකට් කරලා විකුණනවා. ඒවා මිනිස්සු හරියට ගන්නවා. අපි රටකජු කනවා වගේ පාරේ යන එන ගමන් කන්න පොඩි පැකට් එකක් අරන් යනවා. ඒත් ඒ රටවල අපේ වගේ බඩ ඉරිඟු කරලටයි හැම මගුලටම ඇමතිලත් නෑ. ඉන්න කෙනා ඒ වැඩ සේරම කරනවා. ඒත් අපේ රටේ අඩු වැසිකිළි ඇමතියෙක් විතරයි... අපි ඒ අයගේ පව් ගෙවනවා. මේ වගේ ඇමති කාලකන්නියෝ ටිකකුයි, නිදිමරගාතේ වැඩ කරන බලධාරින් ටිකකුයි ලබන්න ඇයි අපේ රටේ මිනිස්සු මේ තරම් පව් කරල තියෙන්නේ කියල විතරයි මට නම් රට ගිය හැම වතාවකම දැනුනේ...
ගොවියා කෙලින්ම පාරිබෝගිකයාට විකිණිය හැකි ක්‍රමයක් හදුන්වා දිය යුතුයි. එමගින් දෙපාර්ශවයටම වාසි සහගත වෙනවා.
කුරුණෑගල මැල්සිරිපුර පැත්තේ ඇඹුල් 20-25, සීනි 20, කෝලිකුට්ටු 50-60 , නමුත් ඒ මිනිස්සු උද්ගෝෂණ කරන්නේ නැ
කෙසෙල් කියන්නේ ලෝක වෙළඳපලේ ඉහලම ඉල්ලුමක් තියෙන පළතුරක්. නමුත් හැම රටේම කෙසල් වගාකරන්නත් බැහැ. අපනයනය සඳහා කෙසෙල් වගාකරන රටවල් අතර පෙරමුණෙන්ම ඉන්නේ බොහොම දුප්පත් රටවල්. අපේ කාලකන්නි දේශපාලකයෝ හිතනවද දන්නේ නැහැ අපිත් අපනයනය සඳහා කෙසෙල් වගාකරලා ඒ දුප්පත් කියන ලේබලය අලවන්නේ මොකටද කියලා. අපේ කෘෂිකර්ම ඇමැතිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි විශ්වාසභංගයට පක්ෂවෙනවද, විපක්ෂ වෙනවද, ආණ්ඩුවේ තවදුරටත් ඉන්නවද නැද්ද, පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු හෙට අනික්පැත්තට යයිද නොයයිද, අමාත්‍යංශයට ගොඩනැගිල්ලක් බදුගන්න ඕනා නේද, මේවගේ දේවල්... වැටට ඉන්දන දණ්ඩත් පහුවෙනිදට මුල්අදින රටේ අපේ මිනිස්සු මෙහෙම දුක්විඳින්න ඕනෑද? මේවට මේවගේ ජඩ දේශපාලකයින්ම පත්කරගන්න ජනතාවත් අඩු වැඩියෙන් වගකියන්න ඕනෑ.
වෙළෙඳ එ්කාධිකාරයට ඔක්කොම යටයි. නිෂ්පාදකයා හිඟා කනවා. රටේ මේවට මැදිහත් වෙන්න තිබුණු රාජ්‍ය ආයතන අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව මාක්ෆෙඩ් වගේ ඒවා 77න් පස්සේ විනාශ කරලා දැම්මා. තිබෙන ඒවායේ ඉන්න අය තද නින්දේ...
අපි නම් සිංහල බෞද්ධයින් තමයි.
ලංකාවේ ඇති මෙවැනි පළඳා අතිරික්තයක් ලෝක වෙළඳපළට ඇතුල් කිරීමට ඇති විශාලම බාධාව නම්, අසල්වැසි ඉන්දියාවේත් ලංකාවේ වැවෙන බොහෝ දේ ලංකාවට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කිරීමට හැකි වීමයි. ඔවුන්ගේ පිරිවැය අඩුවීමට එක හේතුවක් නම්, ඉන්දියාවේ මෙවැනි වගාවන් ලංකාවට වඩා මහ පරිමාණයෙන් සිදු කිරීමයි. මෙවැනි තත්වයක් යටතේ මේ ගොවීන් හට අවම වශයෙන් ඔවුන්ගේ නිෂ්පාදන නගරබද ප්‍රදේශවලටවත් ප්‍රවාහනය කර දීමටවත් රජය පියවර ගත යුතුයි. එසේ නොකළොත් සිදුවන්නේ ඔවුන් අතරමැදියාගේ සූරාකෑමට ලක් වීමයි.