ඉපදී පැය කිහිපයක බිළිඳු දැරියක හොරණ දික්හේනේ කෙසෙල් පඳුරක් යටින් සොයාගත් පොලීසිය ඇය හොරන රෝහලට බාර දුන්නේය.
වෛදවරුන් පවසනුයේ දැරිය නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් සිද්දි නැති කරන්න පියවර ගන්න
මේ ගැහැණිය තව ටික දවසකින් පොලිසිය අල්ලා ගනී. එතකොට කියයි. මේ දේ කළේ.. ඇයි කියලා... එදාට අපේ මිනිසුන් මේ ගැහැණියට අනුකම්පා කරයි.. ඒත් මං කියන්නේ... මෙවැනි ගැහැණුන්ට දඩුවම් දීමෙන් තවත් කෙනෙකු මෙවැනි දෙයක් කිරිමට බිය වෙන බවය...... නැතිනම් වැරදි රාග ප්‍රතිඵල ලෙස හෙට සමාජයේ අම්මා අප්පා නැතිව මේ පුංචි දරුවෝ අනාත වෙයි. (ස)
මුලු රටේම ශාපය ඔය දරුවාගේ දෙමවුපියන්ට වදිනවා වගේම මුලු රටේම ආශිර්වාදය ඔයාට ලැබෙනවා පුංචි දුවේ. (නි)
ඉස්සර අපි මෙවැනි දේ ගැන ඇහුවේ අප්‍රිකාවෙන්. දැන් ඉතින් ආශ්චර්ය නිසා ලංකාවෙත් මෙවැනි දේ අහන්න ලැබෙන එක කොතරම් දෙයක්ද නේද? (නි)
මේවා දේව ශාප
කාට කියන්නද මේවා
වරදක් උනානම් බැනලා වැඩක් නෑ . පුළුවන්නම් ආයේ එහෙම නොවෙන්න උපදෙස් දෙන්න ,(ස)
රාගයෙන් මුසපත්වන්නාට ප්‍රතිඵලයක් භුක්ති විදිය නොහැක. (නි)
රටකට ගිය කල
මේ අපරාධය කරපු කෙනාගේ පශ්චාත් ප්‍රදේශය මසා විරේක පෙති හතරක් දියයුතුයි. (නි)
අම්මා කෙනෙක් මෙවන් දෙයක් කරයිදෝ පිළිතුර සොයන්නේ දසඅත කොහෙන්දෝ ඇයි විසිකළේ මේ කිරිකැටි බිළින්දෝ මිනිසත්කමේ අගයක් නැති බැවින්දෝ... (නි)
දරුවන් එපා අයට දරුවන් මහ මග නොදමා, කැලේට වීසි නොකර, ජීවිත හානි නොකර තබා යන්නට තැනක් හදන්නට අපට බැරිද ? එහෙමත් නැත්නම් දරුවෙකු කුසට නොගන්නට ඕනෑ තරම් උපත් පාලන ක්‍රම තිබෙන හෙයින් දීප ව්‍යාප්තව ඔවුන් දැනුවත් කරන්න බැරිද? මා හිතනවා හැම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකටම මේ වගකීම පවරන්න පුළුවන්. මට මතකයි මම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ අපට (ඉහළ පන්ති වලට ) මේ පිළිබඳව දැනුවත් කළා. ඇයි මේවා දැන් නොකෙරෙන්නේ? (නි)
ඇයි මේ දරුවට තාත්තා කෙනෙක් නැද්ද? අහිංසක ගෑණුන්ට බලහත්කාරකම් කරලා බේරිලා යනවා.හරිම පාපතර වැඩක්.මේ හැමදේකින්ම වෙන්නෙ ලොකු අපරාධයක් තමයි. (ස)
අම්මා වරුනේ අම්මා වරුනේ සම්මා සම්බුදු අම්මා වරුනේ.. මේ වගේ උතුම් වදන් වලින් අම්මාවරුන්ට ගරු කරන සමාජයකට ඔබලා වගේ අම්මාවරුන් කරන්නේ අම්මා කියන නමටත් අගෞරවයක්..!(නු)
ලස්සන දුවෙක්. (නි)
ලස්සන බබෙක්. (නි)
මේ රටේ ළමයි නැතිව දුක්වෙන අය කොච්චර ඉන්නවද. ඒ වගේ අයට නීත්‍යානුකූලව ළමයින් ලබාදෙන්න ක්‍රමයක් හදනවා නම් හොඳයි, ජාවාරම් කාරයන්ට වැට බඳින ගමන්ම. (නි)
වැරදි ලිංගික ඇසුරක ප්‍රතිඵල වෙන්න ඇති...තව ඉස්සරහට වැඩි වේවි මේවා (ස)
කෝ අර ජාතිය බේරගනිමු කියලා කෑගහන කට්ටිය? හෙළ උරුමය හා බොදු බල සේනා වගේ සංවිධාන මේවට උත්තර දෙන්න. (නි)
හදාගැනීමට නොහැකි දරුවන් භාරදීමට සුදුසු වැඩ පිළිවෙළක් සකස කරන්න.(ස)
දරුවාගේ වාසනාව.... (නි)
මේ දුව දැක්කහම මගේ ඇහැට කඳළු ආවා , මාත් දුවෙක් ඉන්න පියෙක් ...පුංචි දුවේ ඔබට දීර්ඝායු (ස)
අනේ මේ ප්‍රවෘත්තිය දැක්කහම ඇස්වලට කදුළුත් එනවා ,(ස)
ලේන් කූඩුවකින් වැටෙන්න ඇති. (නි)
අනේ මට දෙන්නකෝ ඒ අහිංසක කිරි සප්පයාව හදාගන්න (ස)
ඇයි අම්මටම බනින්ෙන් ? මේ දරුව හදන්න උදව්කල තාත්තට බනින්ෙන් නැද්ද? මේක තමයි හැමදාම සිදුවන්නේ. අපි හැමදාම ඵලය ගැන විග්‍රහ කිරීම් පමණයි කරන්ෙන් , හේතුව අමතක කරනවා. (ස)
ලංකාවේ විතරයි කෙහෙල් ගස් වලට ළමයි හම්බෙන්නේ.....මේ වගේ අම්මලානම් .....ගෑනු අපිට ලැජ්ජා කරනවා (ස)
හැකිද මවකට තම දරුවා හට පෙම් නොකර ඉන්න.. මවක් එලෙස කලත් මම නම් කිසිදා අමතක කරන්නේ නැහැ.. (නු)
මෙවැනි වැඩ කරන නූඔලාට ශාපයක්ම වේවා.......!! එක ගැහැණියකගේ වැරදි සිතුවිල්ලක් නිසා කිසිම දෙයක් නොදන්නා නොතේරෙන මේ සිගිත්තිය ජීවිතයත් මරණයත් අතර ගෙවන කාලය ඇත්තටම අතිශයින්ම ශෝචනීයයි. මේ ලෝකේ දරුවන් නැති අම්මලා,තාත්තලා කී දෙනෙක් නම් දෙවියන් යදිමින් බාර හාර පවත්වමින් දරුවන්ම ප්‍රාර්ථනා කරමින් ඉන්නවද? ඒත් ඒ සිහිනෙත් සැබෑ නොවන මගක යනවිට අවශ්‍යය නොවන තැනක පිහිටියත් මිහිපිට සත්වයින්වත් නොකරන මේ වගේ අමණ සිද්ධීන් වලට කුමක් කියා තව ලියන්නද? (නි)
ඔබ හරියටම හරි පාලිත.ඒ වගේම මගේ තවත් අදහසක් තියනවා.එක අතකට මේ ලොකෙට මෙහෙම ලම්යි බිහිවෙන්න කලින්ම කලින්ම නැති කරන එක හොදයි කියලා හිතෙනවා.එහෙම උනානම් මෙහෙම ලමයි දුක් විදින්නේ නැහැ.මෙහෙම ලමයි කැලේ දාලා ගිහිල්ලා ඒ ලමයි ලොකු වෙනකොට තවමත් දුකක්.මමත් අම්මා කෙනෙක්.ඒත් මේ වගේ අම්මලාටනම් හොදක් වෙන්නේ නැහැ.අයේ ලබන ආත්මවල ලමයි නැතිව හූල්ලන්න තමයි වෙන්නේ...(නු)
අනේ... ඇයි මෙහෙම සමාජය නපුරු.... කොච්චර රාගයක, වැරදි ලිංගික ඇසුරක ප්‍රතිඵලයක් වුවත්,.... පිරිමි දහසකට අත පිහිදා ගන්න පුළුවන් වුවත්..... අම්මා කෙනෙකු කොහොම මේ අපරාධය කරන්නද? දසමසක් කුස තබාගෙන .... අපමණ වේදනාවකින් දරුවා බිහිකරද්දි...තම දරුවා දකිද්දි.. ඒ වේදනා සියල්ලම අමතක වෙන.. අපමණ ආදරයකින් පිරෙන අම්මා කෙනෙකු කියන නමටත් ඇයි නිග්‍රහ කරන් නේ?.... දෙවියනේ....... මෙවැනි ගැහැණුන්ට දරුසම්පත් දෙන්නේ ඇයි? දරුවන්ට අසීමිතව ආදරය කරන ගැහැණුන් කොපමණ සිටිද? මේ දරුවාව දාලා ගිය ගැහැණිය අම්මා කෙනෙක් නොව... ඇයට සාප වෙන්නම ඕන... තව ටික දවසකින් මේ ගැහැණිය පොලිසිය විසින් අල්ලා ගනි, එදාට මේ ගැහැණිය දහසක් දෑ... කියයි.. නමුත් අම්මා කෙනෙකුට කොච්චර දේවල් විදින්න වුණත් සැබෑ මවක් මෙලෙස නොකරයි.. මේ ගැහැණියට උපරිම දඩුවම් දෙන්න.. තවත් මෙවැනි දරුවන් මේ සමාජයේ තනි නොකරන්න... මෙවැනි ගැහැණුන්ට දඩුවම් දෙන්න....... (ස)
මේ දරුවා බිහි කරපු ඒ මෘග ගැහැණියට ශාපයක්ම වේවා........ දහසක් බාධක මත්තේ ජීවිතය බේරුණු පුංචි පුතේ ඔයාට............ බුදුසරණයි.. ඒවගේම ඔයාට සත්පත්තිනි මෑනියන්‍ගේ පිහිටයි.(ස)
ළමයි ඕනි නැත්නම් ක්‍රම හා විදි මගින් වැඩේ කරගන්න එපැයි (ස)