බංග්ලාදේශ පිලට එරෙහිව මේ මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ක‍්‍රීඩකයන් වන කුසල් ජනිත්, තරිඳු කෞෂාල් සහ කිත්රුවන් විතානගේ ඇතුළත්ව සිටිති.
රත්ගම දේවපතිරාජ විදුහලේ 19 හැවිදිරි තරිඳු කෞෂාල් මෙවර අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග 5 දී කඩුලූ 41 ක් දවා ගනිමින් වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි.
උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු තුන්දින තරගයේදී කිත්රුවන් විතානගේ නොදැවී ලකුණු 168 ක් රැස්කිරීමට සමත් විය. කුසල් ජනිත් පසුගිය සති අන්තයේදී කෝල්ට්ස් පිල වෙනුවෙන් ලකුණු 203 ක් රැස්කළේය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ශාමින්ද එරංග, කුසල් ජනිත්, ජීවන් මෙන්ඩිස්, කිත්රුවන් විතානගේ, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර, චානක වෙළගෙදර, සුරංග ලක්මාල්, රංගන හේරත් සහ තරිඳු කෞෂාල්
අතිරේක ක‍්‍රීඩකයෝ: දුෂ්මන්ත චමීර සහ නුවන් ප‍්‍රදීප්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනේ වැඩ පෙන්නපල්ලා.(නදී)
සන්තෝසයි අලුත් පරම් පරාව ගැන (දී)
නියම කණ්ඩායම. අපි දිගටම දිනමු. (නි)
කුසල් මල්ලි ඔබ ඉස්සර ඉගෙන ගත්තේ මගේ ඉස්කෝලේ (කොට්ටාව ධර්මපාල විද්‍යාලය ). ඔබ අපිට ආඩම්බරයක්. ඔබට මගේ සුභපැතුම් (දී)
කෝ අපේ සමරවීර අපිට අවාසියි. පොඩි කොල්ල මොනව කරයි ද?
කෝ අශාන් ප්‍රියංජන නැද්ද? (නි)
අපේ වීරයා ඉන්නවා සංගා ඔයාට සුබ පැතුම් (අ)