(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ බටේපොල විජයසිරි)
තේ කම්හල්වලින් ඉවතලන කසල තේ රැගෙනවිත් අරාබි රටවල්වලට අපනයනය කිරීම සදහා ඇසුරුම් කරමින් තිබූ බව කියන දිවුලපිටිය බලගල්ලේ ගබඩාවක් වටලා කසල තේ කිලෝ ග්‍රෑම් 20,000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද(12) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.
කන්ටේනර් ලොරි දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වැටලීමේදී සැකකරුවන් පිරිසක් වෑන් රියකින් පලා ගොස් ඇති බවද පොලිසිය කියයි.
100% ක් පිරිසිදු සිලෝන් තේ බව ඉංගී්රසියෙන් මුද්‍රණය කරන ලද කවර විශාල ප්‍රමාණයක්ද පොලිසිය සොයා ගෙන තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ පරීක්ෂණ ආයතනය වතු කර්මාන්තශාලා සමග එකතු වී ඉවතලන තේ කම්හල් කිට්ටුවම පොහොර හෝ ඉන්දන බවට පරිවර්තනය කරන වැඩපිළිවෙලක් හැදුවම ඉවරනේ.
තේ කම්හල්වලින් කසල තේ ඉවත දමන්නේ නෑ. තමන්ගේ පටු වාසිය තකා ඒවා අඩු මිලකට ව්‍යාපාරිකයින්ට දෙනවා. එයාලා ඒවා අරන් ගිහින් නැවත අඹරලා ඩස්ට්වලට ඩයි දාලා හොද තේ කියලා ලේබල් අලවලා පිටරට යවනවා. පිට රටදී සිලෝන් ටී යන නාමය විනාශ වෙනවා. ඊට පස්සෙ අපේ තේවලට ඉල්ලුම අඩු වෙනවා. එතකොට මිල බහිනවා.