රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක කෝසල කුලසේකර, එංගලන්ත ‘ඒ‘ පිලේ ක්‍රෙග් කීස්වෙටර් පන්දුවට පහර දෙමින් සිටියදී පරුෂ වචනයෙන් බැන වැදුණේ යැයි කියන සිද්ධියකට කෝසල කුලසේකරට තරග දෙකක තහනමක් හෝ තරග මුදලින් 50% දඩයක් පැනවීමට තරග තීරක බැසිල් පෙරේරා මහතා තීරණය කර තිබේ. ක්‍රෙග් කීස්වෙටර්ට දැඩි අවවාද කිරීමට ද යොජනා කර තිබේ.
කෝසල කුලසේකරට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ,, කාණ්ඩයේ නීති කඩකිරීමේ චෝදනා එල්ල වී ඇති අතර කුලසේකර වරද පිළිගත හොත් දඩුවම ලිහිල්වී තරග තහනම තරගයකට සීමා වීමේ අවස්ථාව ද තිබේ.
පන්දු යවමින් සිටි කෝසල කුලසේකර සහ ක්‍රෙග් කීස්වෙටර් අතර තණතීරුව තුළ ඇතිවූ මෙම සිද්ධිය විනිසුරුවන් සහ නායක තිළිණ කණ්ඩම්බි මැදිහත්වී සමතයකට පත්කළ ආකාරය දැකගත හැකිවිය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපු ගමන් පුප්පන්න ගියොත් ගෙදර තමයි යන්න වෙන්නෙ