ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව විසින් කිසිදු අවසථාවක මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම සඳහා වන නිර්දේශයන් ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට ලබා දී නැතැයි එම සංගමයේ ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා පවසයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙම ස්ථාවරය සඳුදා (13) ලිඛිතව අධිකරණ සේවා සංගමයට මේ බව දැනුම් දෙන බවද රන්දෙණිය මහතා කීවේය.
නව මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්වීම ලැබ සිටින රාමනාදන් කන්නන් මහතා එම ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් යම් නිර්දේශයක් ලබා දී ඇත්දැයි යන්න අධිකරණ සේවා සංගමය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා විමසා සිටි බවත් , ඒ අනුව මෙම දැනුම් දීම කරන බවද ශ්‍රී ලංකා නීතීඥ සංගම් ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායකය නොමග යවමින් මේ පත් කිරීමට උපදෙස් දුන්න උපදේශකයාව ගෙදර යවන්න (බ)
ඇයි ඔය වගේ පත්වීමක් දෙන්නවත් ජනපතිවරයාට බලයක් නැද්ද..? පහුගිය ආණ්ඩුව කාලේ වෙච්ච දේවල් ගැන, අහන්නවත් ඔය කබ්බන්ට කොන්දක් තිබ්බද....? (බ)
මේකද අපි බලාපොරොත්තුවුණ යහපාලනය? අද අධිකරණ පත්වීම් වලට ඇඟිලි ගසනවා. භෙට අධිකරණ තීන්දු වලටත් බලපෑම් කරාවි. දැන් දැන් පොලිස් විමර්ශන වලටත් බලපෑම් කරන බව මාධ්‍ය වාර්ථාවල සඳහන් වෙනවා. මේ ආණ්ඩුව බලයට ගෙන එන්න වැඩ කරපු සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ මේ සඳහා බලපෑම් කළ යුතුයි. (නි)
නීතීය නැවීම... (නි)
සුළු ජාතීන්ට ගොඩක් කැමති අය හිතුමනාපෙට මේවා කරනවා (නි)
කාට කියම්දෝ මේ අවනඩුව? (නි)
ඡන්දෙ දිනපු ගමන් ටෙලිකොම් සභාපතිව පත්කළා වගේ මේකත් පුළුවන් කියලා එතුමා හිතන්න ඇති. දැන් පත්තරේ කියවලා දැනගනීවි එහෙම බැරි බව. (නි)
අලුත් ව්‍යවස්ථාවෙන් කෙරෙන්න ඕනෑ වැඩ ටික ගානට කරාවි. හිටපු කෙනෙකුට උතුර බාරදීලා දැන් කනවෝ කනවෝ කියල කෑගහනවා. එයා මහා ආණ්ඩුව ගණන් ගන්නේ නැහැ. මොළකාරයෝ මහා ජාතියේ ඇත්තෙම නැද්ද....... (නි)
ටිකක් වියදම් කරලා හරිහමන් උපදේශකයෙක් හොයාගත්තනම් ඔය ප්‍රශ්න ටිකක් හරි මග හැරෙයි. (අ) .
මේ සුප්‍රසිද්ධ මහා සංහිඳියා වැඩසටහනේ තවත් පියවරකි. මහත්වරුනේ ඇයි ඔබලාට ඉරිසියාද? (අ)