(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංජිනේරු සංස්ථාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරන පාදුක්ක මාදුලාව පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
කොස්තාපල්වරිය රාජකාරී විවේකය වාර්තාකර කොළඹ සිට තම නිවස වෙත ලංගම බස් රථයෙන් යමින් සිටියදී සැකකරු මෙම ලිංගික අතවරය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd