(බී.ජී. චතුරංග  සහ දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව  පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස රාජකාරී කල කොස්තාපල්වරයෙකු අද (26දා) අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිට දැනට මිහින්තලය රුවන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 30වන වියේ පසුවන කොස්තාපල්වරයෙකි. 

මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහිව සිටින  අනුරාධපුර නුවර පාරේ පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදු කල ප්‍රශ්න කිරීම් වලදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.