සයිටම් වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලයක පවත්වන ඕනෑම පොදු විභාගයකට ඉදිරිපත් කිරීමට සූදානම් යැයි සයිටම් වෛද්‍ය විද්‍යාලයයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.
විදේශ වෛද්‍ය පීඨවල සිසුන්ට ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයට නොදෙවෙනි අධ්‍යාපනයක් හා සායනික පුහුණුවක් සයිටම් සිසුන්ට ලැබෙන බවද ඔහු කියයි.
ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට හිතවාදී ප්රතිපත්තියක කටයුතු කරන හෙයින් කිසිදා සයිටම් ආයතනය වසා දැමීමක් සිදු නොවන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑතරම් වෛද්‍ය විද්‍යාල දාලා ලක්ෂ ගණන් මුදල් අය කරලා දොස්තරලා හදන්න. එහෙත් නිදහස් අධ්‍යාපනයෙන් මධ්‍ය මහා විද්‍යාල වලින් රජයේ වෙද විදුහල් වලට ඇතුළුවෙන සිසුන්ට රජයේ රෝහල් වල පත්වීම් දෙන්න. සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තුන්ට දොස්තර උපාධි සල්ලි වලට අරන් අහිංසක රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට දෙන්න එපා. (නි)
කලින් මම අදහස පළකළෙත් සිසුන් දෙගොල්ලෝම පොදු විභාගයකට පෙනී සිටියයුතු බවයි. එසේ වුවද පොදු විභාගයකදී ප්‍රශ්නපත්‍ර බලන්නාට මේ සයිටම් සිසුන් මේ රජයේ වෛද්‍ය විද්‍යාලයක සිසුන් කියා හඳුනාගත නොහැකි ක්‍රමයකට විභාග පටිපාටිය සිදුවිය යුතුය. නැත්නම් මේ යන රැල්ලේ හැටියට සයිටම් සිසුන්ට අසාධාරණයක් විය හැකිය. (නි)
රාගම එකේදි කළ මෝඩ වැඩය නම් මේකට කරන්න එපා. අඩුපාඩු හදාගෙන සයිටම් දියුණු කරන්නයි ඕනෑ. (නි)
චන්ද්‍ර වීරසිංහ, හීනමානයෙන් පෙළී විකාර කතා කියන්න එපා. සල්ලිකාරයෝ තමා සල්ලි නැති අයට රැකියා අවස්ථා සළසා තිබෙන්නේ. සල්ලි ඇති අයගේ බදු මුදල් වලින් සල්ලි නැති අය ඉගෙනගන්නේ. සල්ලි ඇති අය සල්ලි දීලා ඉගෙනගන්න නිසා සල්ලි නැති අයට වැඩිපුර අවස්ථා ලැබෙනවා පිනට ඉගෙනගන්න. සල්ලි ඇති අයත් මේ රටේ මිනිස්සු. මොන පොතේද තිබෙන්නේ සල්ලි ඇති අයගේ ළමයි මෝඩයෝ කියලා. එහෙනම් ලෝකේ අනික් රටවල බිහිවෙන ඔක්කොම දොස්තරලා මෝඩයෝද? (නි)
රවින්ද්‍ර ගුරුගේ, දොස්තර ගාවට ගියාම අහන්න ඔබ සයිටම්ද කියලා. (නි)
අජිත් රණසිංහ පැරිස් මහත්තයෝ, පැරීසියේ ඔබ යන්නෙත් රජයේ රෝහලකටද? දන්නේ නැති නිසා අහන්නේ. මොකට යුරෝපා රටවල පින් බෙහෙන් නැති නිසා. පෞද්ගලික වෛද්‍ය සායනයන්ට නොගොස් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. මුදල් කෝටි ගණන් වියදම් කර පෞද්ගලික වෛද්‍ය සායනය හදන්නේ ඇඟේ අමාරුවකට නොවෙයි. (නි)
මෙතන අදහස් දාන බොහොම දෙනා මුහුණත් එක්ක තරහට නහය කපාගන්න යෝජනා කරන අය (නි)
ඔය බැහැ කියලා කියපු ගොඩක් දේවල් පුලුවන් කියලා ඔප්පුකරලා පෙන්වපු අවස්ථා තිබෙනවා (නි)
හොඳයි, අපි බලමුකෝ! (බ)
කරන්න බැරි ගොඩක් දේවල් කරන්න පුළුවන්. කිසිදා සයිටම් ආයතනය වසා දැමීමක් සිදුනොවනවා කිවුවට ඕකෙන් පිටවෙන සයිටම් ඩොකාලා ළඟට ජනතාව බෙහෙත් ගන්න නොගියම නිකම්ම වැහෙයි. අපි එ්ක කරනවා. අපේ ජීවිත විනාශ කරගන්න අපිට බැහැ. (නි)
සරත්, මෙතන ප්රශ්නය තිබෙන්නේ ආණ්ඩුවේ රෝහල ගැන නොවෙයි. සයිටම් එකෙන් බිහිවෙන දොස්තරවරු ගැනයි. පුද්ගලික රෝහල් වලිනුත් බෙහෙත් ගන්න දසදහස් ගණනක් මිනිස්සු පල් මෝඩයෝ කියලද හිතන්නේ. ඔබ ජීවිතේ කවදාකවත් පුද්ගලික රෝහලකින් දොස්තර කෙනෙක් හමුවී නැද්ද? හමුවී තිබෙනවානම් වෙනස දුටුවේ නැද්ද? (නි)
සුදේශ්, දොස්තර කෙනෙක් ළඟට ගිය ගමන්ම අහන්න ඔබ සයිටම්ද කියලා. නැත්නම් මිනීපෙට්ටි සාප්පු සේවය ගන්න වේවි. පුදුම විදිහට හිතන මිනිස්සු මේ රටේ ඉන්නේ. මොකද බඩේ බිජු තියාගෙන කතාකරන නිසා (නි)
රජයේ පොදු විභාගයට පෙනිසිටිනවා නම් මොකක්ද ඇති වරද? ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාලයට තව ළමයි කිහිපදෙනෙකුට යන්න අවස්ථාව සැළසෙනවට අමතරව පිටරට වලට යන මුදල් කන්දරාව ඉතිරි කරගන්නත් පුළුවන්නේ. මට නම් හිතෙන්නේ අපේ රටේ ඉගෙනගන්න කැමති මාලදිවයින වැනි රටවල ළමයින්ට අධ්‍යාපනය දීලා රටට විදේශ විනිමයත් ලබාගන්න පුළුවන් කියලා. (නි)
චන්ද්‍ර වීරසිංහ, රවීන්ද්‍ර ගුරුගේ වගේ උදවිය හිතනවා ඇති රජයේ රෝහල්වල ඉන්නේ දෙවිවරු කියල. ඒ ගොල්ලන්ගෙන් බෙහෙත් ගත්තොත් මැරෙන්නේ නැහැ කියලා. අනික් අතට සයිටම් එකේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ කියලා. මේ අය අහලවත් නැද්ද දන්නේ නැහැ දුෂ්කර පළාත් වලින් අඩු ලකුණු වලින් වෛද්‍ය විද්‍යාලයට ගිය අයට වඩා කොළඹ ගම්පහින් ලකුණු ගත් ළමයි ඉන්නවා කියන එක. නමුත් ඔවුන්ට තැනක් නැහැ. අනික, වැදගත් වෙන්නේ ඔය දෙගොල්ලටම එකම සායනික පුහුණුවකින්, එකම අවසාන විභාගයකින් පිටවෙන්න ඉඩදීමයි. ඒකට ඉඩ නොදී දොස්තර මාෆියාවයි ඊට යටවුණ වෛද්‍ය කවුන්සිලයයි මොකක්ද මේ කරන්නේ? (නි)
මෙයින් උපදින මුදල් වලට මොකද කරන්නේ? කිසිම බැඳුම්කරයක් නොමැතිව දුන් රජයේ මුදල් මිලියන 4000 ට මොකද වෙන්නේ? (නි)
මුදලාලි මහත්තයෝ, මහින්ද මහත්තයත් කීවා පෙරලන්න බෑ කියලා. ප්රභාක්රනුත් කීවා පරද්දන්න බෑ කියලා . වහසි බස් දොඩවන එක නුඹට අයිති. සයිටම් වහන එක කරන්නේ අපියි. රාගම වෙෙද්‍ය පීඨය එ් කාල අාණ්ඩුව මිලිටරි බලය දාලත් රකින්න හැදුවා. කෝ දැන් ඔය රටේ දුප්පත් දරුවෝ දාස් ගානක් අගේට එ්කේ ඉගෙන ගන්නේ. මෙරුවන්ට තටු එනවා වගෙ ඔබ තුමන්ලටත් දැන් තටු අැවිත් වගෙ. (බ)
ඔයිට වඩා ලොකු මිනිස්ස්සු කලින් ආණ්ඩුව කාලෙත් හිතන් හිටියේ එයාලට වඩා ලොකු කෙනෙක් නැහැ කියල බලන් ඉන්නකෝ ඊළග ආණ්ඩු පෙරලිය වුනාම මොකද්ද වෙන්නේ කියල. (බ)
මොකටද වහන්නේ? එතනත් ඉගෙනගන්නේ අපේ දරුවන්නේ! දැන් ඔය කියන ළමයි විදේශගතවෙලා කරන්නෙත් ඔය ටික නම් රටට ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. අපි මොකටද අනිත් රටවලට අපේ මුදල් පූජා කරන්නේ ලංකාව තුල සියලු දේ කරගන්න අවස්ථාව තියෙනවා නම්. රට තුල තව තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිවිය යුතුයි. විදේශිය ළමයින්ට ඒ සඳහා ආරාධනා කරන්න පුළුවන්. මේ ගැන අපි මීටවඩා විධිමත්ව සිතමු. (නි)
සියළු දේවල් අනිත්‍යයි. මීට වැඩිය ලොකු දේවල් වැහිල තියෙනවා (නි)
අන්න එදාට තමයි ඔය මහපාරේ නාඩගම් නටන අයට යන එන මං නැතුව යන්නේ. කොහොමත් ඔවුන් තරඟ විභාගෙකට බයයි. ඔලුව උදුම්මවාගත් උද්දච්චයින් (නි)
බල්ලෝ බිරුවට සඳ කඩා වැටෙන්නේ නැහැ නේන්නම් මහත්තයෝ!!! මාෆියා කල්ලියේ අයගේ ළමයින්ට නොමිලේ උගන්වනවා කිව්වා නම් වැඩේ ගොඩ... (නි)
ප්රශ්නය තියෙන්නේ සුදුසුකම් නැති අයත් උපාධිය ගන්න එකයි. (නි)
හරි විදියට, ආණ්ඩුවත් එක්ක එකට එන්න. නැත්නම් ඔබතුමාටත් යන්න වෙන්නේ ආණ්ඩුවේ රෝහලට. දැන් කොච්චර කයිවාරු ගැහුවත් මිනිහෙක් මැරෙන්න මොහොතකට හරි ඉස්සර පුද්ගලික රෝහල් වලිනුත් ආණ්ඩුවේ රෝහල් වලට යවන එකේ පුද්ගලික වෙද රෝහල් ගැන කවර කතාද (නි)
දැන් ඔය ඔබතුමාගේ සයිටම් ආයතනයේම තියෙන ඉංජිනේරු, තාක්ෂණ, වාණිජ, මාධ්‍ය යන අංශ වලට එරෙහිව කවුරුත් මොකුත් කියන්නේ නැත්තේ ඇයි? (නි)
සයිටම් වහන්න එපා. එය ලාබ නොලබන ආයතනයක් ආකරයට පවත්වාගෙන යන්න. සුදුසුකම් වැඩි උසස්පෙළ සමතුන් බඳවාගන්න. (නි)
ඔබටම පුලුවන් මේ ප්‍රශ්ණය විසඳා ගන්න. සිසුන්ගෙන් මුදල් අයකරන නිසා සයිටම් රෝහල නොමිලේ ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කරන්න. එතකොට රජයේ රෝහල්වල වගේ හැම වර්ගයකම රෝගීන් ආවහම, අරගොල්ලන්ගෙ ප්‍රායෝගික/ සායනික දැනුම මදි කියන තර්කය කැඩෙනවා. වියදම පියවාගන්න අවශ්‍ය නම් ලක්ෂ 120 , 130 කරලා පිටරට සිසුනුත් බඳවාගන්න. (නි)
හරියට හරි සර්. ඔන්න ඔහොම කෙළින් ඉන්න. (නි)
සිදු වියයුත්තේත් එයයි .ශ්‍රී ලංකාවේ වෛද්‍ය මාෆියාව සහ බෙහෙත් මාෆියාව සම්පුර්ණයෙන්ම විනාශ කරමු. මෙයට මහජනතාව පෙළ ගස්වමු. පෞද්ගලික වෛද්‍ය සායනයන්ට නොගොස් පාඩමක් උගන්වමු (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
හොඳයි මහත්තයෝ... අපි බලාගමු. ඔය හොර උපාධි කඩයෙන් බෙහෙත් ගත්ත අයගේ වැඩ සමහරවිට හෙට අනිද්දාම බලාගන්න පුළුවන් වේවි. කොහොම වුණත් ඒ අය රැකියා සඳහා අන්යුක්ත කරන ඉස්පිරිතාල අසළ ඇති මිනීපෙට්ටිකාරයාගේ නම් හොද්ද බොරවේවි. හැබැයි මේ හොර කඩේ ගැන ජාත්‍යන්තරව දැනුවත් කරන්න යන එක නම් ලෝකවාසී කාටත් හොඳයි. (නි)