අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා ක‍්‍රීඩා මණ්ඩලය 39 වැනි වරටත් සංවිධානය කළ සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේදී මරදාන ශාන්ත ජෝසප් විදුහලේ කෞෂාල් මානවඩු පිරිමි ශූරතාව දිනාගත්තේය. ධර්මාශෝක විද්‍යාලයේ පී.ඩබ්ලිව්. කවීෂා තරිඳුනී කාන්තා විවෘත ශූරතාව දිනා ගත්තාය. ඩයලොග් සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැති මෙම මුහුදු පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩ තානායම පිටුපස මුහුදු තිරයේදී පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක රෝහණ කරුණාරත්න මහතා සහ ධර්මාශෝක විදුහල්පති එම්.ජී. ඕ.පී. පණ්ඩිතරත්න, නියෝජ්‍ය විදුහල්පති විකුම් ප‍්‍රියලාල්, ක‍්‍රීඩා ලේකම් විරාජ් චමින්ද, තරග ලේකම් ආර්.එම්. ක‍්‍රිෂාන්ත, පිහිනුම් ශූරියක වන ආර්.එම්. ධම්මිකා යන අයගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. පිරිමි විවෘත අංශයේ දෙවැනි ස්ථානය අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලයේ මනෝජ් ද සිල්වාට ද, එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ කැලූම් සමීර ද සිල්වාට ද, සිවු වැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ රොෂාන් පීරිස්ට ද, පස්වැනි ස්ථානය යසස් සංජයට ද හිමිවිය. කාන්තා අංශයේ දෙවැනි ස්ථානය ධර්මාශෝක විද්‍යාලයේම ටී. චලනි දර්ශනීටද, තෙවැනි ස්ථානය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ඉමාෂා සෙව්වන්දිටද, සිවුවැනි ස්ථානය ආර්.ඩබ්ලිව්.ඞී. ද සොයිසාට ද, පස් වැනි ස්ථානය කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ සෙනාලි පෙරේරාට හිමිවිය. මෙම පිහිනුම් තරගාවලියේ ලාබාලම ක‍්‍රීඩකයා ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ෂෙහාන් ද සිල්වා සම්මාන දිනාගත් අතර ලාබාලතම කී‍්‍රඩිකාව ලෙස මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ විහංගා දිල්මිණි සම්මාන දිනාගත්තාය. දිවයිනේ පාසල් හා ජල ක‍්‍රීඩා සමාජවල පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීිඩිකාවෝ 600ක් පමණ මෙම පිහිනුම් තරගාවලියට සහභාගි වූහ.
(ඡායාරූප- කරන්දෙණිය / එම්. සුසිල් ප‍්‍රියන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd