කෞෂාල් සිල්වා (171) සහ ධම්මික ප‍්‍රසාද් (47) එක්ව නවවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 102 ක සම්බන්ධතාව නිසා කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී මුවර්ස් පිලට එරෙහිව පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (06) පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට එස්. එස්. සී. පිල සමත් විය.

තරගයේ දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට මුවර්ස් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 6 ක් ලබා සිටියේය.

ප‍්‍රබල එස්. එස්. සී. පිල ලකුණු 168 ක් ලබා සිටියදී 8 වැනි කඩුල්ල බිඳ වැටුණු අතර පළමු ඉනිම ජය ලැබීමට කඩුලූ 2 ක් පමණක් ඇතැතිව ලකුණු 95 ක් රැස්කිරීමට සිදුවිය.

කෞෂාල් සිල්වා (171) සහ ධම්මික ප‍්‍රසාද් (47) නවවැනි කඩුල්ල සඳහා ලකුණු 102 ක සම්බන්ධතාවක් පවත්වමින් එස්. එස්. සී. පිල ඔසවා තැබීමට සමත් වූහ. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ටෙස්ට් ක‍්‍රීඩක කෞෂාල් සිල්වා පන්දු 240 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 171 ක් රැස්කිරීමට සමත් විය.

එස්. එස්. සී. පිතිකරු ලැයිස්තුවේ අංක 10 පිතිකරු ලෙස පන්දුවට පහර දුන් ධම්මික ප‍්‍රසාද් පන්දු 75 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් ලබා නවවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. 

සිවුදින තරගයක් වන මෙම තරගයේ හෙට (07 වැනිදා) දෙවැනි දිනයයි.

මුවර්ස් පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 262
(ෂෙහාන් ජයසූරිය 68, ඉෂාම් ගවුස් 31, හර්ෂ කුරේ 18, ජනක ගුණරත්න 42, ඉන්දික ද සේරම් 19, චතුරංග ද සිල්වා 51, ධනුෂ්ක ගුණතිලක 54/4, චරිත් ජයම්පති 49/2) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 6

එස්. එස්. සී. පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 324
(තරංග පරණවිතාන 25, කෞෂාල් සිල්වා 171, තිළිණ කණ්ඩම්බි 33, ධම්මික ප‍්‍රසාද් 47, දිල්හාර ලොකුහෙට්ටිගේ 77/4, විමුක්ති පෙරේරා 86/3, මාලින්ද පුෂ්පකුමාර 72/2)    

කෞෂාල් සිල්වා