IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෞෂාල් (171) - ප‍්‍රසාද් (47) එස්. එස්. සී. පිල ඉදිරියට ගෙනෙති

කෞෂාල් සිල්වා (171) සහ ධම්මික ප‍්‍රසාද් (47) එක්ව නවවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 102 ක සම්බන්ධතාව නිසා කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී මුවර්ස් පිලට එරෙහිව පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (06) පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට එස්. එස්. සී. පිල සමත් විය.

තරගයේ දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට මුවර්ස් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 6 ක් ලබා සිටියේය.

ප‍්‍රබල එස්. එස්. සී. පිල ලකුණු 168 ක් ලබා සිටියදී 8 වැනි කඩුල්ල බිඳ වැටුණු අතර පළමු ඉනිම ජය ලැබීමට කඩුලූ 2 ක් පමණක් ඇතැතිව ලකුණු 95 ක් රැස්කිරීමට සිදුවිය.

කෞෂාල් සිල්වා (171) සහ ධම්මික ප‍්‍රසාද් (47) නවවැනි කඩුල්ල සඳහා ලකුණු 102 ක සම්බන්ධතාවක් පවත්වමින් එස්. එස්. සී. පිල ඔසවා තැබීමට සමත් වූහ. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ටෙස්ට් ක‍්‍රීඩක කෞෂාල් සිල්වා පන්දු 240 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 171 ක් රැස්කිරීමට සමත් විය.

එස්. එස්. සී. පිතිකරු ලැයිස්තුවේ අංක 10 පිතිකරු ලෙස පන්දුවට පහර දුන් ධම්මික ප‍්‍රසාද් පන්දු 75 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් ලබා නවවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. 

සිවුදින තරගයක් වන මෙම තරගයේ හෙට (07 වැනිදා) දෙවැනි දිනයයි.

මුවර්ස් පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 262
(ෂෙහාන් ජයසූරිය 68, ඉෂාම් ගවුස් 31, හර්ෂ කුරේ 18, ජනක ගුණරත්න 42, ඉන්දික ද සේරම් 19, චතුරංග ද සිල්වා 51, ධනුෂ්ක ගුණතිලක 54/4, චරිත් ජයම්පති 49/2) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 6

එස්. එස්. සී. පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 324
(තරංග පරණවිතාන 25, කෞෂාල් සිල්වා 171, තිළිණ කණ්ඩම්බි 33, ධම්මික ප‍්‍රසාද් 47, දිල්හාර ලොකුහෙට්ටිගේ 77/4, විමුක්ති පෙරේරා 86/3, මාලින්ද පුෂ්පකුමාර 72/2)    

කෞෂාල් සිල්වා

 

 



අදහස් (0)

කෞෂාල් (171) - ප‍්‍රසාද් (47) එස්. එස්. සී. පිල ඉදිරියට ගෙනෙති

සමීර සාලින්ද Monday, 08 April 2013 05:51 PM

දම්මික ප්‍රසාද් මට මතකි ලී ට එලව එලව් ගැහුවා.(නදී)

:       0       0

සෝලංග Saturday, 06 April 2013 08:44 PM

ධමික ප්‍රසාද් කියන්නේ හොද කොල්ලෙක් සහ හොද ප්ලයෙර් කෙනෙක් . මම දමිමිකට සුබ පතනවා . ලක්මාල් සොලන්ගාරච්චි .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site