විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගමට සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් මඟින් කියයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ විධායක සභාව මෙම තීරණය ගෙන ඇති අතර කොමිසමේ සභාපතිධූරය දරමින් ප්‍රසිද්ධියේ දේශපාලනයේ නිරතවීම, රාජ්‍ය සේවකයකුගේ බලය දේශපාලනීකරණය වීම, ආචාර්යවරු අරගල කරමින් විශ්ව විද්‍යාලයන්ට ප්‍රතිපාදන වෙන් කිරීම ඉහළ දැමීමට කළ ඉල්ලීම් පිළිබඳව නොසලකා හැරීම, ආචාර්යවරුන්ගේ උසස්වීම් සම්බන්ධ ඇතිවූ ගැටලු ඇයට එරෙහිව ඇතැයි එම නිවේදනය කියයි.
උදාහරණ ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකුගේ උසස්වීම නැවැත්වීම යැයිද, ඇතැම් විශ්ව විද්‍යාලයන්හි පත්වීම් විධිමත් නැතැයිද, මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ලිපියක් අනුව සුදුසුකම් නොලත් සිසුවියක් රුහුණ විශ්ව විද්‍යාලයට බඳවා ගෙන ඇතැයිද, අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් සඳහා ඊට නුසුදුසු නිලධරයකු සහභාගි කරවීම වැනි කරුණු පදනම් කරගනිමින් ඇය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු යැයිද දන්වා සිටියි.
ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බවත් අධ්‍යාපනය අගතිගාමී තත්ත්වයට ඇද දමා අධ්‍යාපනයේ අර්බුදයක් ඇති නොකරන්නැයි ඇගෙන් ඉල්ලන බවත් ආචාර්ය සම්මේලනය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා චන්ද්‍රසිරි බංඩාරගේ අක්කා කෙනෙක්. මහින්ද පැරදුනොත් පහු වැනිදා අස්වෙනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. ඒ මදිවට අපට පිටරට ගෙවල් තියනෙවා යන්න තැන් තියෙනවා ඔබලට තමයි ලංකාවේ ඉන්න වෙන්නේ ඒ හින්දා මහින්ද ඡන්දේ දෙන්නකියලා නේද මෙයා කිවිවේ (දිල්)
විශ්ව විද්‍යාල වලටත් දැන් දැන් දේශපාලන බලපෑම් රිංගලා වගේ. රජයේ සියළු සේවකයන් අඩු වැඩි වශයෙන් දේශපාලනය කළා. වැදගත් වෙන්නේ කෙනකුගේ දේශපාලනය නොව ඔහු තමන්ගේ තනතුරේ වැඩ කර ඇති ආකාරයයි. අල්ලස් දුෂණ වැඩවලට නම් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනෑ (නි)
ආ! මේ නෝනාව මට මතකයි (නි)
ඉතා හොඳ තීරණයක්. අපි අගය කරමු. මැතිණියනි, ඉතින් යන්න ගෞරවනීය ලෙස වෙනකෙකුට ඉඩදී... (නි)
මුලු කොමිසමම දූෂිතයි. යා යුතුයි. (හේ)
වැරැද්දක් තියෙනවා නම් ඔය තනතුරෙන් ඉල්ලා අස් වුනානම් මොකද වෙන්නේ.(හේ)
කෙනෙකුට රජයේ රැකියාවක් හිමි වෙන්නේ පෙර පිනකට. එහෙම ලැබුන රැකියාවේ නම්බුව රැකගෙන වැඩ කරලා , ගරු කටයුතු විදියට විශ්‍රාම යන්න බැරි නම් වැඩක් නැහැ. (බ)
මෙය හොඳ බිරිඳක්,ගෙදරට ඕන දේවල් ගේන්න තනියම කඩේ ගිය. මහත්තයට වැඩිය කරදර කළේ නෑ අරක මේක ගෙන්න කියල (බ)
මෙවැනි පත්වීම් තව කොපමණ ඇද්ද? (නි)
දැන් එතකොට අර අදාළ පටිපාටියට පිටින් සරසවියට ඇතුළත් කරගත් අය ගැන මොනවද කරන්න යන්නේ? (නි)
අපරාදේ මහජන මුදල්! නුසුදුස්සන් තනතුරින් ඉවත් කළයුතුයි. (නි)
ඔබ තුමිය ඔය මහාචාර්ය පට්ටම රැකගන හොද විදියට යන්න. ඉන්න කම් මෙතෙක් එකම ප්‍රශ්නයක් වත් විසදුවේ නැහැනේ. පුල්වන් තරම් කඩේ ගිය එකනේ කලේ. බොහොම ස්තුතියි කරපු සේවයට. (නදී)
දැන් ඉතින් හැමදේම වගේ වෙන්නේ ක්ෂණිකවනේ! (නි)
ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ජයවේවා.(හේ)
අනේ මේ මැතිණිය මට මතකයි (නි)
මැතිණියනි, ඔබ ලක් අඹරට පායා ආ තරුවක් වැනිය.අධ්‍යාපනය විශ්වයට ඔසවා තැබු නමුත් සමහරුන් අඳුරට කැමතිය. හිවලුන් මිදි වලට කැමති නැත. (නි)
ක්ෂණිකා, කරුණාකර යන්න! (නි)