IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘ක්ෂණිකා ක්ෂණිකව යවනු‘

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගමට සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් මඟින් කියයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ විධායක සභාව මෙම තීරණය ගෙන ඇති අතර කොමිසමේ සභාපතිධූරය දරමින් ප්‍රසිද්ධියේ දේශපාලනයේ නිරතවීම, රාජ්‍ය සේවකයකුගේ බලය දේශපාලනීකරණය වීම, ආචාර්යවරු අරගල කරමින් විශ්ව විද්‍යාලයන්ට ප්‍රතිපාදන වෙන් කිරීම ඉහළ දැමීමට කළ ඉල්ලීම් පිළිබඳව නොසලකා හැරීම, ආචාර්යවරුන්ගේ උසස්වීම් සම්බන්ධ ඇතිවූ ගැටලු ඇයට එරෙහිව ඇතැයි එම නිවේදනය කියයි.

උදාහරණ ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකුගේ උසස්වීම නැවැත්වීම යැයිද, ඇතැම් විශ්ව විද්‍යාලයන්හි පත්වීම් විධිමත් නැතැයිද, මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ලිපියක් අනුව සුදුසුකම් නොලත් සිසුවියක් රුහුණ විශ්ව විද්‍යාලයට බඳවා ගෙන ඇතැයිද, අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් සඳහා ඊට නුසුදුසු නිලධරයකු සහභාගි කරවීම වැනි කරුණු පදනම් කරගනිමින් ඇය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු යැයිද  දන්වා සිටියි.

ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බවත් අධ්‍යාපනය අගතිගාමී තත්ත්වයට ඇද දමා අධ්‍යාපනයේ අර්බුදයක් ඇති නොකරන්නැයි ඇගෙන් ඉල්ලන බවත් ආචාර්ය සම්මේලනය කියයි.



අදහස් (0)

‘ක්ෂණිකා ක්ෂණිකව යවනු‘

නිමල් Thursday, 22 January 2015 04:27 AM

මෙයා චන්ද්‍රසිරි බංඩාරගේ අක්කා කෙනෙක්. මහින්ද පැරදුනොත් පහු වැනිදා අස්වෙනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. ඒ මදිවට අපට පිටරට ගෙවල් තියනෙවා යන්න තැන් තියෙනවා ඔබලට තමයි ලංකාවේ ඉන්න වෙන්නේ ඒ හින්දා මහින්ද ඡන්දේ දෙන්නකියලා නේද මෙයා කිවිවේ (දිල්)

:       0       0

රන්ජන් Tuesday, 20 January 2015 07:03 AM

විශ්ව විද්‍යාල වලටත් දැන් දැන් දේශපාලන බලපෑම් රිංගලා වගේ. රජයේ සියළු සේවකයන් අඩු වැඩි වශයෙන් දේශපාලනය කළා. වැදගත් වෙන්නේ කෙනකුගේ දේශපාලනය නොව ඔහු තමන්ගේ තනතුරේ වැඩ කර ඇති ආකාරයයි. අල්ලස් දුෂණ වැඩවලට නම් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සෙනරත් Tuesday, 20 January 2015 07:26 AM

ආ! මේ නෝනාව මට මතකයි (නි)

:       0       0

මාටින් Tuesday, 20 January 2015 07:26 AM

ඉතා හොඳ තීරණයක්. අපි අගය කරමු. මැතිණියනි, ඉතින් යන්න ගෞරවනීය ලෙස වෙනකෙකුට ඉඩදී... (නි)

:       0       0

අමාලි Tuesday, 20 January 2015 07:34 AM

මුලු කොමිසමම දූෂිතයි. යා යුතුයි. (හේ)

:       0       0

සෑම් Tuesday, 20 January 2015 07:35 AM

වැරැද්දක් තියෙනවා නම් ඔය තනතුරෙන් ඉල්ලා අස් වුනානම් මොකද වෙන්නේ.(හේ)

:       0       0

මැණික් Tuesday, 20 January 2015 07:38 AM

කෙනෙකුට රජයේ රැකියාවක් හිමි වෙන්නේ පෙර පිනකට. එහෙම ලැබුන රැකියාවේ නම්බුව රැකගෙන වැඩ කරලා , ගරු කටයුතු විදියට විශ්‍රාම යන්න බැරි නම් වැඩක් නැහැ. (බ)

:       0       0

සුරේ Tuesday, 20 January 2015 07:41 AM

මෙය හොඳ බිරිඳක්,ගෙදරට ඕන දේවල් ගේන්න තනියම කඩේ ගිය. මහත්තයට වැඩිය කරදර කළේ නෑ අරක මේක ගෙන්න කියල (බ)

:       0       0

ටි‍රෝන් Tuesday, 20 January 2015 07:47 AM

මෙවැනි පත්වීම් තව කොපමණ ඇද්ද? (නි)

:       0       0

ජනිත් Tuesday, 20 January 2015 07:51 AM

දැන් එතකොට අර අදාළ පටිපාටියට පිටින් සරසවියට ඇතුළත් කරගත් අය ගැන මොනවද කරන්න යන්නේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 20 January 2015 07:51 AM

අපරාදේ මහජන මුදල්! නුසුදුස්සන් තනතුරින් ඉවත් කළයුතුයි. (නි)

:       0       0

තිස්ස පසිෆික් දුපත් සිට Tuesday, 20 January 2015 08:26 AM

ඔබ තුමිය ඔය මහාචාර්ය පට්ටම රැකගන හොද විදියට යන්න. ඉන්න කම් මෙතෙක් එකම ප්‍රශ්නයක් වත් විසදුවේ නැහැනේ. පුල්වන් තරම් කඩේ ගිය එකනේ කලේ. බොහොම ස්තුතියි කරපු සේවයට. (නදී)

:       0       0

ලියනගේ Tuesday, 20 January 2015 02:31 PM

දැන් ඉතින් හැමදේම වගේ වෙන්නේ ක්ෂණිකවනේ! (නි)

:       0       0

ගාමිණි Tuesday, 20 January 2015 09:16 AM

ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ජයවේවා.(හේ)

:       0       0

සුනන්ද Tuesday, 20 January 2015 09:30 AM

අනේ මේ මැතිණිය මට මතකයි (නි)

:       0       0

රුවන් Tuesday, 20 January 2015 09:31 AM

මැතිණියනි, ඔබ ලක් අඹරට පායා ආ තරුවක් වැනිය.අධ්‍යාපනය විශ්වයට ඔසවා තැබු නමුත් සමහරුන් අඳුරට කැමතිය. හිවලුන් මිදි වලට කැමති නැත. (නි)

:       0       0

නිහාල් Tuesday, 20 January 2015 05:03 PM

ක්ෂණිකා, කරුණාකර යන්න! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site