(චමිල් රුපසිංහ )
සිසුන් අට දෙනකු නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය දුන් බව කියන සිද්ධියේ සැකකාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨ සිසුන් 15 දෙනා මෙම මස 16 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික ගිහාන් අත්තනායක මහතා අද (02) නියෝග කළේය.
නවක වද පනත යටතේ මෙම සිසුන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබාදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බැවින් ඇප ඉල්ලීම මහාධිකරණය වෙත යොමුකරන ලෙස ද දැන්විය.
සිසුන් සතුව තිබු ජංගම දුරකතන 12 ක් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය එම ජංගම දුරකතන වල නවක වදයට ලක්වූ සිසුන්ගේ නිරුවත් දර්ශන ඇති බවට සැකකරන බව ප්‍රකාශ කළේය.
ඒවා රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමකට අධිකරණය අවසර ලබා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ ළමයි නිරුවත් කර විනෝද වෙලා දැන් ඇඳුම් ඇඳගෙන මූණවල් වහගෙන යනවා ලැජ්ජ නැතිව
අවම වසයෙන් මොවුන්ට අවුරුදු 5 වත් හිරේ යැවිය යුතුයි
මම හිතන්නේ නෑ කිසි දෙමාපියෙක් කැමති වෙයි කියා ආදරයෙන් උස් මහත් කළ අධ්‍යාපනය ලබා සරසවි යැව්වාම අශීලාචාර ගතිගුණ ඇති එවැනි පවුල්වලින් පැවත එන දරුවන්ගේ විකෘති ආසාවන්ට ගොදුරුවෙනවා දකින්න