ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ හුදෙකලා පක්ෂයක් ලෙසින් නොව, කවුරුත් නොසිතන දේශපාලන බලවේග රැසක් සමග බව ශ්‍රීලනීප තරුණ පෙරමුණේ සභාපති අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
“පක්ෂය දෙකඩ නොවිය යුතු බවට ජනතා මතයක් නිර්මාණය වෙලා.ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අයට පක්ෂයෙන් ඉවත් වෙන බව කියන්න නොහැකියි“යැයි ඒ මහතා සඳහන් කරයි.
“අපි සයිටම් ගැන මධ්‍යස්ථ මතයක ඉන්නවා.මින් විශ්වාසදායී වෛද්‍යවරුන් බිහිකිරීමට කාටත් පිළිගත හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා.අපි මාර්තු මාසයේදී තරුණයින් වෙනුවෙන් දේශපාලන පාසලක් ආරම්භ කරනවා“යැයි ද බණ්ඩාර මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් කිට්ටු වෙනකොට තමයි අනිත් බලවේග මතක් වෙන්නේ. වැඩේ කරගත්තට පස්සේ බලවේග එළවනවා. පුලුවන්නම් තනියෙන් ඉල්ලන්න. ශ්‍රීලනිප ය ජේවීපී එකටත් පල්ලෙහට යනවා සිකුරුයි (නි)
මෙහෙම කියන සමහරුත් ගිය ඡන්දෙදි බලවේග වල ප්‍රතිඵලයක් විදිහට විසිවුණා නේද? (නි)
කතා නම් අහලා ඇතිවෙලා දැන් (නි)
අපි බලාගෙන ඉන්නේ ශ්‍රීලනිපයට ඡන්දෙ දෙන්නම තමයි. අඩුගානේ ශ්‍රීලනිප ඇප ටික බේරාගන්න ක්‍රමයක් කල්පනා කළොත් හොඳයි. (නි)
දේශපාලන පාසලක් සඳහා යෝජනාව ප්‍රමාද වී හෝ පැමිණීම සතුටට කරුණකි. තියෙන පන්සල්, පල්ලි, කෝවිල්වල ප්‍රමාණය බලනවිට නම් රටේ මුදල් පසුම්බියක්වත් සොරකම් කරන කෙනෙක් සිටිය නොහැකිය. මේ නිසා දේශපාලන පාසලකින් බලාපොරොත්තුව ඉටුවිමට නම් පවතින අංගවිකල නීතිද ශක්තිමත් වියයුතුය. දේශපාලන හස්තයට නීතියට බලපෑම් කළ නොහැකි තත්ත්වයක්ද පැවතිය යුතුය. නොමැති නම් නිතරම සිදුකර ගන්නේ අපවම රවටා ගැනීමට කියන කතන්දර වගේ මෙන් සිතන්නට පුළුවන. (නි)
බලවේගයක්ද බලුවේගයක්ද යන්න ඉදිරියට බලාගත හැකිවේවි (නි)
සමහරු හිතා ඉන්නේ පක්ෂය එයාලගේ කියලා. ඡන්දයක් තියලා බලන්නකෝ. (නි)