(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව පම්පෝරි ගැසුවත් අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලාංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

කොවීඩ්  වෙනුවෙන් දළ දේශිය නිෂ්පාදනයෙන් වෙන්කර ඇත්තේ  0.8%ක් පමණක් බවත් ඒ අනුව  මෙම වසර දෙක තුළ කොවිඩ් වෙනුවෙන් වියදම් කළ ඇත්තේ රුපියල් බිලියන 170ක් බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව මාලදිවයින 6.7%ක් ,ඉන්දියාව 3.9%ක්. ඇෆ්ගනිස්තානය 2.1%ක්, පකිස්ථාන 2%, බංග්ලාදේශය 1.4% අදී වශයෙන් දළ දේශිය නිෂ්පාදනයෙන් වියදම් කර ඇති බවත්
හෙතෙම පැවසීය.

රට මුහුණ දෙන සෑම ගැටලුවකටම කෝවිඩ් වසංගතය පිටුපස සැඟව ඇති ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.