(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ඇතුළු එහි ප්‍රධානීන්ට අද (21) උපදෙස් දුන්නේය .
මහ බැංකුවේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරන්නැයිද අගමැතිවරයා එම ප්‍රධානීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය.
අගමැතිවරයා මෙම ඉල්ලීම කළේ රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ දී අද (21 )පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.
මහබැංකු අධිපතිවරයා ඇතුළු එහි ප්‍රධානීහු රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් අගමැතිවරයාට මෙහිදී කරුණු පැහැදිලි කළහ .
මේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න ,ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන්වන ටී එම් ජේ වයි ප්‍රනාන්දු,කේ.එම් සිරිවර්ධන ,එම් ඩබ්ලිව් නානායක්කාර ,ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් පිරිසක්ද සහභාගි වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැදුරෙන් බිමට වැටෙන්නේ නෑ වගේ... අමුතුවෙන් වැටෙන්න දෙයක් නෑනේ.
මෙහෙම කියන්න රටේ ඉන්න තුන්වෙනි ධනවතා... මේ වෙලාවේ ඔය පාර්ලිමේන්තු ගිහින් මහා ධනවතුන් වෙලා ඉන්න.. රස්සාවක් නැතුව ගෙදරට වෙලා කෝටිපතියන් වෙලා ඉන්න. අලුතෙන් මත්පැන් නිෂ්පාදනයට අවසර ලබාදුන්නු, නඩු හබ එහෙන් වීසිවෙලා ඉන්න යාලුවන්ගෙන් කෝවිඩ් සටනට සල්ලි ටිකක් ඉල්ලාගන්න බැරිවෙයිද? එක්කෙනෙක් පාරම් බෑවේ " අපට අවශ්‍ය සල්ලි ඕනෑපදන් තියෙනවා. එ්කයි අපි මහාමාර්ග හදන්නේ... ඇවිදින ජිම් හදන්නේ.., සල්ලි නැහැ කියන්නේ වැඩේ කරන්න දන්නේ නැතුව ආතතිය හදාගත්තු අයයි "කියලා...
ණය ලැබුන් නැත්නම් වැටෙයි.
රට වැටුණත් එන්නත් ඇණවුම් කරන්න එපා. ලෙඩා මළත් බඩ සුද්දයි..
චීනාගේ වගකීමක්... ඒක දැන් ඔබතුමාගේ හරිය අවසන්...
වැටෙන්න දීලා තියෙන්නේ. තව කොහේට වැටෙන්නද? ඔයාලා තමයි හොඳටම වැටෙන්න දුන්නේ.. 69 ලක්ෂයට දැන් නම් සැපයි.
රටේ අමුතුවෙන් කියලා වැටෙන්න දෙයක් නැහැ. ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි. තමන්ගේ පවුලේ , හතර වරිගයම ඉන්න උදවියට, දූෂිත දේශපාලුවන්ට නම් අවුලක් නැතුව ඇති...
රට වැටෙන්න නොදී බේරගන්න නේද අගමැතිකම බාරගත්තේ.. ? ඇයි දැන් අපිට කියන්නේ වැටෙන්න නොදී බේරගන්න කියලා? අනේ මන්දා..!!!
අධි වේග මාර්ගයෙනුත් ගාණක් හොයාගත්තා වගේ අවුරුද්ද කාළා... වෙසක් එකෙනුත් ගාණක් කඩාගමු. ඔන්න ඔහේ රට ඇරලා දැම්මා නම් නේද හොඳ?
එදා මාධ්‍ය අහනකොට නම් විරිත්තලා කිව්වේ.. අපි සල්ලි හොයාගන්න හැටි දන්නවා කියලයි. මහ පුටුවට මෙයාලා මොන තරම් පෙරේතයිද?
අනේ සීයේ... නිකන් කට වහගෙන ඉන්නවද? හරියට අපි වැට්ටුවා වගේනේ කතාව...
ආර්ථිකය පට්ට හොඳ හින්දා තමයි ඔලුව හැරෙන හැරෙන පැත්තෙන් ණය ගන්නේ..., ගෙවන්න මේ අය නෑනේ... වගකීම් ඊළඟ පරම්පරාවට බර කරලා මේ අය ළඟදී එලොව යයි.
රට කොහේ වැටෙන්නද? මිනිස්සු තමයි කබලෙන් ලිපට වැටෙන්නේ.. ඔබතුමාලාට කොහොමත් කුට්ටිය ලැබෙයි....
මෙන්න කෙරුම් කාරයා.. රට අමුවෙන් කාපු.., තාමත් කන ... අපේ රටේ කරුමය හා සාපය..
මේ අදහස් බලනකොට මට ආඩම්බරයක් හිතෙනවා. මොකද හොරුන්, තක්කඩින් ගැන මිනිස්සුන්ගේ අවබෝධය වැඩිවෙලා නිසා.. මේ රට උලා කාපු බව මේ රටේ මිනිස්සු දන්නවා. අවුරුදු 72ක් පාලනයේ හැම එකාම කළේ රටට විනාශයක්... හැබැයි මේ කාලේ තමයි අපි දැක්කේ අපේ රටේ සාරධර්ම, පන්සල, නීතිය අමුඅමුවේ විනාශ කළා.
තව වැටෙන්න ඒවා තියෙයිද? ඉතුරු 2-3ත් වැටෙයි ඔහොම යනකොට...