IMG-LOGO

‘කොවිඩ්’ එන්නතට බයේ ඉන්දීය ගැමියෝ ගස් නැගලා

‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමියන් පිරිසක්, ගස්වලට නැග බේරීමට උත්සාහ කළ බවත්, ඇතැමුන් සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු පවා ඇති කරගත් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගස්වලට නැගගත් ගැමියන්ට බිමට බසින්නැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ආයාචනා කරන අයුරු මෙන්ම, ගුටිබැට හුවමාරු සිදුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ දකින්න ලැබී තිබේ.

ගස් නැග බේරීමට උත්සාහ ගත්තේත්, සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු කරගත්තේත්, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බාලියා නමැති පිටිසරබඳ ගම්මානයේ ගැමියන්ය.

‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් මෙම ගැමියන්ට කිසිදු අවබෝධයක් නොමැති බවත්, ඒ ගැන ඔවුන් දැනුවත් කරමින් එන්නත් ලබා දීමට යෑමේ දී තමන් අකරතැබ්බ රැසකට මුහුණ දුන් බවත් සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය, ප්‍රාන්ත මැතිවරණයට සූදානම් වෙන අතර, එන්නත් ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ සිටින සියලු දෙනා එන්නත් කිරීම ප්‍රාන්ත බලධාරීන්ගේ අරමුණ වී තිබේ. එහෙයින්, සෞඛ්‍ය කණ්ඩායම් එන්නත් රැගෙන ගම්වලට ගොස් නිවසින් නිවසට එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.

මේ වනවිට සමස්ත වශයෙන් ඉන්දියානුවන්ගෙන් සියයට 95 පළමු එන්නත ලබා ගෙන ඇත. දෙවැනි එන්නත ලබා ගෙන ඇත්තේ සියයට 65 ක් පමණි. මේ වනවිට ඉන්දියානුවන්ට බූස්ටර් එන්නත ලෙස තෙවැනි එන්නතක් ද ලබා දීම ආරම්භ කර ඇති අතර, පළමුවෙන් එම තෙවැනි එන්නත ලබා දෙන්නේ 60 ට වැඩි වැඩිහිටියන්ට සහ සෞඛ්‍ය අංශ සාමාජිකයන්ටය.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

‘කොවිඩ්’ එන්නතට බයේ ඉන්දීය ගැමියෝ ගස් නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site