(සුජිත් හේවාජුලිගේ)
ඇතැම් කූට ජාවාරම්කරුවන් කොවිඩ් මර්දන එන්නත හොර රහසේ මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
මේ ජාවාරම්කරුවන් පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇතැයිද ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ එන්නත් ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ගෙවීමක් නොකරන ලෙසයි.
තමන්ගේ ප්‍රදේශවල මෙවැනි ජාවාරම් සිදු වන්නේ නම් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීහු ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
එන්නත් තවත් තොග ඉදිරියේදී ලැබීමට නියමිත හෙයින් එන්නත් පිළිබඳව කිසිදු බියක් ජනතාව ඇති කර ගත යුතු නැතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් එන්නත් ජාවාරම්කරුවන් ළඟට යනවා ඇත්තේ ඔහේලා හරහා මිසක් ජනතාව හරහා නොවෙයි.
මෙම පුවත සේ සිදුවී ඇත්නම් අප රටේ මිනිසුන් මොනතරම් තුප්පහි මිනිසුන් කොට්ඨාශයක්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. අප ඒ තරමට පහත් ලෙස හැසිරෙන්නේ කෙසේ හෝ මුදල් උපයමු යන මුග්ධ න්‍යායෙන් බව පැහැදිලියි. අප අදාළ ආරක්ෂක අංශවලින් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවන් අශික්කිතයින් නීතිය ඉදිරියට ගෙනයාමෙන් ඒ අංශවල වටිනා කාලය කාදැමීමක් බැවින් "එම පාපතරයින්ට ඇඩ්‍රස් නැතිවෙන්නම මරා දමන ලෙසයි". එය ඔබලා සමාජයට කරන මහඟු සේවයකි, පිනකි.
අල්ලා එල්ලනු.. නැතිනම් උලතබනු. අවස්ථාවාදීන්...
චේම්බර් ඔෆ් කොමර්ස් එකෙන් ප්‍රසිද්දියේම 5000 ගානේ ඇස්ට්‍රසෙනිකා එකේ දෙවෙනි මාත්‍රාව දෙනවා කියලා තිබුනේ..
ඔය ජාවාරම කරන්නේ දොස්තරලා මිසක් වෙන කවුද?