IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කෝවිඩි ආසාදනය වී සුව වූ මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි

(එච් . චන්දන සහ හිරාන් ප්‍රියන්කර)

සාර්ථක සීසේරියම් සැත්කමකින් පසුව සති 06 කට පෙර කොවිඩ් ආසාධිතව සිට ගැබිණි මතාවක්  තුන් නිවුන් දරුවන් බිහි කල බව පුත්තලම මූලික රෝහල පවසයි.

පිරිමි දරුවන් එක අයකු හා ගැහැණු දරුවන් දෙදනකු බිහිකළ පුත්තලම කිවුල ප්‍රදේශයේ පදිංචි චකිලා මදුවන්තී රාජපක්ෂ නමැති මවකි. 

පුත්තලම මූලික රොහලේ ප්‍රසව හා නාරී විශේඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පි.බි වලිසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම මාතාව ගැබිණි කාලයේ කටයුතු කර ඇති අතර කොවිඩ් රෝගී තත්වය හමුවේද පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රථිකාර හා උපදෙස් ලබා ගෙන තිබේ.

ප්‍රසව හා නාරී විශේඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පි.බි වලිසුන්දර මහතා හා පුත්තල මූලික රොහලේ නිර්වින්ද විශේෂ වෛද්‍ය අයි.පි අලහකොන් , වෛද්‍ය ටයිනී ඇන්තනී, වෛද්‍ය ආර්.එම්. නුසාහා හා ශෛල්‍යාගාර හෙදි සොයුරිය ආර.එම්.පි රත්නායක මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණඩලට මෙම දරුවන් තිදෙනා කිසිදු කරදරයකින් තොරව මෙලොව එලිය ලබා දීමට ශක්තිය ලබා දුන්නේය.

දරුවන් තිදෙනා ඉතා නිරෝගීව පසුවන බවයි වෛද්‍යවරු සදහන් කරති.



අදහස් (7)

කෝවිඩි ආසාදනය වී සුව වූ මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි

Raveendra Wednesday, 01 September 2021 02:18 PM

බාධක කම්කටුලු, කළුවලාවන් අතරේ හිතට සතුටක් උපදවන සුන්දර දසුනක් දරු පැටවුන් දැකීමේදී හිතට ඇතිවිය. මේ මවට ඉක්මන් සුවය හදවතින්ම අප ප්‍රාර්ථනා කරන්නෙමු.දරු පැටවුන් මෙන්ම අම්මාව කිසිදු උපද්‍රවයකින් තොරව රැකබලා ගැනුමට මේ සියලු නිලධාරීන්ට හැකි වේවා .එම නිලධාරීන්ටද යහපතක්ම වේවා...!!!

:       1       30

jayasekaraWednesday, 01 September 2021 03:28 PM

හිතේ කහටක් නැති මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා හරි ප්‍රබලයි. මේ මව ඇතුළු දැයට තිළිණ වූ දුවා දරුවන්ට නිරෝගී සුවය, තෙරුවනේ ආශීර්වාදය පතනවා.

:       0       13

RaveendraWednesday, 01 September 2021 04:17 PM

ඔබට බොහොම ස්තුතියි. ඇත්තෙන්ම දරු පැටවුන් දකිනවිට හිතට ඇතිවන්නේ පහන් හැඟීම් සමුදායකි.. මේ අප සැම ලංකාමාතාවගේ දූදරුවන්ය.

:       0       8

JANAHITHA UAE Wednesday, 01 September 2021 03:42 PM

බාධක කම්කටොලු, කළුවලාවන් අතරේ හිතට සතුටක් උපදවන සුන්දර දසුනක්... නිලධාරීන්ටද යහපතක්ම වේවා...!!!

:       0       7

Chamila Thuduwage Wednesday, 01 September 2021 04:55 PM

තෙරුවන් සරණයි

:       0       7

සජිත් Wednesday, 01 September 2021 06:44 PM

බුදු සරණයි දුවේ පුතේ!!!!

:       0       1

fairoos Wednesday, 01 September 2021 07:50 PM

මවට සහ දරුවන්ට දීර්ඝායුෂ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 245 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 436 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site