
(එච් . චන්දන සහ හිරාන් ප්‍රියන්කර)
සාර්ථක සීසේරියම් සැත්කමකින් පසුව සති 06 කට පෙර කොවිඩ් ආසාධිතව සිට ගැබිණි මතාවක් තුන් නිවුන් දරුවන් බිහි කල බව පුත්තලම මූලික රෝහල පවසයි.
පිරිමි දරුවන් එක අයකු හා ගැහැණු දරුවන් දෙදනකු බිහිකළ පුත්තලම කිවුල ප්‍රදේශයේ පදිංචි චකිලා මදුවන්තී රාජපක්ෂ නමැති මවකි.
පුත්තලම මූලික රොහලේ ප්‍රසව හා නාරී විශේඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පි.බි වලිසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම මාතාව ගැබිණි කාලයේ කටයුතු කර ඇති අතර කොවිඩ් රෝගී තත්වය හමුවේද පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රථිකාර හා උපදෙස් ලබා ගෙන තිබේ.
ප්‍රසව හා නාරී විශේඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පි.බි වලිසුන්දර මහතා හා පුත්තල මූලික රොහලේ නිර්වින්ද විශේෂ වෛද්‍ය අයි.පි අලහකොන් , වෛද්‍ය ටයිනී ඇන්තනී, වෛද්‍ය ආර්.එම්. නුසාහා හා ශෛල්‍යාගාර හෙදි සොයුරිය ආර.එම්.පි රත්නායක මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණඩලට මෙම දරුවන් තිදෙනා කිසිදු කරදරයකින් තොරව මෙලොව එලිය ලබා දීමට ශක්තිය ලබා දුන්නේය.
දරුවන් තිදෙනා ඉතා නිරෝගීව පසුවන බවයි වෛද්‍යවරු සදහන් කරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාධක කම්කටුලු, කළුවලාවන් අතරේ හිතට සතුටක් උපදවන සුන්දර දසුනක් දරු පැටවුන් දැකීමේදී හිතට ඇතිවිය. මේ මවට ඉක්මන් සුවය හදවතින්ම අප ප්‍රාර්ථනා කරන්නෙමු.දරු පැටවුන් මෙන්ම අම්මාව කිසිදු උපද්‍රවයකින් තොරව රැකබලා ගැනුමට මේ සියලු නිලධාරීන්ට හැකි වේවා .එම නිලධාරීන්ටද යහපතක්ම වේවා...!!!
බාධක කම්කටොලු, කළුවලාවන් අතරේ හිතට සතුටක් උපදවන සුන්දර දසුනක්... නිලධාරීන්ටද යහපතක්ම වේවා...!!!
තෙරුවන් සරණයි
බුදු සරණයි දුවේ පුතේ!!!!
මවට සහ දරුවන්ට දීර්ඝායුෂ...